Wednesday, October 7, 2015

විශ්වාසය සහ ආදරණීය හැඟීම්..... Trust and feelings of love



ආදරය යනු තව කෙනෙකු කෙරෙහි තමන්ගේ හිත තුළ ඇතිවන විශේෂ සිතුවිල්ලකි. ඇය හෝ ඔහු කෙරෙහි අප නොදැනුවත්ව අපගේ හිත උනන්දු වේ. පළමුව ඔහු හා කෙසේ හෝ කතා කිරීමට උත්සාහ කරයි. ඒ සඳහා තම සිත තුළ අනුරූප වශයෙන් අදහස්, උදහස් උපකල්පනය කරයි. කෙසේ හෝ තම කැමැත්ත, ආදරය ඇය හෝ ඔහු වෙත ප්‍රකාශ කිරීම අපගේ අවශ්‍යතාව වේ. ඒ සඳහා වුවමනා වන ආධාරක වශයෙන් විවිධ ක්‍රම එකිනෙකා අනුගමනය කරයි. විටක තම අදහස් නොබියව ප්‍රකාශ කරයි.
නැතහොත් තම යහළුවෙකු මගින්, දුරකථන මගින් නැතහොත් ඇය/ඔහු නෙත ගැටේ නම් තමන් ඇය/ඔහු කෙරෙහි උනන්දු බව හැඟවීමෙන් තම හැසිරීම්වලින් තම අදහස්  ප්‍රකාශ කිරීමට වුවද පෙළඹේ. මේ අනුව පුද්ගලයා විවිධ අයුරින් තම ආදරය ප්‍රකාශ කරයි. අනෙක් පුද්ගලයා තුළද ඔහු/ඇය කෙරෙහි ආදරයක්  හැඟීමක් පවතී නම් ආදරය සපළ වේ.  
ඉන්පසු පටන් ගන්නේ ඒ හැඟුම්බර වූ සුන්දර ආදරයයි. ඔවුහු එකිනෙකා සමග තම අදහස් සන්නිවේදනය කර ගනිති. කෝල්, එස්.එම්.එස් මගින් ආදරය මේ අයුරින් ගලා යයි.
මාහට ඇති මෙම ප්‍රශ්නය සමහර විටෙක ඔබටද තිබිය හැකිය. එනම් ආදරය කිරීමේදී ස්ථිර බැඳීමකින් තොරව එනම් විවාහයකින් තොරව අසීමාන්තිකව තම ආශාවන් පිනවීමට, ලිංගිකත්වය කෙරෙහි නැඹුරු වීමට වෙසෙසින්ම කිවතොත් ඇතමුන් තම ආත්මගරුත්වය පවා අමතක කර කටයුතු කරන්නේ මන්ද යන්නය. සමහර විට ගැහැනු ළමයින් තම වටිනාකම පවා හඳුනානොගෙන හැසිරෙන අවස්ථා සමාජය තුළ අපට ඔබට මට දක්නට ලැබේ.
එසේ වනුයේ තම හැඟීම්වල පාලනයක් නොමැති බවද නැතහොත් ඔවුන් අතිෂය එකිනෙකා කෙරෙහි ඇති ආදරය, නැතහොත් ඔවුන් ඒ සඳහා ඇති කාමුක බවද යන්න ප්‍රශ්නයකි. නමුත් අප අපගේ සීමාවන් හඳුනාගැනීම කළ යුතුය. එවිට තම ආත්ම ගරුත්වයද, තම පවිත්‍රතාව වුවද ආරක්ෂා වනු ඇත.
තම ප්‍රේමවන්තයා ඉදිරියේ තමාගේ සීමාව ඉක්මවා තම හැඟීම් පාලනය කර නොගනී නම් සමාජය වුවද වැරැද්ද පවසනුයේ ගැහැනු ළමයාටය. එය ඔවුන්ට නොවැටුණද සත්‍ය සමාජයේ පිළිගැනීම එයයි.
තම හැඟීම් බෙදාගැනීම ඔහු ඔබට සත්‍ය වශයෙන්ම ආදරය නොකරයි නම් අප කොයිතරම් ඔහු ඉදිරියේ නිරුවත් වී අවසානද? ඔහුගේ ආශාවන් ඉෂ්ට කරගැනීමට නම් ඔහු උත්සාහ කරනුයේ ඔබගේ අනුබලය මත ඔහු ඔබව හොඳින් වටහා ගනී. ඉන් ඔහු ඔබේ දුර්වලතාව බවත්, ඔහු උපක්‍රමශීලීව ඔබව රැවටවීම උත්සාහ කරයි.
ඔබ ගැන වුවද හිතනුයේ පහත් අයුරිනි. කෙසේවත් විශ්වාස කළ නොහැකි කාන්තාවන් මෙන්ම පිරිමින්ද එසේය. ඕනෑම කෙනෙකුට වචනවලට ඕන තරම්  ආදරයක් පිරවිය හැකිය. එම වචනවලට පෙරළා ආදරය අප වුවද මහත් භක්තියකින් අප වෙත ළංකර ගනී. එය ඇත්තනම් ඒ ආදරය පිවිතුරු නම් එයයි උතුම් වූ වටිනාකම. නමුත් එය අසත්‍ය වචනම් තමන් ඔහුගේ ගොදුරක් බවට පත්ව ඇත්නම් ඔබ ඔහු ඉදිරියේ තම හැඟීම් පාලනයකින් තොරව ඔහු හා බෙදාගැනී නම් නොදැනුවත්ම ඔබ ඔහුගේ ගොදුරක් බවට පත්වී ඇත. ඔහුගේ සතුට ඔබගේ ශරීරය ස්පර්ශය පමණක් වන අතර ඔබ එක සිතින් ඔහු කෙරෙහි දක්වන ආදරයද ඔහු නොහඳුනන ගාණය. අප ඒ තරමට නොරැවටිය යුතුය. ගැහැනු ළමයෙකු යනු ආත්ම ගරුත්වය රැක නොගනී නම් ඇය කෙරෙන් රක්ෂා කරන්නා වූ දෙවියන් වුවද අද අමතක කර අවලංගු කාසියක් බවට පත්කරනු ඇත. එවැනි අවංලගු වූ කාසි කාන්තාවන් බොහෝමයක් අද වනවිට මෙම සමාජය තුළ ජීවත්වේ. එයට වැරුද්ද ආදරය කිරීම නොව විශ්වාස කිරීමයි.
විශ්වාසය යනු ඇත්තටම මහාම බොරුවක් බව මගේ විශ්වාසයයි. සමහර විට අප තව කෙනෙකු එක මොහොතකින් විශ්වාස කරන වගේ දෙයක් නම්,
“මම ඔයාට හුඟක් ආදරෙයි, මට ආසයි ඔයා  ළඟ ඔයාට හුස්ම වැටෙන තරම් ළංවෙලා  ඔයා ළඟට  වෙලා ඉන්න”
ඇත්තටම මෙසේ කියයි. මේ ආකායරට ප්‍රකාශ කරයි. එය විශ්වාස කොට තම ජීවිතය අද පිළුණු බත් පතක් බවට පත් කරගන්න ජීවිතය විඳවන දහසක් දෙනා ඇත. එසේ වූයේද විශ්වාසය මතය. පිරිමින්ට ගැහැනුන් යනු අවශ්‍යතාවන්ට වුවමනා සපුරන්නියන්ද? එසේ වීමට ඉඩ නොදිය යුතුය. මෙය හැමෝටම පොදු නැත. ප්‍රේමය යන සැලමුතු ප්‍රේමයෙන් ආදරය කරන්නවුන් මෙය අයිති නැත.

ලිව්වේ - සෙහානි

ප/ලි - ආගන්තුක ලියන්නියකි. දොස් තිබේ නම් පෙන්වා දෙන්න...

19 comments:

  1. කාලීනයි...

    ආදරේ නාමයෙන්
    නුඹව විශ්වාස කර
    නුඹ සමග නිදි වැදුණු
    අනුරාධ මම නුඹේ රාධිකා

    නිරුවත්ව කාමරේ
    මගේ මුළු ජීවිතය
    නුඹේ අත තියද්දී
    මොන නරුම හිතකින්ද
    හංගලා කැමරාව
    වීඩියෝ කෙරුවෙ නුඹ

    සීතලේ පොළව යට
    අද තනිව නිදන්නෙමි
    අතීතය ගැන සිතා
    තවම පසුතැවෙන්නෙමි
    දිරාගිය ඇස්වලින්
    කඳුළු උගුලුවන්නෙමි....


    මෙවැනි අදහසකින් මා ලියූ පැදි පෙළකි. http://warnakulakaya.blogspot.com/2015/08/blog-post_20.html

    ජයවේවා අසෙනිවැසි!

    ReplyDelete
    Replies
    1. නියමයි වර්ණ කුලකය. බොහෛා්ම ස්තුතියි. ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න මේ පැත්තට ඇවිත් යන්න.
      ජයවෛ්වා...!

      Delete
  2. සෙහානි හොඳට ලියනවනේ.......එයාටයි ඔයාටයි දෙන්නටම ජයවේවා කිව්වා......

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි බණ්ඩා. ආයෙත් අසෙනි වැසි පැත්තේ ඇවිත් යන්න එන්න.
      ජයවේවා....!

      Delete
  3. ආදරේ ...???
    ජීවිත කාලෙටම...???
    විහිළුවක් තනිකරම

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රත්නායක.
      ජයවේවා.....!

      Delete
    2. අන්න නියම නම රත්නායක................

      Delete
  4. ආදරේ ...???
    ජීවිත කාලෙටම...???
    විහිළුවක් තනිකරම

    ReplyDelete
    Replies
    1. ආදරයේ උතුම් වූ පිවිතුරු බව නොදන්නා අප සමාජයේ තරුණ පිරිස් විසින්මයි එය විහිළුවක් බවට පත් කරගෙන තියෙන්නෙ. අද තරුණ්‍යය බොහෝ විට ආදරය කරනවාට වඩා විදවනවා.
      ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න ඇවිත් යන්න.
      ජයවේවේවා...!

      Delete
  5. ලිවීම හොදයි.............

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කුරුටු ගී පවුර
      ජයවේවා...!

      Delete
  6. රන් සමනලයෝ පුංචි කැකුලියෝ

    දේදුන්නේ නැගිලා...

    මිදුම් සලුවේ තුරු මල් උයනේ

    කොයි යන්නේ පියබා...



    පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ

    මොලකැටි බාල වියේ ඒ හුරතල් නොදැනේ

    මව් දෑතින් මිදුනාදෝ යෞවනයේ මත් වෙදෝ



    ලද මන මාල හිතේ අදරයේ සුවදේ

    තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ

    මල් යහනා පැතුවාදෝ එ යහනා හමු වීදෝ...



    පුන්චි පුන්චිවට එකතු කරගත්ත ආදර හීන ටික එකින් එක සිත්තම් කරන්න ඔයයි මායි මුමුනපුවා තාමත් මතකයි... අගන්තුක උනු මා කිවේ නුබෙ මල් යහනින් රොන් අරන් බබරුන් යාවි... එවිට පරවුනු මල නුබ වෙවී... යලි පිපෙන්න නුබට බැරි වෙවී..

    මවකට දරුවෝ නැත්නම් කිරි එරේවිද එ වගේ අදරයට විස්වාසය නැත්නම් ගිම්හනයට වැසි වස්සන්න පුලුවන් වෙයිද, මේ හැම දේකටම අදරය කරන්න කලින් තම පෙම්වතා හෝ පෙම්වතිය ගැන තෙරුම් ගන්න ඔනී මොන වගේ කෙනෙක්ද කියලා එක අපිට කරන්න පුලුවන්.. අවන්ක  ආදරය කරන කෙනා හදුනා ගන්න පුලුවන්... හීන ගොඩක පටලවලා  මතකය විතරක් ඉතිරි කරලා යන අයට මුලා වෙලා විවාහයට පෙර පිපුනු මලක් වෙන්න එපා... ලස්සන අදරයට අත තියන්න හැමෝම බොරු කරන්නෙ නෑ...

    ඔයාගේ ලිපිය ලස්සනයි.. ඇත්ත නුබ කියපුවා... වෙනස් කරමු ආදර ලෝකය.....



    ආත්ම ගනනේ ඔබේ පය පා මුල

    මගේ කදුලින් සෙදෙන්න ඇති

    එදත් මගේ දුක් අයාචනයට

    අද මෙන් නුබ හිනහෙන්න ඇතී....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අද සමාජයේ තරුණ්‍යය ආදරය ගැන හිතන විදිය අපි වෙනස් කරන්න ඕන.
      බොහෝම ස්තුතියි ජීවන්ත.
      ජයවේවා....!

      Delete
  7. අද කාලෙට ගැළපෙනවා...... නියමයි අසෙනි........... ලස්සනට ගළපලා ලියලා තියෙනවා..........

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අවංක ආර්යයන්.අසෙනි වැස්සේ තෙමෙන්න ආයෙත් මේ පැත්තට ඇවිත් යන්න.
      ජයවේවා...!

      Delete
  8. lassanai shehani akka
    good luck
    digatama post danna
    jaya weva

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මිහිර කාවින්ද. දිගටම අසෙනිත් එක්ක එන්න.
      ජයවේවා...!

      Delete
  9. ලස්සනයි මගේ සෙහානි අක්කේ........

    ReplyDelete
  10. බෙහෝම ස්තුතියි නංගී.
    ජයවේවා...!

    ReplyDelete

වැටුණු වැහි බිඳු

Popular Posts