ආදරය යනු තව කෙනෙකු කෙරෙහි තමන්ගේ හිත තුළ ඇතිවන විශේෂ සිතුවිල්ලකි.
ඇය හෝ ඔහු කෙරෙහි අප නොදැනුවත්ව අපගේ හිත උනන්දු වේ. පළමුව ඔහු හා කෙසේ හෝ කතා
කිරීමට උත්සාහ කරයි. ඒ සඳහා තම සිත තුළ අනුරූප වශයෙන් අදහස්, උදහස් උපකල්පනය කරයි.
කෙසේ හෝ තම කැමැත්ත, ආදරය ඇය හෝ ඔහු වෙත ප්‍රකාශ කිරීම අපගේ අවශ්‍යතාව වේ. ඒ සඳහා
වුවමනා වන ආධාරක වශයෙන් විවිධ ක්‍රම එකිනෙකා අනුගමනය කරයි. විටක තම අදහස් නොබියව
ප්‍රකාශ කරයි.
ඉන්පසු පටන් ගන්නේ ඒ හැඟුම්බර වූ සුන්දර ආදරයයි. ඔවුහු එකිනෙකා සමග තම
අදහස් සන්නිවේදනය කර ගනිති. කෝල්, එස්.එම්.එස් මගින් ආදරය මේ අයුරින් ගලා යයි.
මාහට ඇති මෙම ප්රශ්නය සමහර විටෙක ඔබටද තිබිය හැකිය. එනම් ආදරය
කිරීමේදී ස්ථිර බැඳීමකින් තොරව එනම් විවාහයකින් තොරව අසීමාන්තිකව තම ආශාවන් පිනවීමට,
ලිංගිකත්වය කෙරෙහි නැඹුරු වීමට වෙසෙසින්ම කිවතොත් ඇතමුන් තම ආත්මගරුත්වය පවා අමතක
කර කටයුතු කරන්නේ මන්ද යන්නය. සමහර විට ගැහැනු ළමයින් තම වටිනාකම පවා හඳුනානොගෙන
හැසිරෙන අවස්ථා සමාජය තුළ අපට ඔබට මට දක්නට ලැබේ.
එසේ වනුයේ තම හැඟීම්වල පාලනයක් නොමැති බවද නැතහොත් ඔවුන් අතිෂය
එකිනෙකා කෙරෙහි ඇති ආදරය, නැතහොත් ඔවුන් ඒ සඳහා ඇති කාමුක බවද යන්න ප්රශ්නයකි.
නමුත් අප අපගේ සීමාවන් හඳුනාගැනීම කළ යුතුය. එවිට තම ආත්ම ගරුත්වයද, තම පවිත්‍රතාව
වුවද ආරක්ෂා වනු ඇත.
තම ප්‍රේමවන්තයා ඉදිරියේ තමාගේ සීමාව ඉක්මවා තම හැඟීම් පාලනය කර නොගනී
නම් සමාජය වුවද වැරැද්ද පවසනුයේ ගැහැනු ළමයාටය. එය ඔවුන්ට නොවැටුණද සත්‍ය සමාජයේ
පිළිගැනීම එයයි.
තම හැඟීම් බෙදාගැනීම ඔහු ඔබට සත්‍ය වශයෙන්ම ආදරය නොකරයි නම් අප
කොයිතරම් ඔහු ඉදිරියේ නිරුවත් වී අවසානද? ඔහුගේ ආශාවන් ඉෂ්ට කරගැනීමට නම් ඔහු
උත්සාහ කරනුයේ ඔබගේ අනුබලය මත ඔහු ඔබව හොඳින් වටහා ගනී. ඉන් ඔහු ඔබේ දුර්වලතාව
බවත්, ඔහු උපක්රමශීලීව ඔබව රැවටවීම උත්සාහ කරයි.
විශ්වාසය යනු ඇත්තටම මහාම බොරුවක් බව මගේ විශ්වාසයයි. සමහර විට අප තව
කෙනෙකු එක මොහොතකින් විශ්වාස කරන වගේ දෙයක් නම්,
ඇත්තටම මෙසේ කියයි. මේ ආකායරට ප්‍රකාශ කරයි. එය විශ්වාස කොට තම ජීවිතය
අද පිළුණු බත් පතක් බවට පත් කරගන්න ජීවිතය විඳවන දහසක් දෙනා ඇත. එසේ වූයේද
විශ්වාසය මතය. පිරිමින්ට ගැහැනුන් යනු අවශ්‍යතාවන්ට වුවමනා සපුරන්නියන්ද? එසේ වීමට
ඉඩ නොදිය යුතුය. මෙය හැමෝටම පොදු නැත. ප්‍රේමය යන සැලමුතු ප්‍රේමයෙන් ආදරය
කරන්නවුන් මෙය අයිති නැත.
ලිව්වේ - සෙහානි
ප/ලි - ආගන්තුක ලියන්නියකි. දොස් තිබේ නම් පෙන්වා දෙන්න...
කාලීනයි...
ReplyDeleteආදරේ නාමයෙන්
නුඹව විශ්වාස කර
නුඹ සමග නිදි වැදුණු
අනුරාධ මම නුඹේ රාධිකා
නිරුවත්ව කාමරේ
මගේ මුළු ජීවිතය
නුඹේ අත තියද්දී
මොන නරුම හිතකින්ද
හංගලා කැමරාව
වීඩියෝ කෙරුවෙ නුඹ
සීතලේ පොළව යට
අද තනිව නිදන්නෙමි
අතීතය ගැන සිතා
තවම පසුතැවෙන්නෙමි
දිරාගිය ඇස්වලින්
කඳුළු උගුලුවන්නෙමි....
මෙවැනි අදහසකින් මා ලියූ පැදි පෙළකි. http://warnakulakaya.blogspot.com/2015/08/blog-post_20.html
ජයවේවා අසෙනිවැසි!
නියමයි වර්ණ කුලකය. බොහෛා්ම ස්තුතියි. ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න මේ පැත්තට ඇවිත් යන්න.
Deleteජයවෛ්වා...!
සෙහානි හොඳට ලියනවනේ.......එයාටයි ඔයාටයි දෙන්නටම ජයවේවා කිව්වා......
ReplyDeleteබොහෝම ස්තුතියි බණ්ඩා. ආයෙත් අසෙනි වැසි පැත්තේ ඇවිත් යන්න එන්න.
Deleteජයවේවා....!
ආදරේ ...???
ReplyDeleteජීවිත කාලෙටම...???
විහිළුවක් තනිකරම
බොහෝම ස්තුතියි රත්නායක.
Deleteජයවේවා.....!
අන්න නියම නම රත්නායක................
Deleteආදරේ ...???
ReplyDeleteජීවිත කාලෙටම...???
විහිළුවක් තනිකරම
ආදරයේ උතුම් වූ පිවිතුරු බව නොදන්නා අප සමාජයේ තරුණ පිරිස් විසින්මයි එය විහිළුවක් බවට පත් කරගෙන තියෙන්නෙ. අද තරුණ්‍යය බොහෝ විට ආදරය කරනවාට වඩා විදවනවා.
Deleteආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න ඇවිත් යන්න.
ජයවේවේවා...!
ලිවීම හොදයි.............
ReplyDeleteබොහෝම ස්තුතියි කුරුටු ගී පවුර
Deleteජයවේවා...!
රන් සමනලයෝ පුංචි කැකුලියෝ
ReplyDeleteදේදුන්නේ නැගිලා...
මිදුම් සලුවේ තුරු මල් උයනේ
කොයි යන්නේ පියබා...
පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ
මොලකැටි බාල වියේ ඒ හුරතල් නොදැනේ
මව් දෑතින් මිදුනාදෝ යෞවනයේ මත් වෙදෝ
ලද මන මාල හිතේ අදරයේ සුවදේ
තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ එ යහනා හමු වීදෝ...
පුන්චි පුන්චිවට එකතු කරගත්ත ආදර හීන ටික එකින් එක සිත්තම් කරන්න ඔයයි මායි මුමුනපුවා තාමත් මතකයි... අගන්තුක උනු මා කිවේ නුබෙ මල් යහනින් රොන් අරන් බබරුන් යාවි... එවිට පරවුනු මල නුබ වෙවී... යලි පිපෙන්න නුබට බැරි වෙවී..
මවකට දරුවෝ නැත්නම් කිරි එරේවිද එ වගේ අදරයට විස්වාසය නැත්නම් ගිම්හනයට වැසි වස්සන්න පුලුවන් වෙයිද, මේ හැම දේකටම අදරය කරන්න කලින් තම පෙම්වතා හෝ පෙම්වතිය ගැන තෙරුම් ගන්න ඔනී මොන වගේ කෙනෙක්ද කියලා එක අපිට කරන්න පුලුවන්.. අවන්ක ආදරය කරන කෙනා හදුනා ගන්න පුලුවන්... හීන ගොඩක පටලවලා මතකය විතරක් ඉතිරි කරලා යන අයට මුලා වෙලා විවාහයට පෙර පිපුනු මලක් වෙන්න එපා... ලස්සන අදරයට අත තියන්න හැමෝම බොරු කරන්නෙ නෑ...
ඔයාගේ ලිපිය ලස්සනයි.. ඇත්ත නුබ කියපුවා... වෙනස් කරමු ආදර ලෝකය.....
ආත්ම ගනනේ ඔබේ පය පා මුල
මගේ කදුලින් සෙදෙන්න ඇති
එදත් මගේ දුක් අයාචනයට
අද මෙන් නුබ හිනහෙන්න ඇතී....
අනිවාර්යෙන්ම අද සමාජයේ තරුණ්‍යය ආදරය ගැන හිතන විදිය අපි වෙනස් කරන්න ඕන.
Deleteබොහෝම ස්තුතියි ජීවන්ත.
ජයවේවා....!
අද කාලෙට ගැළපෙනවා...... නියමයි අසෙනි........... ලස්සනට ගළපලා ලියලා තියෙනවා..........
ReplyDeleteබොහෝම ස්තුතියි අවංක ආර්යයන්.අසෙනි වැස්සේ තෙමෙන්න ආයෙත් මේ පැත්තට ඇවිත් යන්න.
Deleteජයවේවා...!
lassanai shehani akka
ReplyDeletegood luck
digatama post danna
jaya weva
බොහෝම ස්තුතියි මිහිර කාවින්ද. දිගටම අසෙනිත් එක්ක එන්න.
Deleteජයවේවා...!
ලස්සනයි මගේ සෙහානි අක්කේ........
ReplyDeleteබෙහෝම ස්තුතියි නංගී.
ReplyDeleteජයවේවා...!