Wednesday, October 14, 2015

ජීවිතය ගැහැණිය හා වීදිසරණ ලිය Life, Women & Prostitute

ජී

විතය යනු කුමක්ද? එයට ඔබට අර්ථකථනයක් දිය හැකිද? පුද්ගලයා සමාජය තුළ ජීවත් වීමේදී එකිනෙකාට වෙනස් අයුරින් තම ජීවිතය පවත්වා ගනී. කාන්තාව සේම පිරිමියාද එසේය. තම ජීවිතවල අරමුණු, පරමාර්ථ, අභිමාර්ථ, අවශ්‍යතා, වුවමනා, මේ සියල්ල එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ය.
අද සමාජය තුළ පවත්නා දරිද්‍රතාව, පන්ති විෂමතාව, මුදල මත යැපෙන සමාජයක ජීවත්වන පිරිසක් හැටියට තම අවශ්‍යතා වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන මුදල මත තම ශරීරය කාලයට, මුදල පිරිමින්ට විකුණා ජීවත්වන පිරිසක් ලෙස ගණිකාව සරලව හැඳින්විය හැකිය. ගණිකා වෘත්තියේ ආරම්භය බෞද්ධ ඉතිහාසයටත් එහා ගිය දෙවකි. එදා මෙන්ම ස්ත්‍රිය තම ශරීර රූපස්වභාව ආභරණයක් කරගනිමින් මෙම කාර්යේ නිරත විය. ළදැරිය, තරුණිය, කාන්තාව, ගැහැනිය, මව,  යන මෙම හැම අනුවර්තන නාමයකින්ම අමතනුයේ එකම කොට්ඨාසයකි. නම් ගැහැනියටය, ස්ත්‍රියටය. එම ස්ත්‍රිය යන මූල්‍ය තුළ ජීවත්වන එක් කුලකයක් ලෙස ගණිකාව හැඳින්විය හැකිය. ඇයද ස්ත්‍රියකි. නමුත් මෙහිදී ඇයගේ ක්‍රියාකාලාපය රැකියාව මත ඇයව සමාජය හඳුන්වනුයේ ගණිකාව නමිනි.
ජීවත් වීමේ අරගලයට මුහුණදෙන ගැහැනියක දරාගත නොහැකි ප්‍රශ්න සමූහය සමග තම ශරීර ස්පර්ෂයෙන් තමන් නොදත් පුද්ගලයෙකු එනම් එවලේ හඳුනාගනු ලබන, සුළු මොහොතකට, යම් ගනුදෙනුවක් මත කොහේ හෝ තනිතනි වනුයේ තම ජිවිතයේ එදාවේල සරිකර ගැනීමටය. විටෙක තම දරුවන්ගේ අධ්‍යාපනය ලබාදීමට, සමහර විට තමන්ගේ කුටුම්භය රක්ෂා කිරීමද, තම ස්වාමියා නොමැතිව ඔහුගෙන් නොලබන ආදරය කාලයට, මුදලට, තව කෙනෙකුගෙන් ලබාගැනීමද නැතහොත් තමන්ගේ කැමැත්ත අභිමතය තමාගේ රැකියාව ලෙස සිතා කටයුතු කරන හෙයින්ද යන්න ප්‍රශ්නයකි.
කෙසේ හෝ අද වනවිට රුපියල් දෙසීයේ සිට රාත්‍රී අඳුර වැටෙනවාත් සමග පිටකොටුව පාරවල්වල පවා රුපියල් පනහට පවා කාමුක සුව විඳින විකිනෙණ ගණිකාවන් ඇත. දුරකථනය හරහා ගණිකා මඩම්, පාරවල්, වීදිවල, යනාදී ස්ථානවල තම ශරීරය හා තම ආත්මගරුත්වයවය මුදලට විකුණන සමාජය හඳුන්වන රතුපාට ඇඳගත්, රතු කුඩයක් ඇති කොණ්ඩය පාට කළ, උස් පාවහන් පැලඳි, මේකප් පෙට්ටියෙන් රුව ඔපවත් කර ගත් පාරවල් දෙපස දහවල මෙන්ම රාත්‍රියේද තම කාර්යෙහි නිරත වුවන් ගණිකාව වශයෙන් සමාජික පිළිගැනීමයි. අතසරු මුදල් ඇති පිරිමින්ට තම දුරකථනය මත වයසට, පාටට, කුලයට ගැළපෙන නැතහොත් තමාට වඩා දහස් ගුණයක්  වුවත් බාල කෙනෙකු සමග තනි වීමට තම මුදල්, දේපළ, කාලය වෙන්කරනුයේ තම නිවසෙහි සිටින අඹුවද, දරුවාද අමතක කරමිනි.
අද වනවිට සුපිරි ගණිකා පැලැන්තියක් ඇත. ඔවුන්ගේ රූපය, වේලාව, කාලය හමුවන ස්ථානය තමාට දියහැකි කාලය ඒ සඳහා අයකිරීම් අන්තර්ජාලයෙන් පවා ලබාගැනීමේ පහසුව සලසා ඇත. ඇය හා තම කායික සුවය විඳීමට අවශ්‍ය වනුයේ මුදල් පමණක් බව පැහැදිලිය.
මුදලට එකිනෙකා ආත්මගරුත්වය, තම ශරීරය, තම සිතුවිලි පවා වුවද තම හැඟීම් වුවද කාමුකද යන්න ප්‍රශ්නයකි. සමහර විට තම සිතුවිලි, හැඟීම් පසුව හෝ ඇයගේ හිත නොරිදනවාද? ඇත්තටම අප තේරුම්ගත යුත්තේ එයම නොවේද? ශරීරයක් අපට දිස්වුවද එහි ඇති අන්තර්ගත සිතුවිලි කෙසේ නම් වටහා ගන්නද?  ඇය ගණිකාවක් වුවද තම ළය තව පුද්ගලයෙකුගේ සුව යහනක් වුවාට තමාට එය තම හදවත නැමැති ළයට එම සුවයහන, ප්‍රසන්නතාවය හිමිද යන්න ප්‍රශ්නයකි. නැතහොත් ඔවුන් එයට පදම් වී අවසානද? නැතහොත් තමාට කිරීමට දෙයක් නොමැතිව අන්තඅසරණව පිළිකුල ප්‍රකාශ නොකොට තවකෙකු තම බොරු ආදරයෙන් කායික සුවය ලබා දෙනවාද? ඇත්තටම ඇය එය ස්වකැමැත්තෙන්ම තම ශරීරය කැප කිරීමක්ද? කෙසේ නම් මෙයට පිළිතුරු දිය හැකිද? විවිධ ආලේපනයන්ගෙන් රුව ඔප ගන්වන ඔවුන් අතිෂය සුන්දරය, කාමුකය, තව පුද්ගලයන්ගේ පර්ස් එකට තට්ටු කරනුයේ  තම උන්මාදනීය ශරීරය හැඩ ගන්වාය. එවැනි කාමුක ශරීරය ස්පර්ෂය පතන අනියම් සුව පහස විඳීමට සමත් පිරිමියාට එය රුපියලක් ගානය.
රාත්‍රී දිවා තම රැකියාවෙහි නියුතුව තම ශරීරය පිරිසුදු ජලයෙන් සොදා නා ගත්තද ඇය පිරිසිදු වේද? නැත. කිරි කළ ගව්වක් නෑව්වද කිසිදාක ඇය පිරිසිදු කළ නොහැක. ලැජ්ජාව බිය පුද්ගලයා තුළින් ඈත්වූ විට ඔවුන් සමාජය තුළ  කිසිදු වැරදි ක්‍රියාවක් කිරීමට බිය නොමැති වේ. ඇයද ලෝක පාලක ධර්මයෙන් ඈත් වූවකිද? නැතහොත් තමන් ළඟ එය තිබුණාද? තමාගේ දරිද්‍රතාවය මත තම ලැජ්ජාව බිය යටපත් කර ගෙන ජීවත්වනවාද? කන්තාව යනු ස්වභාව ධර්මයේ මැවීමකි. එම ස්වභාව ධර්මය අද වන විට විනාශ වෙමින් යයි. සමහර විට අද ගණිකාව බිහි වනුයේ තවත් පිරිමියෙකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් විය හැකිය. දහසක් පිරිමින් සතුටු කළද? දහසකුගේ ආදරය කාලයට, මුදලට ලැබුණද ඒ හැම ආදාරයක්ම ගනුදෙනුවකට මුදල මත සිදුවන කෙටි කාලීන සුවයකි. එකි ගණිකාව යනු කාගෙත් කරුණාව, ආදරය, ආරාක්ෂාව, එක් ස්වාමියෙකු නැති බොහෝ පුරුෂයින්ගේ අවශ්‍යතා වුවමනා මුදල මත සපුරන්නීයකි. ඇය කඩයේ විකුණන හැමටම අවශ්‍ය හැමගේම පාරිභෝගික භාණ්ඩයකි.
මෙය එවුන්ට දිය හැකි අර්ථකතනයද, නැතහොත් සමාජයේ කොතනක හෝ ඇති වැරැද්දද? නැතහොත් ඔවුනගේම නම් ස්ත්‍රියගේම වරදද?
අමරසිරි පීරිසුන් ගයන ගීයකින් සටහන නිමවමි.

ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ...ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
‍ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළියෙ රවන ලඳුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවෙකුට වරදක් නැති
වැරදිකාර ලඳුනේ

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස

ලිව්වේ - සෙහානි
ප/ලි - ආගන්තුක ලියන්නියකි. දොස් තිබේ නම් පෙන්වා දෙන්න....






8 comments:

  1. මමත් මේ වගේ දෙයක් ගැන මෙහෙම කීවා
    පාළු වීදියේ ගොම්මන් රෑ
    ඉඟ සළුව ලිහිල් වූ
    මෝහනීය වත ඇත්තී
    මෝහිනී නොවේ

    මුවේ වදන් මධු වැනී
    නමුත් හදේ මධු නැතුවා
    යනෙන දනන් ඩැහැගනී
    නමුත් නොදෙයි කිරි දරුවා

    දෙනෙත් උපුල් නිල් වැනී
    නමුත් හදේ මල් නැතුවා
    යනෙන දනන් ඩැහැගනී
    නමුත් නොදෙයි කිරි දරුවා

    කදිම ලිපියක්
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ලස්සනයි වර්ණ.බොහෝම ස්තුතියි.
      ජයවේ්වා...!

      Delete
  2. මුදල් නැතිකමින්, ආශාවට මේ දේ කරන්නේ ගොඩක් අය ... එය වරදක්ද,නිවරෙදි ද කියන්න මම නොදනිමි .... කරුණු ගොඩක් හොයලා තියෙනවා .... හොදම හොදයි අසෙනි...... nice article... good luke my dear....
    "සදකඩ පහනක කැටයම් ඔපලා

    පාවෙන දේදුනු ලැගුම් ගනී

    කැලතුනු රසයක පැන ආ බුබුලක්

    අකුරු වැලක් දෙහදක ලියවේ

    යුගයෙන් යුගයට නොමියෙන දහනක

    දිවියක පදනම මතු වෙද්දී

    නොපෙනෙන ඈතක ඇය ගෙන යනවා

    සියුමැලි කැකුලක් මැල වෙද්දී.....

    (ඇගේ සිතේ සිත්තම් කරලා මොහොතක ඇය ලග හිදී... මුදල් මත ඇය එ රැකියාව කරයි ඇගෙ ජීවිතය ගැට ගහගන්නට එ අතරින් ඇගේ පුන්චි දුව අසරන වෙනවා)"




    ReplyDelete
    Replies
    1. බොහෝ හේතුන් මත මෙවැනි තත්ත්වයකට අද කාන්තාව පත් විය හැක. .මෙවැනි තත්ත්වයට කාන්තා පත් කරන්න අපේ සමාජය තුළින්මය.

      බොහෝම ස්තුතියි ජීවන්ත. ආයෙත් මේ පැත්තට ඇවිත් යන්න ඔබගේ අදහස්, උදහස්, ප්‍රතිචාර අපි කියන්න.

      Delete
  3. මට මතක් උනේ පරණ අහපු කවියක්.........

    මල් මල් සාරිය ඇඳලා
    වීදි කොනේ රැක ඉදලා
    ඇග ලේ මස් දන් දීලා
    එයි අම්මා කිරි අරගෙන...

    ලිවිල්ල ලස්සනයි..............

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අවංක ආර්යන්.
      ජයවේවා....!

      Delete
  4. lassanai mage akke all the best " oya hodata liyanawa "

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යශෝධා.
      ජයවේවා..!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts