Monday, October 5, 2015

ඔබ සමරන සතුට නිවැරදිද?


තරුණ්‍යය ජීවිතයේ වැදගත්ම කාලපරාසයයි. එනම්, ඔබ මේ ගතකරන කාලය තුළ සතුට වෙනුවෙන් විවිධ දෑ සිදුකිරීමට පෙළඹී තිබේ. නමුත් ඔබ ජීවිතයේ සතුට සොයන්නේ නිවැරදි මාවතකද යන්න ගැටලුවකි. අද සමාජයේ තරුණ පිරිස් සිතට සතුටක් දැනුණු විට හෝ ඕනෑම දෙයක් සැමරීමට තම හිතමිත්‍රයන් සමග මත්වතුර, මත්ද්‍රව්‍ය පානය හා විවිධ දුරාචාර කටයුතුවල යෙදෙති. එයින් ඔබේ සිතට සතුටක් ලැබේද? යන්න ප්‍රශ්නයක් මතුවෙයි. තරුණ පිරිස් අතර නිරන්තරයෙන් දකින දෙයක් නම් සතුට වෙනුවෙන් විවිධ අපචාරවල යෙදීමයි. ඇත්තටම එතුළින් ලැබෙන සතුට තාවකාලික බව අවබෝධ කර ගත යුතුයි. ඔබ මොහොතකට තමන්ගේ හදවතින් විමසා බලන්න ඒ සතුට පවතින්නේ කෙටි කලකට පමණක් නොවේද කියා. ඉන් වැළකී මානසික සතුට සදාකාලික බව අවබෝධ කරගනිමින් ඒ ගැන සිතා, ඒ වෙනුවෙන් තම ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ කරන්න.
තරුණ්‍යය වයසේ සිටින ඔවුන් සතුට යන දේ හරියාකාරව තේරුම් ගෙන නොමැත. සතුට යනු ස්වයංවින්දනයක් ලබාගත නොහැකි දෙයක් බව වටහා ගතයුතුයි. එම නිසා අයහපත් ක්‍රියාවලින් වැළකී, යහපත් හොඳ දේ කිරීමට තරුණ ඔබ උත්සාහ ගන්න.
වත්පොහොසත් නොමැති අය සිතන්නේ ධනවත් අය නම් ඉතා සතුටින් ඇතැයි කියාය. නමුත් රජ මැදුරට වඩා දුප්පත් පැල්පතේ නියම මානසික සතුට ඇති බව ඔබ දන්නවාද? සිතෙහි සතුට පවත්වා ගැනීමට නම් සමාජය තුළ අප නිවැරදි දෙය නිවැරදි ආකාරයෙන් කළ යුතුය. ඒ තුළින් නියම සතුට අප හට ළඟා කරගත හැකිය.
ලිව්වේ - ලක්ෂාන්

6 comments:

  1. තාරුණ්‍යය වල්මත් වී ඇති සෙයක්ද?
    කදිම ලිපිය
    ජය!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම. බොහෝම ස්තුතියි වර්ණ කුලකය.
      ජයවේවා....!

      Delete
  2. පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ
    බං
    තාරුණ්‍යය නේහ්.. පහුගිය දවස් වල තාරුණ්‍ය ගැන අනේක කයි කතන්දර තිබ්බ දැක්කෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං පැල්පතේ තියෙන සතුට, මානසික සුවය රජ මැඳුරක නෑ.ඒ වගේම අද අප සමාජයේ තරුණ්‍යය හිතමිත්‍රයන් සමග සතුට සොයා ගෙන යන මාවත තමයි වැරැදි. ඒ තුළින් ඔවුන් සැබෑම සතුටක් ලබනවාද යන්න පිළිබඳවයි ප්‍රශ්නයක් මතු වෙනවා. මෙවැනි දේවල් සිදුවීමටත් ප්‍රධාන හේතුවත් එයයි.

      බොහෝම ස්තුතියි මහේෂ් රත්නායක ඔබේ ප්‍රතිචාරයට ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න මේ පැත්තට ඇවිත් යන්න.
      ජයවේවා....!

      Delete
  3. සිතෙහි සතුට පවත්වා ගැනීමට නම් සමාජය තුළ අප නිවැරදි දෙය නිවැරදි ආකාරයෙන් කළ යුතුය. ඒ තුළින් නියම සතුට අප හට ළඟා කරගත හැකිය

    සහතික ඇත්ත..... නියම ලිපියක්..... සුටි උනාට ගන්න දේ ගොඩයි.

    ReplyDelete
    Replies
    1. තරුණ පිරිස් අනිවාර්යෙන්ම සතුටෙන් ජීවිතය ගත කළ යුතුයි. නමුත් ඔවුන් වල්මත්වුවන් මෙන් සතුට වීමට යොදා ගන්නා ක්‍රමවේදයන් තමයි වැරැදි එහෙයින් ඔවුන් ලැබෙන්නෙ තාවකාලික සතුටක් පමණි. එය අප තරුණ්යනය වටහා ගත යුතුයි.

      බොහෝම ස්තුතියි අවංක ආර්යන් ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න මේ පැත්තට ඇවිත් යන්න.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts