Monday, October 12, 2015

ස්ත්‍රිය, විවාහය හා අනියම් සබඳතාව




විවාහය යනු ස්‌ත්‍රියකට, පුරුෂයෙකුට තම ආදරයේ එක් සන්ධිස්ථානයකට ප්‍රවිෂ්ට වීමකි.නමුත් එය පුරුෂයා හා ස්ත්‍රීය ශාරීරිකව සිදුවන කායික සම්බන්ධතාවයකට වඩා අධ්‍යාත්මිකව, අවබෝධය, ආදරය, අවශ්‍යතා වුවමනා, කායික වශයෙන් යනාදී බොහොමයකගේ සාර්ථක අන්තර්ගතයක් විය යුතුය. එසේ නොවුණහොත් එනම් දෙදෙනා අවබෝධයකින් තොරව නොබැඳේ නම් විවාහය දෙදරා යාමට බොහෝ ඉඩකඩ ඇත.
මංගල රාත්‍රියේදී තම ස්වාමියා ඉදිරියේ තමන් පතිනියක බව තහවුරු කිරීමේ කඩඉම ජයගැනීමටද කන්තාවට සිදුව ඇත. පිරිමියා ඉදිරියේ තම පාරිශුද්ධත්වය පිළිබිඹු කිරීමට නොහැකි වුවහොත් ස්ත්‍රීය දැඩි දෝෂාරෝපණයට වුව ලක්වනු ඇත.
මෙසේ බලාපොරොත්තු වන පුරුෂයා විටක තව කීදෙනෙකු ස්පර්ෂ කරපු කෙනෙකු විය හැකිද? ඉන් පැහැදිලි වනුයේ තමන් හැම පිරිසුදු ජල බඳුනක්ම අපවිත්‍ර කිරීම කළ හැකි නම් එවැනි අපවිත්‍ර වූ ජල බඳුනක් තමන් පවිත්‍ර කිරීමට අකමැති වනුයේ මන්ද යන්න ප්‍රශ්නයකි. ඇත්තටම කන්තාව පමණක් පතිවත යන  මිනුම් දණ්ඩ කුමකට ආරෝපණය කර ඇතිද? එසේ පිරිමියාට කිනම් මිනුම් දණ්ඩක්ද? ඔහු කුමන තැනක ගියත්, කුමක් කළත් ඔහුගේ පාරිශූද්ධත්වය අප කෙසේ නම් පරීක්ෂා කළ යුතුද යන්න ප්‍රශ්නයකි.
පළමු රාත්‍රිය තම ශාරීරික බැඳීම ශක්තිමත් නොවුවහොත්, ඔවුන් එකිනෙකාගෙන් තෘප්තිමත් වීමට නොහැකි වුවහොත් එය ඔවුන්ට මහත් ගැටලුකාරී තත්ත්වයක් බවට පත්වේ. සමහර විට එම චෝදනාවට පවාද ලක්වනුයේ කන්තාවය.
මෙසේ ගොඩනැගෙන පවුල් ජීවිතය තුළ අද වනවිට තම ස්වාමියා මෙන්ම බිරිඳද වෙනත් අනියම් ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම සමාජය තුළ දැකගත හැකි වී ඇත. එසේ වනුයේ ස්වාමියා හා භාර්යාව වශයෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකිම් දෙකොට්ඨාසය විසින්ම එකිනෙකා කෙරෙහි ඉටුනොකිරීමයි.
තම ස්වාමියාගෙන් බිරිඳගෙන් තමාට නොලැබෙන ආදරය, ශරීර ස්පර්ශය අද මුදලට, කාලය මත පදනමක් බවට පත්ව ඇත. සෙල්ස් එනම් විකිණුම් භාණ්ඩ වශයෙන් අවශ්‍යතාවට හා තම වුවමනාවට, වයසට, පාටට, කුලයට, තම ශරීර සන්තර්පණයට ගැළපෙන පාට පෙට්ටි වන් වූ කන්තාවන්ද පිරිමින්ද අද වනවිට සමාජයේ වෘත්තිමය වශයෙන් තම ශරීරය විකුණනන්නන් බවට පත්ව ඇත. එවැනි දේ මගින් තම ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට විවාහක පිරිමියා මෙන්ම කන්තාවද අද වනවිට සමත්ව ඇත.
තවත් ලෙස බිරිඳ ස්වාමියාද අනියම් සබඳතා ගොඩනගා ගනුයේ තවත් පවුලක නැතහොත් තව කුටුම්භයක් වුවද විනාශ කිරීමට පවා එමෙන්ම තම බිරිඳ දරුවන් වුවද මරා දමා අනියම් සුවය ළං කර ගැනීමට උත්සහා කරන පිරිමින් මෙන්ම තම ස්වාමියා පවා මරා දමා තම අසීමාන්තික තහනම් පෙම් සුවය පතන කන්තාවන්ද අවසානයේ ළංකර ගනු ලබනුයේ හිරබත්ය. නැතහොත් මරණයය. එමෙන්ම මෙයද අමතක කළ යුතු නැත. බුදුන් වහන්සේ දේශනා කරන ලද සප්ත භාර්යාවන්ගෙන් එනම් සකි, භගිණි, මාතෘ  මෙන් වූ උතුම් බිරියන්ද තම යුතුකම් මැනවින් ඉටු කරනු ලබන ස්වාමි පුරූෂයන් අද සාමාජය තුළ නැතුවාම නොවේ.
තම ස්වාමියාගෙන් නොලැබෙන එම පහස  තව කෙනෙකුගෙන් කාන්තාව අපේක්ෂා කරයිද ඇය විටක දරුවන් සිටින මවක් විය හැකිය. ඔහුද තරුණයෙකු නැතහොත් බැඳිමක් කුටුම්භයක් ඇති ස්වාමියෙකු විය හැකිය. මෙසේ සිදුවනුයේ තම අසීමාන්තික හැඟීම්වල පාලනයක් නොමැතිකමද, සැහීමට පත් නොවීමද, ලැජ්ජාව හා බිය නොමැතිකමද යන්න ප්‍රශ්නයකි.
විවාහය ඔවුනට මතක නැත. මා හට දරුවන් සිටිද අමතකය. තමන් අනියම් බිරිඳ හෝ සැමියා සමඟ ඔවුන් තනි වනුයේ කුඩා කළ ප්‍රේමවන්තයින් ලෙසය. ඔවුන්ගේ ලෝකවල ඔවුන් තනි වනුයේ කිසිදු බරක්පතළක් නොමැති වුන් අයුරිනි.
මෙහි වැරුද්ද කොතනද? නිවැරදි කළ යුත්තේ කුමක්ද? සිතා ගැනීමට නොහැකි අයුරින් සමාජය විෂමකාරී වී අවසන්ය. තව කෙනෙකුගේ පාට කළ ශරීරයක, තොල් ආලේපන, සුවඳ, විලවුන්, විලාසිතා, වාහන, මිල මුදල්, බාහිර ඔපය බොරුව මත තම සීමාමායිම් යුතුකම් වගකීම් අමතක කරමින් ඔහුගෙන් ඇයගෙන් ලැබෙන අනියම් සුවය පතන එහි කෙලවර මරණය, සමාජ අප්‍රසාදය, අවනම්බුව තමා විසින්ම තම ක්‍රියාකාරකම් හේතුවෙන්ම සමාජය තුළ වැරදිකාරයින් බවට අද වන විට පිරිමියාද කාන්තාවද සමානුපාතික ලෙස සමාජය තුළ අප්‍රසාදයට පත්ව ඇත. මෙය ඉන් එක පැත්තකි. යහපත් ලෙස සමාජය තුළ ජිවත්වන ස්වාමි  භාර්යා යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටුකරන කන්තාවන් මෙන්ම පුරුෂයන්ද ඇති බව අප අමතක නොකළ යුතුය.

ලිව්වේ - සෙහානි
ප/ලි - ආගන්තුක ලියන්නියකි. දොස් තිබේ නම් පෙන්වා දෙන්න....



10 comments: