Tuesday, October 20, 2015

බලන් යද්දී අපිත් පට්ටම ආතල් එකක් බන්....

අපේ සමාජෙ ඉන්න සමහර මිනිස්සු දිහා බලනකොට පුදුමත් හිතෙනවා බන්. සමහර වෙලාවට අපි ජීවත් වෙන්නෙ මේ වගේ සමාජෙකද කියලා අපිටම ලැජ්ජ හිතෙනවා. කුඩයක් ගෙනියන්නැති මිනිස්සු අන්තිමට වැස්සට දොස් කියනවා වගේ තමයි ගොඩක් මිනිස්සු තමන්ගේ වැරදි වහාගන්න අනිතු වුන්ට දොස් කියන්නේ. සමහරු අතේ කීයක් හරි තියෙනව නම් තමන් කවුද කියලත් අමතක කරලයි වැඩකරන්නේ. අතේ සල්ලි නැති වුණාම තමයි ආයෙ මතක් වෙන්නෙ තමන් කවුද කියලා.
තවත් මිනිස්සු නොලැබෙන දේ පස්සෙ හඹා යනවා. ඒවා ඉෂ්ට කරගන්න බැරිවුණාම ජීවිතේ කඩන් වැටුණා, ආයෙ ගොඩ ඒමක් නෑ, වටේ හිටපු උන් නිසා තමයි මෙහෙම වුණේ කියලා පටු විදියට හිතනවා. පොර ටෝක් දීගෙන සමාජය තුළ මං පොරක් කියලා පෙන්නන්න හදන එවුනුත් ඔය අතරෙ ඉන්නවා. පොරවල් වෙන්න ගිහින් අම්බානට ගුටි කන අවස්ථාත් තියෙනවා. මිනිහෙක් ඉහළට යද්දි ඇස්වලට කටු ඇනෙන තව කෙනෙකුගේ දියුණුව බලන්න ඉන්න බැරි තරම් පට්ට ඊරිසියාකාරයොත් ඔය අතරෙ නැතුව නොවෙයි. සමහරු කුප්ප වැඩ කරන වුන්ටත් සමාජෙ මාර පිළිගැනීමක්නෙ බන් තියෙන්නෙ.
ඒ අතර පෙම් හිලව් නිසා බූට් කාල හිරවෙච්ච එවුනුත් නැතුව නොවේ. ඔය අතරෙ අතරින් පතර හිතේ සතුටෙන් කාටවත් ඊරිසියා නොකර කුහකකම් කුප්ප වැඩ නොකර අහිංසකව ජීවත්වෙන මිනිස්සුත් මේ සමාජෙ ඇතුළෙම ඉන්නවා.
ලිව්වේ - ලක්ෂාන්

14 comments:

  1. ඇත්ත කතාවක්.........
    අපිත් කුප්ප වැඩ නොකර හිතේ සතුටින් ජීවත්වෙමු...
    ජයවේ ......අසෙනි

    ReplyDelete
    Replies
    1. වෙනස ඇතිවිය යුත්තේ මිනිසුන් තුළ නොව සිත්වලය.
      බොහෝම ස්තුතියි දිනිත්.
      ජයවේවා....!

      Delete
  2. සමාජය විවිධයි.. විෂමයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත කුරුටු සමාජය විවිධයි සමාජය තුළ ජීවත් වන මිනිසුන් විවිධාකාරයි. ඒ අතර හොඳ හා නරක දෙවර්ගයේම මිනිස්සු සිටිනවා.
      බොහෝම ස්තුතිය මේ පැත්තට ඇවිත් ගියාට.
      ජයවේවා....!

      Delete
  3. Replies
    1. බොහෝම ස්තුතියි අශාන් මේ පැත්තට ඇවිත් ගියාට ආයෙත් එන්න.
      ජයවේවා....!

      Delete
  4. හොද නරක දෙකම තියෙන්න ඕනිනේ...... එකක් නැත්තන් අනිකට පැවැත්මක් නෑනේ......... මිනිස්සුත් එහමෙයි.............

    ReplyDelete
    Replies
    1. හොඳ නරක දෙකම සමාජය තුළ තියෙනවා. මිනිසුන් විසින් හොඳ මොකක්ද? නරක මොකක්ද? යන්න හඳුනාගෙන තම ජීවිත හැඩගස්සා ගැනීමට දැනගන්න ඕනේ.

      බොහෝම ස්තුතියි අවංක ආර්යන්. ආයෙත් මේ පැත්තට ඇවිත් යන්න.
      ජයවේවා...!

      Delete
  5. ඔය අතරෙ අතරින් පතර හිතේ සතුටෙන් කාටවත් ඊරිසියා නොකර කුහකකම් කුප්ප වැඩ නොකර අහිංසකව ජීවත්වෙන මිනිස්සුත් මේ සමාජෙ ඇතුළෙම ඉන්නවා

    හරියට මං වගේ

    හික්ස්!

    ReplyDelete
    Replies
    1. ඔය අතරේ කාටහරි කටකැඩිච්ච කතාවක් කියන මම වගේ අයත් ඉන්නවා..

      Delete
    2. ඇත්ත ද වර්ණ.
      බොහෝම ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට
      ජයවේවා....!

      Delete
    3. ඔව් මනෝ ඔයා වගේ අයත් මේ අතර ඉන්නවා.

      Delete
  6. බුදු සමයේ කියවෙනවා මනුෂ්‍යා කියන්නේ යහපත,අයහපත දෙකටම යොමු වුන පුද්ගලයෙක් බව.කතෝලික දහමේත් ඒ ගැන කියවෙනවා..ඒකෙන් අදහස් කලේ හොදම හෝ නරකම යයි කිව හැකි මිනිසුන් නැතිබව.අවස්ථාවට අනුව යහපත අයහපත කිරීමට මිනිසා පෙළඹෙනවා.නමුත් සමාජයේ වැඩිපුරම තියෙන්නේ අයහපතට පෙලඹෙන බව.මිනිසාගේ චර්යාව හැඩගස්වා ගතයුතුයි ආකාරය ආගම් වලින් උගන්වන්නේ අන්න අර අයහපතට යොමුවන ස්වභාවයෙන් පුද්ගලයා ගලවා ගන්නට.ඇත්තෙන්ම යහපත් ජීවිතයක් ගතකරනවා කියන එක මහා අමාරු දෙයක් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මනෝ මිනිහෙක්ට තමන් යහපත් ජීවිතයක් ගත කරන්න ඕනේ. අයහපත් දේ වලින් ඉවත් වෙන්න ඕනේ කියලා හිතුණොත් එක අනිවාර්යෙන් කරන්න පුළුවන්. නමුත් අද සමාජයේ මිනිසුන් හොඳ පැත්තට වඩා වැඩියෙන්ම පෙළඹෙන්නේ නරක පැත්තට. ඒ නිසා වෙනස් විය යුත්තේ මිනිසුන් නොව මිිනිසුන්ගේ සිත් තුළයි.

      බොහෝම ස්තුතියි මනෝ මන්දිර.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts