Thursday, October 22, 2015

ගොඩක් ආදරේ කළාද මට සඳ සාවී....




පෙම් හදවත හොරා ගත්ත සුරංගනාවි
හීන එක්ක රණ්ඩු කරන සුරූපිකාවී
ඔබ ඇත්තම කියනවාද
ගොඩක් ආදරේ කළාද
මට සඳ සාවී

සුපෙම් ගීත සිය ගාණක්
එක හුස්මට ලියා එවන්නම්
ගීපද මට ඇහෙන්න
නුඹ ගයනව නම්

සුපෙම් හීන ඇති තරමක්
එක රැයකින් ගෙන එන්නම්
හැම හීනෙම මගේ ළඟින්
ඔබ ඉන්නව නම්
 ලක්ෂාන්

10 comments:

  1. කොහොමද තනු නිර්මාණයක් කරලා සිංදුවක් හැදුවොත් මේ ලස්සන පද පේලි ටිකෙන්....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොඳයි මනෝ. අපි කරමු.
      බොහෝම ස්තුතියි.
      ජයවේවා...!

      Delete
  2. සද සාවි අහන් ඉදියි
    ඒ තරං ගති...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.
      බොහෝම ස්තුතියි මහේෂ්.
      ජයවේවා...!

      Delete
  3. මේකනං පට්ට.......... සිංදුවක් කරන්න...........

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අවංක ආර්යන්.
      ජයවේවා...!

      Delete
  4. ගීතයකට උචිත පදපේළියක් අසෙනි මල්ලි...
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. එහෙමද වර්ණ.
      බොහෝම ස්තුතියි.
      ජයවේවා...!

      Delete
  5. Replies
    1. බොහෝම ස්තුතියි ය‍ශෝධා.
      ජයවේවා....!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts