Tuesday, September 29, 2015

නුඹය බුදුරුව මා අම්මේ.....






නුඹේ සිනහව පහන් සිළුවකි නොනිමෙනා
නුඹේ සෙනෙහස මහා සයුරකි නොසිඳෙනා

වැසි වැටී පිරෙනා
වැව් දියට වැඩියෙන්
නුඹේ හිත තුළ ඉපදෙනා
නිමක් නැති වූ මහ කරුණා
ගුණය මට දැනුණා
අම්මේ....

සාර පින් පිරෙනා
කිරි වෙහෙර නුඹමයි
කොත් කැරැල්ලකි මා
හිතම සනහා අසිරි ගෙනෙනා
නුඹය බුදුරුව මා
අම්මේ.....
සෙහානි

13 comments:

  1. Replies
    1. බෙහෝම ස්තුතියි යශෝධා ලක්මිණී.
      ජයවේවා...!

      Delete
  2. මැක්සා මචන්
    නියම අදහස
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වර්ණ කුලකය. ආයෙත් මේ පැත්තේ ඇවිත් යන්න.
      ජයවේවා....!

      Delete
  3. අද ආවෙ මෙ පැත්තට.
    මවි ගුණකද නමි කොතෙක් ලීවත් අවසන් කරන්න බැරි තරමට අප්‍රමානයි
    ඔබෙ පබැදුම ලස්සනයි.ආයෙත් එන්නමි.
    වෙලාවක් තිබනොත් ඇවිත් යන්න එන්න ඒ පැත්තට
    http://manomandira.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තටත් ආවට ස්තුතියි මනෝ මන්දිර. අනිවාර්යෙන්ම අපිටත් ඔය පැත්තට ඇවිත් යන්නම්.
      ජයවේවා....!

      Delete
  4. නිමක් නැති සෙනෙහසක් ගැන කොතෙක් කීවද නෑ මදි හිතට
    හරිම අගෙයි අසෙි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මවු සෙනෙහස අපිට කොතොරම්ද කියා නිමන කරන්න බැරි තරම්.කිසිදාක කිසිම දෙයක්ට එය සම කරන්න බැරි තරම් උතුම්.
      බොහෝ ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට මහේෂ් රත්නායක ආයෙත් එන්න.
      ජයවේවා.....!

      Delete
  5. ඔන්න මමත් ආවා. කවි ගැන නම් මං මෙලෝ දෙයක් දන්නෙ නෑ. ඒත් ඉතින් කවියක් කියවලා හොඳද කියන්න නම් දන්නවා. ඇත්තටම ලස්සනයි. මං හිතන්නෙ කෙටියෙන් කියලා තියෙන නිසා වටිනාකම වැඩී වගේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යෂ්යන්ත ශ්‍රිනාත්. ඔයාගේ අදහස අපිට ගොඩක් වටිනවා. ආයෙත් අසෙනි වැසි පැත්තේ තෙමෙන්නු එන්න.
      ජයෙවේවා....!

      Delete
  6. කැමාගෙ සයිට් එකෙන් මං සළකුණු දැක්කෙ. දිගටම එන්නං ඈ...

    ReplyDelete
    Replies
    1. ජයවේවා දිගයම එන්න ඩ්‍රැකියුලා

      Delete
  7. රක්ත රුහිරය ඔබම පමණයි හද ගැබෙන් ගෙන කිරි කලේ.... (අමමා) ලස්සනයි සෙහානි අක්කේ

    ReplyDelete

වැටුණු වැහි බිඳු

Popular Posts