Wednesday, November 11, 2015

පන්ති පරතරය හා සමාජ විෂමතාව - එදා කුලය වෙනුවට අද මුදලද?

අප සමාජය තුළ එදා සිට අද දක්වා දැකගත හැකි සමාජ ප්‍රශ්නයක් ලෙස පන්ති පරතරය නැතහොත් පන්ති විෂමතාව සාමාජික මිනිසා තුළින් අද වනවිට උග්‍ර ලෙස දැකිය හැකිය.

බ්‍රාහ්මණෝස්‍ය මුඛ මාසීද් - බාහු රාජන්‍යඃ කෘතඃ
ඌරු තදස්‍ය යද් වෛශ්‍යඃ - පද්භ්‍යාම් ශුදෝ අජායත
මේ ලෙසින් එදා ක්‍රි.පු. 6 වන සියවසේදී එනම්, බ්‍රහ්මණ යුගයේදී උත්පත්තිය පදනම් කරගනිමින් බ්‍රහ්මණ, ක්‍ෂෙත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන කුල 04 ක් බෙදා වෙන්කර තිබුණි. මෙහිදී බ්‍රහ්මණ කුලය උසස් ලෙස, ක්‍ෂෙත්‍රිය යනු විශාල කෙත් වතුවලවල අයිතිකරුවන්, වෛශ්‍ය යනු ආර්ථිකයේ නියමුවන්, ශුද්‍ර කුලය යනු සමාජයේ පහත් කුලය එනම් අනිත් කුලයන්ගේ ගතානුගතික සියලුම කුණු, අශූචි යන මේවා ශුද්ධ කරන්නන්ය. නමුත් බුදුදහම ලැබීමත් සමග මේ සියල්ල වෙනස් විය.
බුදුදහම තුළ මිනිසා යනු, ගහකින් ගහක්, උරගයෙක්ගෙන් උරගයෙක් වෙන්කර හඳුනාගත හැකි වුවද මිනිසා එසේ වෙන්කර හඳුනාගත හැකි කිසිදු ජීව විද්‍යාත්මක සාධකයක් නොමැති බවය. එනම් පුද්ගල ක්‍රියාකලාපය මත පුද්ගලයා වසලයෙක්ද බ්‍රහ්මණයෙක්ද වනුයේ තම කුලය මත නොව තම ක්‍රියාවන් තුළ ඇති ප්‍රතිඵලය මත බව බුදුන් වහන්සේ පෙන්වා දෙන ලදී. එමෙන්ම බුදු සසුන තුළ සියල්ලන්ටම සමානුපාතිකයක් එමෙන්ම නිදහසක් හිමි විය.
මෙරට පැරණි ප්‍රභූ සමාජයක් ලෙස වලව්ව වටා ගොඩනැගුණු ග්‍රාමිය පරිසරය තුළද මෙම පන්ති පරතරය එකල බහුලව ගොඩනැගුණු සමාජ ක්‍රමයක් විය. වලව්ව යනු පරිභාර ලෝකයට විවෘත නොවූ සැඟව තිබුණ ස්ථානයකි. එහි දොර ජනෙල් පවා දැඩිව පියවී තිබුණේ බාහිර සමාජයේ සුළඟක්වත් ප්‍රවේශ නොවීමටය. ඒ තරමට වලව්ව හා සාමාන්‍ය පුද්ගලයා අතර ඇති පරතරය මනාව ප්‍රකට වේ. පාරම්පරික ස්වරූපයෙන් පැවතගෙන ආ උඩගුකම, ප්‍රතාපවත් බව එකල සමාජයේ පුද්ගලයා තුළ තිබුණේ වලව්ව පිළිබඳ දැඩි බියක් හා යටහත් බවකි.
වත්මන් සමාජය මුදල මත දිවෙන සමාජයක පුද්ගලයා කුලය මත නොව දුප්පත්කම, පොහොසත්කම මිනුම් දණ්ඩක් වශයෙන් ගෙන අධික ලෙස පුද්ගලයා යටත් කර ගනිමින් පහත් කරමින් සමාජය තුළ දැඩි ලෙස කොන් වීම හා අසාධාරණයයට ලක් වනුයේ නිලතල, බල පුළුවන්කාරකම් ධනවත්කම මත දුබල දුප්පත් මිනිසා යටව පොඩිව තැලී යනුයේ සුදුස්සාට සුදුසු තැන පවා අහිමි කරමිනි. මේ සියල්ලටම හේතුව වනුයේ සමාජය තුළ පවතින ධනවත්කම හා දුප්පත්කමය. ඇත්තටම එය පුද්ගලයා මැනීමට මිනුම් දණ්ඩක්ද? මා හට නම්  හිතනුයේ පුද්ගලයා භාහිර දේවල් මත පමණක් මිනිසා වෙනස් වන බවය. නැතහොත් අප සියල්ලන්ම එකම විදිහට හුස්ම ගනු ලබන මිනිසුන්ය.
මිනිසා නිලතල, රැකියාව ධනවත්කම, දුප්පත්කම, විවිධ ක්‍රියාකාරකම් මත භාහිරින් පුද්ගලයා වෙනස් වේ නමුත් අප සියල්ලන්ම එම ලෙයකින් එකම මනසකින් එකම වා තලයක විවිධ ජාතීන්, විවධ පාටින්, ස්ත්‍රී පුරූෂ භාවයෙන් විවිධ තරාතිරම්වල උපත ලබනුයේ මිනිසුන් ලෙසිනි. මෙසේ උපදින මිනිසාට සමාජය තුළ කෙසේ නම් පන්ති පරතරයක් හිමිද යන්න මා හට ඇති ප්‍රශ්නයයි. මෙයට ප්‍රධානම හේතුව මුදලය. අද මුදලට මිනීමැරීම පවා සිදුකරයි. මුදල මත දිවෙන සමාජයක මනුෂ්‍යත්වය, සාධාරණත්වය, සාමාග්‍රීය පවා මේ සියල්ල පරිහානියට පත් වී ඇත. මුදලට අද පුද්ගලයාට කිරීමට ගැනීමටද දෙයක් නැති තරම්ය.
අද සමාජය තුළ දුප්පත්කම අප රට තුළ පාරවල් තොටවල්වල සිටම දැකගත හැකිය. මෙයට දියහැකි උදාහරණයක් ලෙස හිඟන්නා පෙන්වා දිය හැකිය. එමෙන්ම මුඩුක්කු සමාජ, ලයින් කාමරවල, කුලි රස්සාවල් කරමින් කුටුම්භය රක්ෂා කරන්නන්, මැදහත්ව ජීවනෝපාය කරමින් ජීවිතය ගෙවන්නන්, අතිෂය ධනවත් පුද්ගලයන් අද වන විට මෙම සමාජය තුළ ජීවත් වනු දැකිය හැකිය. මෙසේ ජීවත් වනුයේ මිනිසුන්ය.

තම නිලතල තාරාතිරම, දුප්පත් පොසත්කම, මතද පුද්ගලයාට සමාජය තුළ හිමි ස්ථානයට අනුරූප තැන ලබා දෙනුයේ නම් එය සම්පූර්ණයෙන් වරදකි. දුප්පත්  හිඟන්නෙකු  වුවද පොහොසත් යැයි සමාජය පිළිගත් පුද්ගලයා තුළ නොමැති මනුෂ්‍යත්වය දැක ගත හැකිය. පුද්ගලයා නිලතල, ධනවත්කම, කුලය මත නොව ගති ගුණාංග මත පුද්ගලයා මිනුම් දණ්ඩනය කළ යුතුය. ධනවත් පුද්ගලයෝ බහුතරයක් සමාජය තුළ කළ යුතු සියලුම වැරදි සිදුකරති. තම මුදල මත තම ආධිපත්‍ය පතුරමින් සාමාන්‍ය පුද්ගලයා බය කරමින් අද වනවිට තමන් ජීවත්වන ප්‍රදේශය තම යටත්විජිත බවට පත්කරන් ජීවත් වන්නන්ද සමාජය තුළ දක්නට ඇත. මුදල මත පුද්ගලයාට සාමාජීය වශයෙන් තත්ත්වය මත බොහෝදුරටම මෙම පන්ති විෂමතාව උද්ගතව ඇති බව පෙනී යන්නකි. අද සමාජය තුළ ඇඳුරුම්කම් මත හෝ නිල තල මත දක්ෂතාවද බිල්ලක් බවට පත්ව තිබෙන අවස්ථා කොතෙකුත් දැකගත හැකිය. සියල්ලටම හේතුව මුදල මත ගොඩනැගෙන සමාජයක මනුෂ්‍යත්වය බල්ලට යාමය.

