කුමුදු යුවළක් සඳ දියේ
කිමිද මතුවෙයි
යළිත් කිමිදෙයි
කුමුදු යුවළක් සඳ දියේ
හාදු පෙති මත තියන්නේ නෑ
බැදුණු අත්වැල ලිහන්නෙත් නෑ
ආදරේ දැයි සිතා ගන්නට බෑ
ආදරේ....
නෑ කියන්නත් බෑ
කැකුළු තරු ඉඟි කරන්නෙත් නෑ
සඳවතිය තතු කියන්නෙත් නෑ
ආදරේ දැයි සිතා ගන්නට බෑ
ආදරේ....
නෑ කියන්නත් බෑ
ලක්ෂාන්
//ආදරේ....
ReplyDeleteනෑ කියන්නත් බෑ// පොදු සත්‍යය ඕක තමයි..:)
එක ඇත්ත තමයි,
Deleteආදරේ දැයි සිතා ගන්නට බෑ
ආදරේ....
නෑ කියන්නත් බෑ
බොහොම ස්තුතියි තනි තරුව. ආයේ මේ පැත්තට ඇවිත් යන්න.
ජයවේවා...!
:) ඔව්... ආදරේද කියලා හිතා ගන්නට බෑ තමයි ....
ReplyDeleteආදරේ නෑ කියන්නත් බෑ.
Deleteබොහෝම ස්තුතියි තුශානි. ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න මේ පැත්තට ඇවිත් යන්න.
ජයවේවා..!
ලස්සනයි එකෙන්ම
ReplyDeleteගීතයකට වඩාත් උචිතයි
මේ කාලෙ ඇහෙන ඔයාමෙයා ගීතවලට වඩා මේ වගේ පද රචනාවක් ගීතයකින් එළිදැක්වෙනව නම් කදිමයි....
ජයවේ අසෙනි
දිගටම ලියපන්
අපිත් දිගටම ලියනවා
බොහෝ ස්තුතිය වර්ණ.
Deleteඅපිත් ලියනවා ඔයත් දිගටම ලියන්න.
ජයවේවා....!