Thursday, January 28, 2016

නොදුටු දිනෙක ඔබේ නෙතු ගැටුණා....

නොදුටු දිනෙක ඔබේ නෙතු ගැටුණා
මගේ නෙතු නොදැනීම ඔබේ වෙත සැලුණා
සොඳුරු සිනාවක් ඈ මා වෙත පෑවා
රසහැඟුම් පෙළක් මාසිත රැදුණා

දින සති කල් ගත වූවා
ඈ හා මා ආලෙන් බැදුණා
පෙම් ගවුවක අපි කිමිදුණා
රසහැඟුම් පෙළක් මාසිත රැදුණා

දෙහාසක් සුබ පැතුම් අතරේ
ඈ මගේ කුල කුමරිය වුවා
ගෙවුණු ඒ සුන්දර රාත්‍රිය
රසහැඟුම් පෙළක් මාසිත රැදුණ
ලක්ෂාන්

Thursday, January 21, 2016

හදවතේ මුල්තැන ඔයාටයි....


ඈත ඉගිලී ගියත් නොපෙනී
ආදරේ තවමත් ඔයාටයි
කඳුළු ගිලිහී ගියත් නෙතගින්
හදවතේ මුල්තැන ඔයාටයි

මතකයෙන් එක පුංචි අහුරක්
ඇති මගේ ලොව සරසවන්න
පැරණි ලිපියක පැදි පෙළක් ඇති
ඔයා එනතුරු මග බලන්න

තරහවට කළ පුංචි වරදක්
මදි මගේ මේ හිත බිඳින්න
මලක් නොව නුඹ මල් ගසකි මට
ඉගිලුණා ඇති ඉතින් එන්න
ලක්ෂාන්

Monday, January 18, 2016

හිටිගමන් වෙන්වෙලා ඉගිලුණේ ඇයි ඔයා.....



ගලා යයි වේදනා
හිත් ගඟේ දියවෙලා
කඳුළු මල් ගිලිහිලා
යයි ඔහේ පාවෙලා

ආදරෙන් මා ළඟින්
හැමදාම ඉන්නවා කියා
හිටිගමන් වෙන්වෙලා
ඉගිලුණේ ඇයි ඔයා
  
තුන් හිතකවත් තිබුණෙ නෑ
නුඹ අහිමි වෙයි කියා
නිකමටවත් දැනුණෙ නෑ
වෙන කෙනෙකුගේ කියා
ලක්ෂාන්

Wednesday, January 13, 2016

අනෝරා වැහි වැටෙන මේ යාමේ....




වැසි වැටී පොළවට
තෙත බරිත වන්නා මෙන්
මට ඔබේ ආදරය අද
කඳුළු වර්ෂාවක් වුණි
අනෝරා වැහි වැටෙන මේ යාමේ....

නෙතු පියන් කඳුලින් බරිත වී
හිත පතුළින් සුසුම් හෙලමින්
මගේ නෙත අහක බැලූ
ඔබේ ඔය නිල්වන් නෙතු
අනෝරා වැහි වැටෙන මේ යාමේ....

සිහිවෙන හැම මොහොතේ
ගුලි සුසුමන් හෙළන්නට
මාසිත වද දෙන්නේ ඇයිදැයි
අදටත් මම නොදනිමී
අනෝරා වැහි වැටෙන මේ යාමේ....
 ලක්ෂාන්

වැටුණු වැහි බිඳු

Popular Posts