Monday, October 26, 2015

බැඳීම් කියන්නෙත් මහ පුදුම දෙයක් බන්....





බලන් යද්දී මිනිහෙකුට ඇතුවත් බැරි නැතිවත් බැරි පුදුමාකාර දෙයක් තමයි බැඳීම් කියන්නෙ. කොහොම කොයි විදියට බැඳීම් ඇති කරගන්නෙ නැතුව ඉන්න උත්සාහ කරත් හැම මොහොතකම හැම තත්පරයකම ඇති වෙන්නෙ මොකක් හරි බැඳීමක්....
වෙලාවකට මට හිතනවා බන් ඇයි මේ වැඩක නැති බැඳීම් ගොඩක් ඔළුවේ තියන් නිකන් මිනිස්සු දුක් විඳින්නේ කියලා....
බැඳීම් වලින් මිඳුණු ලස්සන ජීවිත ගෙවන මිනිස්සුත් නැතිව නොවේ. ඔවුන් දිහා බැලුවාම වෙලාවකට පුදුමත් හිතෙනවා බන්. සමහරු බැඳීම් ඇති කරගන්න උත්සාහ කරනවා. තවත් කට්ටියක් තියෙන බැඳීම් නැති කරගෙන ඒවායෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා.
සමහර බැඳීම් හරිම පුදුමයි ගිවිසුම්වලට යටවෙලා සමාජයට ඉස්සරහට හරිම අමාරුවෙන් ඇදගෙන යනවා. බැඳීම් බිඳීම් බවට පරිවර්තනය වූ විට.......?
ආදරයෙන් පරදින සමහරු දිවිනසා ගන්නවා. තවත් අය නොලැබෙන පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ජීවිතය උදුරාගන්නවා. තවත් සමහරුන් තම ජීවිත කාලය පුරාවටම තම ජීවිතයෙන් වන්දි ගෙවනවා. ඒ කිසිවකින් කිසිවෙකුට සුවයක්, සැනසීමක් නම් ලැබෙන්නෙ නෑ.
බැඳීමක් නැතිව අපේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද? අපි ‍මේ හැමදේටම බැඳිලා ඉන්නේ. ඒත් තාවකාලිකව හරි අපිට අපේ හිතේ නිදහසට බැඳීම්වලින් ඈත්වෙලා ඉන්න පුළුවන්.
මමත් උත්සාහ කරන්නේ හැමතිස්සේම බැඳීම්වලින් ඈත්වෙලා ජීවත් වෙන්න. මම දන්නවා ඔබත් ඒකට කැමතියි කියලා. තාවකාලිකව හරි අපි කවුරුත් කැමති ටිකක් හරි හිත නිදහසේ ඉන්න. ඒ වෙලාවට තමයි අපි ජීවිතේ විඳින්නේ කියලා මට නම් දැනෙවා.
පණ්ඩිත ටෝක් දුන්නට මටත් සමහර වෙලාවට බැඳීම් නැතුවම බෑ....

ලිව්වේ - ලක්ෂාන්

6 comments:

  1. ඒ වුණත් මචං සමහර වෙලාවට හිතෙන්නැද්ද අවංකවම
    තනිකම සැපයි සමාජය විසයි කියල
    සාමාජීය ජීවින්හැටියට අපිට බැදීම් වලින් වියුක්ත වෙනනහරි අමාරුයිමචං. අපේ බොඩි ස්ට්‍රක්චර් එක හැදිල තියෙන්නෙම එහෙම..

    ReplyDelete
    Replies
    1. කොයි අපිට උත්සාහ කළත් බැඳිම් වලින් නිදහස් වෙන්න ඒ හැම වේලේම ඇති වෙනවා මොකක් හරි බැඳීමක්. එකනේ මිනිහෙකුට ඇතුවත් බැරි නැතුවත් බැරිි දෙයක්...... බැඳිම් ......

      බොහෝම ස්තුතියි මහේෂ්. ආයොත් මේ පැත්තට ඇවිත් යන්න.
      ජයවේවා...!

      Delete
  2. බැඳීම් විතරක් නෙමේ මේ හැමදේම මහ පුදුම දේවල් බන්...
    ජයවේවා බන්!

    ReplyDelete
    Replies
    1. ඇත්තද වර්ණ ඒ මොනවාද? අපිටත් කියන්න කෝ එහෙනම්.....

      Delete
  3. ape jiwithe akka bandunu koi tharam dewal thiyanawa duka sathuta thawa koi tharam dewal thiyanawada ""

    shakthimak bandimak kawadawath kadenne na''''
    awanka adaraya hoda yaluwo sahodara bandima mewa maha pudumai'''

    ReplyDelete
    Replies
    1. බැඳිම් කියන එක අපිට කොයි මොහොතේ කොතැනින් ඇති වෙයිද කියලා කියන්න බැහැ. ඒ සමහර බැඳිම් ඇති වූ සැණින්ම නැති වෙනවා වගේම සමහර බැඳිම් ජීවත් වෙලා ඉන්න ජීවිත කාලය පුරාවටම පවතිනවා. එය රැක ගැනීමට ගොඩක් අමාරු....

      බොහෝම ස්තුතියි යශෝධා.....
      ජයවේවා.....!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts