Sunday, October 18, 2015

නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි…




දරය කරන ප්‍රේමවන්තියන්, ආදරයෙන් පැරදුණු අදාරවන්තයන්, තමන්ගේ කරන් ආදරය කරලා තමන්ටත් හොරෙන් තව කෙනෙකුටත් තුරුළුවෙලා ඒ ආදරයෙන් රැවටිලා විඳවන, පොරොන්දම වේලාවල් නැමැති දෙමවුපියන් ඉදිරියේ තම ආදරය අවසන් කිරීමට සිදුවුවත්, තම ආදරය ප්‍රකාශ කිරීමට නොහැකිව විඳවන නැත්නම් තමන් ආදරෙයි ඒත් වෙනකෙකුගේ වූ ආදරයත් මේ හැම එකක්ම ආදරය නැමැති මූල්‍ය තුළ වූ සාධක. නැතහොත් අන්තර්ගතයන්ය.
මේ අතරින් විරහව යනු තමන් ආදරය කරපු කෙනා තමන්ව දාලා ගියාම දැනෙන වේදනාව විරහව ලෙස සරලව හැඳින්විය හැකිය. එහිදී විවිධ හේතු මේ සඳහා බලපෑ හැකියි.
“මං ළඟ ඉඳලා, මුළු දවසම මට කතා කරලා, මගේ මුළු හිතම ආදරෙන් පුරවලා, මේ මගේ හුස්ම ටිකත් ඔයා අරගෙන මගේ මුළු ජීවිතේම ඔයා වෙලා, මගේ පපුවට තුරුළු කරන්, මේ අත්වලට ඔයාව හිරකරන් මේ තරම් ආදරෙන් ඔයාව සිප ගත්තේ, මේ තරම් මං ආදරෙන් ඔයාට කතා කළේ, හැම තැනම මං ඔයාව එක්කගෙන ගියේ, ඔයා ඉල්ලන, ඉල්ලපු හැම දෙයක්ම ඔයාට අරන් දුන්නේ, ඔයාගේ දුක, සැප මම ඔයා එක්ක බෙදාගත්තේ, මගේ අතින් අනලා මම ඔයාට බත් කැව්වේ. මගේ මුළු ලෝකෙම කරන් මං ඔයාට ආදරේ කළේ, අපි ගියපු පාරවල් අද අලුත් වෙලා ඔයා මායි ඉඳපු ඒ ගස්වල මල් පිපිලා ඒත් ඔයා අද මාව දාලා හුඟක් දුරකට ගිහින් දන්නවාද මම ඔයාට මේ විදිහට ආදරේ කළේ ඔයාව නැතිවෙයි කියලා දැනගෙන නම් නෙමෙයි මං හිතුවේ නෑ මේ තරම් ආදරේ දිපු මගේ හිත මේ තරමට රිඳවලා ඔයා යයි කියලා.
මෙහෙම සිය දහස් වාරයක් තම හිතෙන් විඳවන අය කෙතෙක් ඇත්ද? ඒ ආදරය අමතක කරන්න බැරුව සමහර විට ඇස්වල කඳුළු තමන් නොදැනුවත්ව වැටෙනා, තමන්ගේ හිතවත් තමන්ට පාලනයක් නැතුව, තමන්ට පවා අමතක වෙන තරම් ආදාරය කරලා ඒ ආදරය අමතක කරන්න බැරුව විඳවන දහසකුත් දෙනා ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව මේ ලෝකයේ හැම තැනම ඔවුන් සුසුම් හෙළනු නොඅනුමානය.
දැනෙන තරම්, වේදනාව, තමන් ගැන දැනෙනා තමන් රැවටුනා හෝ දැනෙන කරනවා නැතහොත් වෙනෙකුට ළග දැන් අද මා සමග මෙන්ම තුරුළුව ඔහු/ඇය ආදරය කරනවා යන්න දැනෙන විට තම හිත තුළ ඇති වන ඊරිෂියාව, මට කතා කළ පරිද්දෙන්, මාව ලංකරගෙන වුන් විදිහට දැන් මට දීපු ආදරය ඇයට කෙසේ නම් කරනවාද? මේ දේවල් දරා ගැනීමට නොහැකිව ආදරය වෙනුවෙන් තම ජීවිතය වුවද මරණය නැමැති විසඳුම ලබාදෙන අයද අද ඕන තරම් අපට දැකගත හැකියි. එය ඔවුන්ගේ දුර්වලතාවයද විය හැකිය. සමහර විටෙක තමන් තම ආත්මයෙන් ආරදය කළ පසු එම වේදනාව විඳදරා ගැනීමට ශක්තිමත් නොවන නිසාද විය හැකිය.
කෙනෙකු තව කෙනෙකුට වෛර කළ හැකිය. අන් අය සමග ඔහුට/ ඇය චෝදනා කරයි. තමන් රැවට්ටුවා, බොරුකාරයා, මාගෙත් එක්ක අරහෙ ගියා මෙහෙ ගියා, සමහර විට එවැනි දෑ නැති වුවද ප්‍රකාශ කරයි. විවිධ අයුරින් තම වේදනාව පිට කිරීමට උත්සාහ කරයි. නමුත් ඇත්නම් තමන් තනිවුණු හැම මොහොතකම තමන් කරපු ඒ මහා මෙරක් තරම් වූ ආදරය ඊට වඩා තම හිත රිඳවනවා නොවේද?
විටෙක කෑවද? දැන් කොහොද? මොනවා කරනවා ඇත්ත? යන්න සිහි වනවිට තම හිතට දැනෙන ආවේගය, දුක අවසන් වනුයේ කඳුලක් සමගය. එම මානසික වේදනාව, අතෘප්තිකර ස්වභාවය, තම අසරණකම නොදැනුවත්ම කඳුළු බවට පෙරළා තමන්ගේ හිත කැඩීබිඳ යනුයේ සුළු මොහොතකිනි.
මං ඔයාව මගේ හිතෙන් කොච්චර අමතක කරන්න හඳනවාද? ඒත් මම කොහොමද? ඒක කරන්නේ මේ හැම තැනකම මේ හැම සීමාවක මම ඔයා එක්ක උන්නානේ, ඔයායි මායි මේ පාරවල්වල මේ බස් එකේ, මේ පන්සල් පහන් පත්තු කරලා, මල් පහන් පූජා කළා, බෝධිය නාවලා එකට ප්‍රාර්ථනා කළට අපි අපේ වෙමු කියලා එහෙම හිතලා තියෙන්නේ මම විතරයි. ඔයා මටත් හොරෙන් වෙන හීන හුඟක් හදලා මගේ හැම හීනයක්ම ඔයා ළඟ තිබ්බට අද මම කොයි තරම් විඳවනවාද, මේ හිත කොයි තරම් අඬනවාද? ඔයාට ඇහෙනවාද? ඔයාට කවදාවත්  දැනුනෙත්වත් නෑ. කමක් නෑ මම ඔයාට ඇත්තටම ආදරේ කරලා මට වැඩිය. ඔයාට එතන සතුටුයි නම් මං කවදාවත් ඔයා දිහා හැරිලාවත් බලන්නෑ. ආපහු මේ හිත කවමදාවත් ඔයාට දෙන්නෙත් නෑ. මං හිත හදාගන්නවා.
ඇත්තමයි. ආදරේ කරලා හිත හදාගන්න හුඟක් අමාරුයි. හැබැයි වෛර කරන්න එපා, චෝදනා කරන්නත් එපා එතකොටමයි අපි දුක, අපි හිතනවා නම් එයාගෙ සතුට එතනයි. ඒකයි එයා ගියෙ. එතකොට අපිට අපේ හිත හදාගන්න පුළුවන්. හැමදාම චෝදනා කර කර තැන්තැන්වල බැන බැන ගියොත් වෙන්නේ අපි කරපු ආදරේ වටිනාකමත් අපිම අඳුරන්නැති අය වෙන එකයි. තමන් ඇත්තටම ආදරේ කළා  නම් තමන්ව රිද්දපු එයාට කවදාවත් වෛර කරන්න එපා.


ලිව්වේ - සෙහානි
ප/ලි - ආගන්තුක ලියන්නියකි. දොස් තිබේ නම් පෙන්වා දෙන්න....









10 comments:

  1. විරහ වේදනාව කියන්නෙ මහ පුදුමාකාර දෙයක්... සරලව ඒ ගැන ලියවිලා තියෙනවා..
    ජයවේ අසෙනි!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා.....!

      Delete
  2. විරහව නොදැනුන කෙනෙක් ඉන්නවනම් ඒ කලාතුරකින්...
    සුනිල් එදිරිසිංහයන්ගේ සදාකාලීක නොවු ලෝකයේ සදාකාලීක ප්‍රේමයක් කියන ගීතයෙන් කියවෙන්නේ අපි බොහෝ දෙනෙක්ගේ අතීත මතකයන් ගැන...

    මේ ලිපිය අපි හැමෝටම දැනෙන පොදු සිතිවිලි වලින් කියවන කෙනෙකුට හිතට දැනෙන විදියට ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත විරහව නොදැනුන ඉන්නෙ නැතිම තරම්.
      බොහෝම ස්තුතියි මනෝ මන්දිර ඔයාගේ කමෙන්ටුවට.
      ජයවේවා...!

      Delete
  3. අාදරය කරනවා කියන්නේ ම විරහව සමග ජීවත් වීමම තමයි අසෙනි........................

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කුරුටු ගෑ ගී පවුර.
      ජයවේවා...!

      Delete
  4. අපේ හිත වැඩියෙන්ම කැමති ආදරේටද, විරහවටද කියල හොඳින් විමසලා බැලිය යුතු නැද්ද???

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම විමසා බැලිය යුතුයි. එහෙත් ආදරයත් සමග අපිට විරහවද විදින්න වෙන අවස්ථා තියෙනවා අම්බන්ගොඩ කතා.
      බොහෝ ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට ආයෙත් එන්න.

      ජයවේවා...!

      Delete
  5. adare karanawa kiyanne wirahawa windinawa wagema thamai'''' loku wedanawak '''''

    ReplyDelete
    Replies
    1. ඇත්තද නංගී ඔයත් එක විදලා තියෙනවා වගේ නේ.

      බොහෝ ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට.
      ජයවේවා....!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts