නොදුටු දිනෙක ඔබේ නෙතු ගැටුණා
මගේ නෙතු නොදැනීම ඔබේ වෙත සැලුණා
සොඳුරු සිනාවක් ඈ මා වෙත පෑවා
රසහැඟුම් පෙළක් මාසිත රැදුණා
දින සති කල් ගත වූවා
ඈ හා මා ආලෙන් බැදුණා
පෙම් ගවුවක අපි කිමිදුණා
රසහැඟුම් පෙළක් මාසිත රැදුණා
දෙහාසක් සුබ පැතුම් අතරේ
ඈ මගේ කුල කුමරිය වුවා
ගෙවුණු ඒ සුන්දර රාත්රිය
රසහැඟුම් පෙළක් මාසිත රැදුණ
ලක්ෂාන්
කොටින්ම කතාව කිව්ව නං අහවරයි.. හැක්. ජය
ReplyDeleteබොහෝම ස්තුතියි දේශක යා.....
Deleteජයවේවා....!
අන්තිම සෙට් ඒකේ පළවෙනි පේලියේ පළවෙනි වචනය..... ටිකක් බලන්න.....
ReplyDeleteලියැවිල්ල අගෙයි
බොහෝම ස්තුතියි කුරු ගෑ ගී.
Deleteජයවේවා...!
ලස්සනයි තමයි
ReplyDeleteඅපූර්ව රසයක් නං නැති තරං
ඇත්ත ද?
Deleteබොහෝම ස්තුතියි මහේෂ්.
ජයවේවා...!
ලස්සනයි.
ReplyDeleteබොහෝම ස්තුතියි දිනේෂ්.
Deleteජයවේවා...!
එලිපිටම ඔක්කොම කියල දැම්ම වගේ නේද? ජයවේවා..
ReplyDeleteබොහෝම ස්තුතියි සජ්ජගේ.
Deleteජයවේවා...!
ලස්සනයි
ReplyDeleteඔබේ අඩවි ටික අපේ සිංඩියට දාගන්නෝ අවුලක් නෑනේ.