Friday, October 16, 2015

ආදරේ දැයි සිතා ගන්නට බෑ....




කුමුදු යුවළක් සඳ දියේ
කිමිද මතුවෙයි
යළිත් කිමිදෙයි
කුමුදු යුවළක් සඳ දියේ
හාදු පෙති මත තියන්නේ නෑ
බැදුණු අත්වැල ලිහන්නෙත් නෑ
ආදරේ දැයි සිතා ගන්නට බෑ
ආදරේ....
නෑ කියන්නත් බෑ
කැකුළු තරු ඉඟි කරන්නෙත් නෑ
සඳවතිය තතු කියන්නෙත් නෑ
ආදරේ දැයි සිතා ගන්නට බෑ
ආදරේ....
නෑ කියන්නත් බෑ
ලක්ෂාන්

6 comments:

  1. //ආදරේ....
    නෑ කියන්නත් බෑ// පොදු සත්‍යය ඕක තමයි..:)

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත තමයි,
      ආදරේ දැයි සිතා ගන්නට බෑ
      ආදරේ....
      නෑ කියන්නත් බෑ
      බොහොම ස්තුතියි තනි තරුව. ආයේ මේ පැත්තට ඇවිත් යන්න.
      ජයවේවා...!

      Delete
  2. :) ඔව්... ආදරේද කියලා හිතා ගන්නට බෑ තමයි ....

    ReplyDelete
    Replies
    1. ආදරේ නෑ කියන්නත් බෑ.
      බොහෝම ස්තුතියි තුශානි. ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න මේ පැත්තට ඇවිත් යන්න.
      ජයවේවා..!

      Delete
  3. ලස්සනයි එකෙන්ම
    ගීතයකට වඩාත් උචිතයි
    මේ කාලෙ ඇහෙන ඔයාමෙයා ගීතවලට වඩා මේ වගේ පද රචනාවක් ගීතයකින් එළිදැක්වෙනව නම් කදිමයි....
    ජයවේ අසෙනි
    දිගටම ලියපන්
    අපිත් දිගටම ලියනවා

    ReplyDelete
    Replies
    1. බොහෝ ස්තුතිය වර්ණ.
      අපිත් ලියනවා ඔයත් දිගටම ලියන්න.
      ජයවේවා....!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts