විවාහය යනු ස්ත්‍රියකට, පුරුෂයෙකුට තම
ආදරයේ එක් සන්ධිස්ථානයකට ප්‍රවිෂ්ට වීමකි.නමුත් එය පුරුෂයා හා ස්ත්‍රීය
ශාරීරිකව සිදුවන කායික සම්බන්ධතාවයකට වඩා අධ්‍යාත්මිකව, අවබෝධය, ආදරය, අවශ්‍යතා වුවමනා,
කායික වශයෙන් යනාදී බොහොමයකගේ සාර්ථක අන්තර්ගතයක් විය යුතුය. එසේ නොවුණහොත් එනම්
දෙදෙනා අවබෝධයකින් තොරව නොබැඳේ නම් විවාහය දෙදරා යාමට බොහෝ ඉඩකඩ ඇත.
මෙසේ බලාපොරොත්තු වන පුරුෂයා විටක
තව කීදෙනෙකු ස්පර්ෂ කරපු කෙනෙකු විය හැකිද? ඉන් පැහැදිලි වනුයේ තමන් හැම පිරිසුදු
ජල බඳුනක්ම අපවිත්‍ර කිරීම කළ හැකි නම් එවැනි අපවිත්‍ර වූ ජල බඳුනක් තමන් පවිත්‍ර
කිරීමට අකමැති වනුයේ මන්ද යන්න ප්රශ්නයකි. ඇත්තටම කන්තාව පමණක් පතිවත යන මිනුම් දණ්ඩ කුමකට ආරෝපණය කර ඇතිද? එසේ
පිරිමියාට කිනම් මිනුම් දණ්ඩක්ද? ඔහු කුමන තැනක ගියත්, කුමක් කළත් ඔහුගේ පාරිශූද්ධත්වය
අප කෙසේ නම් පරීක්ෂා කළ යුතුද යන්න ප්රශ්නයකි.
පළමු රාත්‍රිය තම ශාරීරික බැඳීම
ශක්තිමත් නොවුවහොත්, ඔවුන් එකිනෙකාගෙන් තෘප්තිමත් වීමට නොහැකි වුවහොත් එය ඔවුන්ට
මහත් ගැටලුකාරී තත්ත්වයක් බවට පත්වේ. සමහර විට එම චෝදනාවට පවාද ලක්වනුයේ කන්තාවය.
මෙසේ ගොඩනැගෙන පවුල් ජීවිතය තුළ
අද වනවිට තම ස්වාමියා මෙන්ම බිරිඳද වෙනත් අනියම් ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම
සමාජය තුළ දැකගත හැකි වී ඇත. එසේ වනුයේ ස්වාමියා හා භාර්යාව වශයෙන් ඉටුවිය යුතු
යුතුකම් හා වගකිම් දෙකොට්ඨාසය විසින්ම එකිනෙකා කෙරෙහි ඉටුනොකිරීමයි.
තම ස්වාමියාගෙන් බිරිඳගෙන් තමාට
නොලැබෙන ආදරය, ශරීර ස්පර්ශය අද මුදලට, කාලය මත පදනමක් බවට පත්ව ඇත. සෙල්ස් එනම්
විකිණුම් භාණ්ඩ වශයෙන් අවශ්‍යතාවට හා තම වුවමනාවට, වයසට, පාටට, කුලයට, තම ශරීර
සන්තර්පණයට ගැළපෙන පාට පෙට්ටි වන් වූ කන්තාවන්ද පිරිමින්ද අද වනවිට සමාජයේ
වෘත්තිමය වශයෙන් තම ශරීරය විකුණනන්නන් බවට පත්ව ඇත. එවැනි දේ මගින් තම ලිංගික අවශ්‍යතා
සපුරා ගැනීමට විවාහක පිරිමියා මෙන්ම කන්තාවද අද වනවිට සමත්ව ඇත.
තම ස්වාමියාගෙන් නොලැබෙන එම
පහස තව කෙනෙකුගෙන් කාන්තාව අපේක්ෂා කරයිද
ඇය විටක දරුවන් සිටින මවක් විය හැකිය. ඔහුද තරුණයෙකු නැතහොත් බැඳිමක් කුටුම්භයක්
ඇති ස්වාමියෙකු විය හැකිය. මෙසේ සිදුවනුයේ තම අසීමාන්තික හැඟීම්වල පාලනයක්
නොමැතිකමද, සැහීමට පත් නොවීමද, ලැජ්ජාව හා බිය නොමැතිකමද යන්න ප්රශ්නයකි.
විවාහය ඔවුනට මතක නැත. මා හට දරුවන්
සිටිද අමතකය. තමන් අනියම් බිරිඳ හෝ සැමියා සමඟ ඔවුන් තනි වනුයේ කුඩා කළ ප්‍රේමවන්තයින්
ලෙසය. ඔවුන්ගේ ලෝකවල ඔවුන් තනි වනුයේ කිසිදු බරක්පතළක් නොමැති වුන් අයුරිනි.
ලිව්වේ - සෙහානි
ප/ලි - ආගන්තුක ලියන්නියකි. දොස් තිබේ නම් පෙන්වා දෙන්න....
උපදේශාත්මත ලිපියක්
ReplyDeleteජයවේවා....
අසෙනි වැස්සේ තෙමෙන්න ආවට බොහෝම ස්තුතියි වර්ණ. ආයෙත් එන්න.
ReplyDeleteජයවේවා...!
ආදරය හා කාමය
ReplyDeleteමගෙ හද මඩල මල් යහනකි ප්‍රබාවති
නුබෙ හද මඩල කටු යහනකි ප්‍රබාවති
කටු යහනේ ඉන්නට බෑ ප්රබවති
මල් යහනෙන් බැස පලයන් ප්‍රබාවති
සිනා සිසී දොතින් යහන තැනුව ලියේ
මුවාවට ගොසින් ඉකි බිද හැඩුව ලියේ
මටම නොවේ කටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නඩන් කුමරියේ
පිල්ගොමුවකින් පිල්ගොමුවට ඇදුනු ලියේ
මල් සුවදකට බැදි වරලස ඉනුව ලියේ
පවලම් පොටින් ගිලිහුනු තාරකාවියේ
කරපු පවට නඩන් දේවතාවියේ
අසෙනි ලියුව දේ ඇත්ත... දෙන්නා අතර හොද බැදිමක් තුබුනානම් හරි...
දෙදෙනෙකු අතර අවබෝධයකින් තොරව ඇතිවන බැඳිම් සදාකල් නොපවති.
Deleteබොහෝම ස්තුතියි ජීවන්ත. ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න මේ පැත්තට ඇවිත් යන්න.
ජයවේව....!
කාලීනයි. විස්තරාත්මකයි. වැරැද්දක් නං පේන්න තිබ්බෙ නෑ මොකද, එක හුස්මට කියෙව්වා.
ReplyDeleteඇත්ත ද? බොහෝම ස්තුතියි ඩ්රැකී.
Deleteජයවේවා....!
හම් හම්...... waradak නැ අක්කි aththatama ලස්සනයි.......
ReplyDeleteබොහෝම ස්තුතියි යශෝධා.
Deleteජයවේවා...!
gud
ReplyDeleteබොහෝම ස්තුතියි මිහිර. ආයෙත් අසෙනි වැස්සේ තෙමෙන්න එන්න මේ පැත්තට.
Deleteජයවේවා...!