ලිව්වේ - සෙහානි

12 comments:

  1. ඔය උඩිං තිබ්බ ශ්ලෝකයෙ තේරුම මං දැම්මා මෙතන ගොඩ කාලෙකට කලිං...

    ReplyDelete
    Replies
    1. නියම ලිපියක් ඩ්‍රෑකී.
      බොහෝම ස්තුතියි.
      ජයවේවා...!

      Delete
  2. එකඟ වෙමි. මුදල මත පන්ති වශයෙන් කෙසේ වෙතත් පුද්ගල වශයෙන් දැඩි විෂමතාවක් හටගෙන ඇති බව නම් පෙනී යයි. දුප්පතෙකුට අප වැනි රටක නම් වීර්යය කළ හොත් මුදල් යහමින් ඇති පෝසතෙකු විය හැකි බවද පැවසිය යුතුමය. නමුත් විය යුත්තේ මුදල මත මනුෂ්‍යත්වය පාවා නොදීමය දැඩිව එකඟ වන අවසන් වගන්තිය මුදල මත මිනිසත් කම බල්ලාට දැමීම පිටු දැකීමය...
    ජයවේ අසෙනි!

    ReplyDelete
    Replies
    1. ඒක හරි උත්සාහය තුළින් දුප්පතෙකුට උවද සාධාරණව ධනවත් විය යුතුය. මුදල මත ගෙවෙන සමාජයක අද මනුෂ්‍යත්වය බල්ලාටය..උත්සාහයෙන් යුතුව තම විර්යෙන් තමන් සතුකර ගන්නා දේට වටිනාකමක් දිය හැකිය.නමුත් අසාධාරණයෙන් මිනිසා පෙළා පගා මුදල් හම්බ කරයි නම් ඔහු තිරිසනාටත් වඩා පහත් තත්වයට පත් වේ. අද මුදලට වඩා වැදගත් විය යුත්තේ මනුෂ්‍යතවය වග අද මිනිසාට වැටහෙන්නෙ නැද්ද යන්න අද අප ඉදරියේම ප්‍රශ්ණයකි.

      බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා....!

      Delete
  3. පන්ති පරතරය කියන්නෙ කුහක කම අසෙනි. මිනිස්සුන්ගෙ මනුස්සකම නැ

    ReplyDelete
    Replies
    1. ඔව් මිත්‍රවර්ණ මිනිස්සු පන්ති පරතරයට මුලික හේතුව මනුස්සයාගේ හිත තුළ ඇති කුහකකම පුහු මවා ගත්තත මාන්‍ය, නම්බුව, තමාගේ කුලයෙහි ඇති වැදගත්කම යන මේවා පුද්ගලයා ආභරණයක් කරෙගනිමින් ඇත. ඇත්ත මේ වැඩකට නැතිම දේවල්ය. ඔවුන් ආඩම්බරයෙන් එවා ගැන කතා කළද එහි කිසිදු සත්‍යතාවක් නැත. වැදගත් වනුයේ මනුෂ්‍යත්වය. බුද්ධ දේශනාව තුළත් ඇත්තේ

      යතා එතාසු ජාතිසු - ලිංගං ජාති මයං පුථු
      එවං නත්ථි මනුස්සෙසු - ලිංගං ජාති මයං පුථු

      ගසකින්, ගසක්, උරගයෙක්ගෙන් උරගයෙක් වෙන් කර හදුනාගත හැකි වුවද මිනිසා එසේ වෙන් කර හදුනාගත හැකි කිසිදු ජිව විද්‍යාත්මක සාධකයක් නොමැති බවය.
      එමගින් පැහැදිලි ජාති, ආගම්, කුලමල මත පුද්ගලයා වත්මන් සමාජය තුළ වර්ගිකරණය වුවද ඇත්ත වශයෙන්ම මිනිසා යනු එකම කොඨාශයකි. බාහිර පුද්ගලයා ගොඩනගා ගන්නා දේවල් මතය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනුයේෙ. නැත්නම් අප සියල්ලම එකම මිහිතලයකම.

      බොහෝම ස්තුතියි මිත්‍රවර්ණ.
      ජයවේවා...!

      Delete
  4. Replies
    1. බොහෝම ස්තුතියි අවංක ආර්යන්.
      ජයවේවා....!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts