දහසක් බුදුන්ටත් උපත දුන් උතුම්
මව යනු කාන්තාවක තම ජීවිතයේ එක් අවස්ථාවකදී ලබන උත්තරීතරම පදවියයි. අම්මා යන වදනට
මම ඔබෙන් අර්ථයක් ඉල්ලමි......
මා කුසෙහි පිළිසිඳ ගත් බව දැනගත් මොහොතේ පටන් අම්මා සිතෙනුත් ගතෙනුත් වෙහෙසුණේ නොබෝ කලකින් ඇගේ ඇකයට පැමිණෙන මා වෙනුවෙනි. මගේ සුවතාව, ප්රසන්නතාව වෙනුවෙනි. කුස තුළ සිටින දුව හෝ පුතා වෙනුවෙන් මවකගේ හද තුළ උපදින මෛත්‍රී සිතුවිලි ධාරාව දෙවැනි වන්නේ බුදු කෙනෙකුගේ මෛත්‍රියට පමණි. අම්මා අප වෙත කරුණාව, ආදරය, සෙනෙහස, ආරාක්ෂාව ලබාදෙන්නේ අපි මෙලොව එළිය දකින්නටත් පෙර සිටමය.
කොපමණ අපහසුතා, වේදනා මධ්‍යයේ වුවද
දිවා රෑ නිදි නොලබා මෙලොවට බිහිවීමට සිටින අපි වෙනුවෙන් අපේ අම්මා නොවිඳිනා දුක්
වින්දාය. ඒ අන් කවරක්වත් නිසා නොව ඔබට මට ඇති මහත් ආදරය සෙනෙහස නිසාය. කෑමබීම
ඇදුම් පැලඳුම් ගමනබිමන පවා ඈ පරිසම් වුයේ ඈ වෙනුවෙන් නොව මා වෙනුවෙනි. ඈ වෙහෙර බිමට
ගොස් ප්‍රාර්ථනා කර මහත් වූ භක්තියෙන් බුදුන් වැඳ බෝධිය නවා ආශීර්වාද
ලබාදුන්නේද මා හටය. අද සමාජයේ මවගේ ආදරය
නොවැටහෙන සමහර මිනිසාට අම්මා තමා දැකීමටත් පෙර එනම් තම කුසට ආ දින සිටම තමාට ආදරය
කළ බව නොපැහැදිලිය.
දස කඩ මසක් කුසයේ හොවා විඳ
කිසිදිනක පිරිමියෙකු නොවිඳින ගැහැනියකට පමණක් උරුම වූ ඒ අතිෂය වේදනාව අම්මාට විඳ
දරා ගත නොහැකි ප්‍රසව වේදනාව විඳ දරා තමා මෙලොවට බිහි කරනුයේ දරාගත නොහැකි මහා
පුදුමාකාර සෙනෙහසකිනි. නුඹ දුටු විට අම්මාට ඇති වනුයේ කියාගත නොහැකි අසීමාන්තික, ප්‍රේමයකි.
කිසිදා නොලද නොවිඳපු සතුටකි. මහා මුහුද කිසි දිනක නොසිදෙයි එය ගොඩ ගලනවා ඇරෙන්න
පිටාර ගැලුවද ඒ තරමටත් වඩා මගේ අම්මාගේ ආදරේ නිමක් නැත. අවසානයක් තැනත් ඉවරයක්
නැත. තතමන්ට විඳ දරාගත නොහැකි මරණිය වේදනාව ලබාදුන් පුද්ගලයෙකුට නුඹ කොතෙක් නම්
වෛර කරයිද? නැත මගේ අම්මාට මම ඒ තරම් වේදනාවක් ලබා දි මොලොව එළිය දුටුවත් ඇය මා ඒ
පපුවට තුරුලු කරන් ආදරයෙන් වැලඳ ගනුයේ වෛරක්කාරයෙකු ලෙස නොව මගේ දරුවා මාගේ පුතා
යන දරාගත නොහැකි අප කෙරෙහි ඇයගේ හිතේ උපදින නිමක් ඉමක් නැති මහත් වු සෙනෙහසින්ය. මා
කෙරෙහි උපදින්නා වු ආදරය, කරුණාව, පිරුණු
හදවතෙනි. ඒ හැඟීමෙන් ක්ෂණික තම රක්ත රුධිරය කිරට හැරවනුයේ ඒ ආදරය සෙනෙහස නිසාමය. අපට
මෙය ගාණක් නැත. එදා මවට දුන් වේදනාට අප දෙස වෛරක්කාරයෙකු ලෙස බලන අයුරින් බලා ඈ
අපව හදා වඩා නොගත්තානම් අපට ආදරය නොකලානම්
මමද නුඹද අද මෙම මිහිපිට නොසිටිනු නොඅනුමානය.
මා ඉපදුනු දා පටන් මාගේ ශාරීරික
සුවය වෙනුවෙන් ඇය කොතෙකුත් පහසුකම් මට සලසන්නට ඇත්ද? මාගේ පහසුව සුවය පිණිස ඇයට
දිය හැකි උපරිම පහසුව එහිදි සුවිසල් මන්දිරයක, සාමාන්‍ය පවුලක නැතහොත් පැල්පතක
හිඟන්නියක වුවද ඇය මවක් නම් සුවිසල් මැදුරේ මවගේ සුව පහසුව තම දරුවාට දීමට නොහැකි
වුවද ඇය තම දරුවා ඇය තම ඇකයේ හොවා ලොකු මහත් කරනුයේද? එම මව මෙන් ආදරය, කරුණාව, සෙනෙහස,
ආරක්ෂාව පරිදිය. ජීවත් වීමේ අරගලය මැද ඈ මා ලොකු මහත් කරනුයේ මහගු වෙහෙසක් දරාය. දාඩිය
මහන්සිය නොබලා අපව රක්ෂා කරනුයේ ඇගේ වෙහෙස මහන්සියවත් නොබලාය. එසේ කල අම්මා අපෙන්
බලාපොරොත්තු වනුයේ අපි හොඳ තැනකට සමාජයේ ලොකු රැකියාවක් කොට සමාජයට වැඩදායි
පුද්ගලයෙකු වීම ඇගේ එකම බලාපොරොත්තුවයි. ඇය දිවා රෑ නොබලා මා වෙනුවෙන් ඇගේ ජිවිතය
කැප කලේ මහා පර්වත කුලක් වැනි වු ඇගේ ආදරය නිසාවෙනි.
අද වත්මන් සමාජය තුළ අම්මාට හිමි
ස්ථානය කොතනද? යන්න ප්රශ්නයකි. විටෙක ඔවුන් මහලු නිවාසවල, නැතහොත් බස් රියකට
දුම්රියකට ගොඩවනුයේ, පාරවල් තොටවල් වල හිඟා කනුයේ පුංචිකාලේ නුඹව හිසට සෙවනක් සදා
දී, උස් මහත් කොට, කවා පොවා, නිදි වරා මා වෙනුවෙන්ම තම ජිවිතය කැප කළ මගේම අම්මා
නේද? දරුවන් ලොකු මහත් කොට ලක්ෂ ගණන් හම්බකර මහා පාරේ රෝද හයේ හතරේ වාහනවල, සුවිසල්
මන්දිර, සුවපහසු කාමරවල ලොකු පුටුවල, නුඹ නිලතල දරනුයේද අම්මා නිසාමය. එය අමතකව
ඇත්තේද නුඹටමය. අම්මාව මහපාරට ඇද දැමුවත් නිවසින් එළියට පන්නා දැමුවද ඇයට
නොසැළකුවද ඇය කිසි දිනක දරුවන්ට දොස් නොකියයි. ඒ තරමට මගේ අම්මාගේ අපේ අම්මාගේ හිත
දරුවන් වෙනුවෙන් ඇත්තේ අපරිමිත මෛත්‍රීය කරුණාව සෙනහස උතුරන හදවතකි. බඩගිනි වුණාම
මගේ බඩ කට පිරවු එදා අම්මා අද බඩගින්නට කන්නවත් දෙයක් නැතුව සිටිනවා විය හැකිය. නුඹට
හිසට සෙවණ දුන්න ඒ අම්මා අද මහා පාරේ අව්වට වැස්සට පිච්චෙනවා ඇති. නුඹට පුංචි කාලේ
ඇඳුම් අන්දා හැඩ බැලූ අම්මා අද වැරහැළි ඇඳන් පාරතොට යනවා ඇති. පයට සෙරප්පු දෙකක්
නැතුව ඒ අම්මාගේ කකුල් පිච්චෙනවා ඇති. සමහර විට ඒ තරමට වඩා ඒ පපුවේ ගිනි ඈටද
උහුලාගත නොහැකි වී ඇත. දරු දුක වේදනාව නුඹටද දැනුණු දවසක එදාට ඔය ඇස්වලින් කදුළු
නොවැටහෙනවා නොඅනුමානය.
තම දුක සැප සතුට ජයග්‍රහණය හමුවේ
පරාජය හමුවේ තමන් ළඟ සිටි එකම පුද්ගලයා අම්මා. අපද එසේ විය යුතුය. අම්මා මගේ අම්මා
මට තරම් කාටවත්ම ආදරය කරන්නේ නැත. අපද එසේ විය යුතුය. ඇයට කෙසේ සැලකුවද නොසැලකුවද
කෙදිනකවත් සංසාරේ කොතනකදි වත් ඇගෙන් බීපු කිරිවල ණය නම් ගෙවිය නොහැක. අද හැම දෙයටම
මිලක් නියම වුවද අම්මාගෙන් බිවු කිරිවලට කාටවත්ම එම ණය පියවිය නොහැක. එයට
වටිනාකමක්ද දිය නොහැක.
බිවු මවු කිරෙහි ණය කිසිදා නැත නිම්මා
මහමෙර පවා ඇගේ සෙනෙහස ළඟ නම්මා
පමණක් දෙවැනි වූ ලොව්තුරු බුදු
සම්මා
මුදුනත් දී වඳිමි මගෙ ආදර අම්මා....
මුදුනත් දී වඳිමි මගෙ ආදර අම්මා....
ලිව්වේ - සෙහානි
උතුම් මවු පදවිය වෙනුවෙන්....
ReplyDeleteජයවේ අසෙනි.....
බොහෝම ස්තුතියි වර්ණ.
Deleteජයවේවා....!
ammo meka hinda rachnawa goda gliya thanks
Deleteඔව් ... අම්මා කෙනෙකුගේ ගුණ දෙවැනි වෙන්නේ බුදු කෙනෙකුට විතරයි...
ReplyDeleteඒක ඇතත්ත තුශානි. එය වෙන කිසිම දෙයකට සම කරන්න බැහැ.
Deleteබොහෝම ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට. ආයෙත් එන්න.
ජයවේවා....!
නියමයි.......... වෙන කියන්න දෙයක් නෑ............ කොච්චර ලිව්වත් ලියලා ඉවර කරන්න බැරි දෙයක් ගැන ලස්සනට ලියලා................
ReplyDeleteබොහෝම ස්තුතියි අවංක ආර්යන්.
Deleteජයවේවා....!
nopenena dewiyan wandath niwase deviyo ape amma witharai'''''
ReplyDelete...ගෙදර බුදුන් අම්මා..... ඒක ඇත්ත යශෝධා.
Deleteබොහෝම ස්තුතියි.
ජයවේවා...!
මේව කියවද්දි ඇහැට කදුළු උනනව බන්.
ReplyDeleteපට්ට ලියවිල්ල
ජයවේවා අසෙනි
ඇත්තද මධ්‍යස්ථ මතධාරියා.
Deleteගොඩක් සතුටුයි මේ පැත්තට ආවාට. ආයෙත් ඇවිත් යන්න එන්න.
ජයවේවා....!
මේව කියවද්දි ඇහැට කදුළු උනනව බන්.
ReplyDeleteපට්ට ලියවිල්ල
ජයවේවා අසෙනි
බොහෝම සිතුතියි.
Deleteජයවේවා...!
දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා....
ReplyDeleteතුරුලේ හන්ගාගෙන මා ඔබ තෙමුනා අම්මේ...
පයන තුරු ඉතිපියවර හිටියා නුබ අම්මේ...
අසෙනි මම හිතන්නේ ඔයාට ලියන්න මදි මේ ඉඩ අම්මා ගැන ලියන්න.... කැටි කරලා ලියු දේ ගොඩක් දේ තියෙනවා... ගොඩක් හොදයි ... අපි ඉපදුන දා පටන් ඇය මියෙන තුරු අදරේ කරන්නෙ අපිටයි.... ලොකයම නැති උනත් අපිව දාලා ඇය යන්නේ නෑ... අපේ සතුට දැක ඇය සිනා සෙනවා.... බුදුන්ට බුදු වන්නට විවරන දුන් අම්මා.... ඇය නැතිදා ලොකයක් නැති වෙයි....
"සිනා වෙන්න කියා දුන්නු අම්මා ...
අඩන විටදි කදුලු පිසයි මගෙ ආදර අම්මා ...
නුබ කෑම නොකා මගෙ බඩගිනි නිමයි අම්මා...
වැටන විටදි දෑත් දිගු කරයි අම්මා ..."
ඉල්ලන්නම් පුන්චි ඉල්ලීමක් අද අම්මට වදින විටදි ඇගේ දෙපා ස්පර්ශ කරන්න පස්සේ එ ඇස් දිහා බලන්න කදුලු බින්දු රැදෙයි ඇගේ දෑස් වල... මෙක ඇත්තක්... කරලා බලලා මට කියන්න...
බොහෝම ස්තුතියි.
Deleteකොපමණ ලිව්වත්, කොපමණ කියන්න හැදුවත් කවදාත් අපිට මවුගුණ ගැන කියා නිම කරන්න බැරි තරම් උතුම්. හැමදේටම මිලක් නියම වූවද අම්මාගෙන් බීවු කිරිවල ණය කවදාවත් පියවීය නොහැකි. කිසිම දිනකවත්.
ඔයාගේ කමෙන්ටුව අපිට ගොඩක් වටිනවා ජීවන්ත. දිගටම අපිත් එක්ක ඉඳලා අදහස් උදහස්, ප්‍රතිචාර දක්වන්න.
ජයවේවා...!
මොනවා ලියන්නද මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරි වුණා .ලිපිය කියවපුවම ඇස් වලට කදුළු ආවා..සල්ලි වෙනුවෙන් තමුංගෙ අම්මා තාත්තා මරන කාලෙ මේ වගේ ලිපියක් වාසනාවන්...!
ReplyDeleteබොහෝම ස්තුතියි පියුමි. ආයෙත් මේ පැත්තට ඇවිත් යන්න.
Deleteජයවේවා....!
මම මෙකට කැමති
ReplyDelete