Friday, November 27, 2015

යනෙන පෙම් සිත් සොරා ගත්තී....




සුදු මලක් ඇත කටු රැසක් මැද
ප්‍රේම උයනට මදක් නුදුරින්
සුවඳ විහිදන දිලී විකසිත වී....

යනෙන පෙම් සිත් සොරා ගත්තී
ඈ සොබමන් රුවැත්තී
හීන අතුරා ගෙපිල මත
විකුණනා වෙන්දේසියේ....

අඳුරු හිරුරැස් කඳුළු දෙද්දී
ඈ පියමන් කරන්නී
හෙටක් රඳවා දෑස් මත
සැඟවෙනා මන්දාරමේ....

ලක්ෂාන්


Tuesday, November 24, 2015

අපරාධ නැති කළ යුත්තේ ඇතුළතිනි



වත්මන් සමාජය තුළ අද වනවිට වංචා, දූෂණ, අපචාර, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ යනාදී අපරාධ රැසක් අසන්නට ලැබේ. එහිදී මෙම අපරාධ ස්ත්‍රී පුරුෂ භේදයකින්, වයස් සීමාවකින් තොරව සිදුකරනු ලබයි.
එදිනෙදා පුද්ගලයා තුළ ජීවත්වීමේදී  අරගලයට මුහුණදීමට නොහැකිව ඔවුහු මංකොල්ලකෑම්, මුදලට මිනිසුන් මැරීම පවා සිදුකරති. මෙයට ප්‍රධානතම හේතුව ලෙස රට තුළ ආර්ථිකයෙහි ඇති දුර්වලතාව ප්‍රමුඛ වේ. එහිදී සෑම පුද්ගලයෙකුටම රැකියාවක් අද වනවිට අප රට තුළ නිර්මාණය වී නැත. සමාජය තුළ පුද්ගලයා වැරදිකාරයෙකු  ලෙස බිහි වීමට හේතු රාශියක් බලපායි. විටෙක දරුවා පවුල තුළ ලබන වටපිටාව, එහිදී පියාගේ හැසිරීම, ඔවුන්ගේ රැකියාව යන බොහොමයකි. එමෙන්ම තමන් ජීවත් වන සමාජ  වටපිටාව තුළ වැරදිකාරයෙකු ලෙස බිහිවීමට ප්‍රධාන හේතු ලෙස පෙන්වා දිය හැකිය.
එමෙන්ම මව විදේශගත වීම, පියාගේ අධික මත්ලෝලී බවද මේ සඳහා බෙහෙවින් බලපානු ලැබේ. යහපත්  පරිසරයක් නිවස තුළ පිහිටියද යාළු මිත්‍රයන් මත මත්ද්‍රව්‍ය භාවිතය, සොරකම් කිරීම්, විවිධ කෝලහෝලවලට පැටලීම් ආදිය වුවද මගින් පුද්ගලයා සමාජයට වරදිකාරයෙකු ලෙස බිහිවීමට බලපාන අනිකුත් කාරණා ලෙසද පෙන්වා දිය හැකිය.

Thursday, November 19, 2015

හැමදාමට හිතේ ඇඳුණෙ ඔය රුව සොඳුර….




කවි ලියන්න මං කවි‍යෙක් නෙමයි
රුව අඳින්න සිත්තරෙකුත් නෙමෙයි
මං දන්නේ මෙපමණයි
මං නුඹට ගොඩක් ආදරෙයි

අපි වෙනුවෙන් පෙම් කවියක් ලියන්න කීවට
හරි ලස්සන පෙම් උපමා හොයන්නෙ කොහොමද
කවියෙන් කීවත් එහෙම නොකීවත්
කියන්නෙ මේ හිතේ තියෙන ආදරෙ නොවෙද…?

ඔය රූපය සිතුවමකට නගන්න කීවට
ඔය ලස්සන ඔය ලෙසටම අඳින්නෙ කොහොමද
සිතුවම් කෙරුවත් එහෙම නොකෙරුවත්
හැමදාමට හිතේ ඇඳුණෙ ඔය රුව සොඳුර

ලක්ෂාන්

Monday, November 16, 2015

එකම මිනිසා බෙදා වෙන්කරන කුලය (මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටන් ඇසුරෙන් කෙරෙන කෙටි විමසුමක්)


ස්වර්ණ පුස්තක සම්මානය සඳහා 2012 වර්ෂයේ නිර්දේෂ වූ විශිෂ්ටතම නවකතාව ලෙස ගොඩගේ  සාහිත්‍ය සම්මාන හා විද්‍යෝදය සම්මානයෙන් පිදුම් ලැබූ කෘතියක් ලෙස මහින්ද ප්‍රසාද් මස්ඉඹුල  විසින් රචනා කරනු ලැබූ සෙංකොට්ටන් ඒ අපූරු සුවදෙ කතාන්දරය අද වනවිට ඉතාමත් ජනප්‍රිය වී ඇත.
මටද එම පොත කියවීමට භාග්‍ය ලැබුණි. එය කියවා අවසානයේ මා එහි එක් පැත්තක් වන රඳා පැලැන්තිය තම රැකියාව හේතුකොට ගෙන සමාජය තුළ හිංසනයට ලක්වන අයුරු පිළිබඳව මෙසේ විස්තර කිරිමට අදහස් විය.
සෙංකොට්ටන් ඒ අපූරු සුවදෙ කතාන්දරය එනම් සමාජයේ එක් සාමාජික කොට්ඨාසයක් පිළිබඳව ඔවුන්ගේ ජීවන වටපිටාව, කුටුම්බය, රැකියා, සිතුම්පැතුම්, අදහස් උදහස්, ස්ත්‍රිය කැටිකර ගනිමින් ග්‍රාමීය පරිසරයක් වටා සම්ප්‍රදායිකව ගොඩනැගුණු වටපිටාවක පුද්ගලයාගේ උගත්කම නූගත්කම පවා පිළිබිඹු කරමින් මෙය රචනා වි ඇත.

Wednesday, November 11, 2015

පන්ති පරතරය හා සමාජ විෂමතාව - එදා කුලය වෙනුවට අද මුදලද?

අප සමාජය තුළ එදා සිට අද දක්වා දැකගත හැකි සමාජ ප්‍රශ්නයක් ලෙස පන්ති පරතරය නැතහොත් පන්ති විෂමතාව සාමාජික මිනිසා තුළින් අද වනවිට උග්‍ර ලෙස දැකිය හැකිය.

බ්‍රාහ්මණෝස්‍ය මුඛ මාසීද් - බාහු රාජන්‍යඃ කෘතඃ
ඌරු තදස්‍ය යද් වෛශ්‍යඃ - පද්භ්‍යාම් ශුදෝ අජායත
මේ ලෙසින් එදා ක්‍රි.පු. 6 වන සියවසේදී එනම්, බ්‍රහ්මණ යුගයේදී උත්පත්තිය පදනම් කරගනිමින් බ්‍රහ්මණ, ක්‍ෂෙත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන කුල 04 ක් බෙදා වෙන්කර තිබුණි. මෙහිදී බ්‍රහ්මණ කුලය උසස් ලෙස, ක්‍ෂෙත්‍රිය යනු විශාල කෙත් වතුවලවල අයිතිකරුවන්, වෛශ්‍ය යනු ආර්ථිකයේ නියමුවන්, ශුද්‍ර කුලය යනු සමාජයේ පහත් කුලය එනම් අනිත් කුලයන්ගේ ගතානුගතික සියලුම කුණු, අශූචි යන මේවා ශුද්ධ කරන්නන්ය. නමුත් බුදුදහම ලැබීමත් සමග මේ සියල්ල වෙනස් විය.

Sunday, November 8, 2015

දැරිය තරුණිය සහ ගැහැණිය



ළමයින් යනු දෙමවුපියන්ගේ රැකවරණය, ආරක්ෂාව,ආදරය අතැතිව පවුල හෙවත් කුටුම්භය තුළ අධ්‍යාපනය ලබමින් දෙමාපියන්ගේ ඇස් මායිමේ ජීවත්වන්නන්ය.තම අවශ්‍යතා වුවමනා තනිව සපුරා ගත නොහැකි ඒ සඳහා දෙමාපියන්ගේ ආධාරකයන් මත තම ජීවිතය ගොඩනගා ගන්නා කාලය ළමා කාලය ලෙස සරලව හැඳින්විය හැකිය.ළදැරිය, දැරිවිය,තරුණයා තරුණිය ලෙස ලොකු මහත් වනුයේද පුංචිවුන්ය.අප රට තුළ අවුරුදු 18 ට අඩු දරුවන් ළමයින් ලෙස හඳුන්වයි.
ඔවුන්ගේ මුලික කාර්ය වනුයේ අධ්‍යාපනය හැදෑරීමයි.තම දක්ෂතාවන් හඳුනාගෙන ඉදිරියට යාම අවශ්‍යතාවය වේ.තම මවගේ ඇකයේ උණුසුම ලබමින්,නොඅඩුව තාත්තාගේ ආදරය ආරක්ෂාව ලබමින් තම නිවස තුළ තම උත්සහා කරනුයේ තම ජීවිතය ගොඩනගා ගැනීමටය.එසේ ජීවත්වන තරුණයාට වඩා අද තරුණිය නැතහොත් කන්තාවට  තම පවුල තුල මෙන්ම සමාජයද සුරක්ෂිතද යන්න ප්‍රශ්නයකි.විටෙක තම පියාගේම ලිංගික ආශාවන් සපුරන්නියක් බවට වයස් සීමාවකින් තොරව එනම් මෙලොව එළිය දැක දින ගණනක් වුවද නැතහොත් මාස ගණනක් සැපිරු දරුවන්ද පාසල් අධ්‍යාපනයේ පසුවන වැඩිවියට පත් වු දියණියන්ද  අද වනවිට තම ලෙයින් ජාතක කළ පියාගේම ලිංගික ආශාවන් ඉටුකර ගැනීම සඳහා තම පියා විසින්ම තම දරුවන් අපයෝජනය කරනු ලබයි.

වැටුණු වැහි බිඳු

Popular Posts