මැටි ගෙපැලේ සිට රජ මැදුරට යන
පාර තනන්නට
අවදි වෙමු
මුළු ලොව නිදි
ගත් මේ හිමිදිරියේ
නගේ මලේ අපි අවදි
වෙමු
අප්පච්චිට
හැමදා වී කුරහන්
දෙවියෝ දේවිද
කවුරුද දන්නේ
එහෙව් දවසකදි
සුසුම් හෙලන්නට
ඉඩනොතබා අද
අවදි වෙයන්නේ
රසහොදි මන්තර
හැමදා අම්මට
මතක තියේවිද
කවුරුද දන්නේ
එහෙව් දවසකදි
කඳුළු සලන්නට
ඉඩනොතබා අද
අවදි වෙයන්නේ
ලක්ෂාන්
මේක නම් ගති...
ReplyDeleteමල්ලිගෙ කවි හැකියාව එන්න එන්නම ඔප් නැංවෙනවා.. ඔහොම යං
බොහෝම ස්තුතියි වර්ණ.
Deleteජයවේවා....!
ලස්සනයි ලක්ෂාන් අයියේ... ඔයා ලස්සනට ලියනවා
ReplyDeleteබොහෝම ස්තුතියි යශෝධා.
Deleteජයවේවා...!
සිරාවටම ගති. ජීවිතේ වෙනසක් වෙන්නනම් හදවතින්ම අවදි වෙන්න ඕන.
ReplyDeleteඒක ඇත්ත දිනේෂ්.
Deleteබොහෝම ස්තුතියි. ආයෙත් මේ පැත්තට ඇවිත් යන්න එන්න.
ජයවේවා...!
අැත්තට ම ලස්සනයි ලක්ෂාන්
ReplyDeleteබොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර.
Deleteජයවේවා...!
අපූරු කවි පෙලක්.
ReplyDeleteබොහෝම ස්තුතියි මනෝ මන්දිර.
Deleteජයවේවා...!
ගීතයකට වුණත් ගැලපෙනවා.. සුන්දරයි.
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteජයවේවා...!
හොඳ කවි පෙළක්.
ReplyDeleteබොහෝම ස්තුතියි අජිත්. ආයෙත් මේ පැත්තට ගොඩ වෙලා යන්න එන්න.
Deleteජයවේවා......1