Saturday, September 26, 2015

මෙයද ආදරේ කියනු මැන ලඳේ....





සිහිනයෙන් හැමදාම ආවත්
එකම දවසයි හමුවුණේ
සිහිනයෙන් හැමදේම කීවත්
එකම වදනයි පැවසුවේ

මට නොතේරෙන කදුළු බිඳුවකි
මගේ නෙත් අග ඉපදුණේ‍
නුඹ මගේයැයි මගේ හිත ඇයි
සිහින් ස්වරයෙන් මැතිරුවේ
මෙයද ආදරේ
කියනු මැන ලඳේ

හද නිවාලන සුවඳ කැකුළකි
නුඹේ නෙත් මත පිබිදුණේ
ඔබ මගේ හිත අරගෙනම ඇයි
ඉහළ අහසට ඉගිලුණේ
එයද ආදරේ
කියනු මැන ලඳේ
ලක්ෂාන්

2 comments:

  1. ?????? ane manda..... aththatama lassanai aiyee.. oya mara talnted aiye.......

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යශෝධා.
      ජයවේවා....!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts