වත්මන්
සමාජය තුළ අද වනවිට වංචා, දූෂණ, අපචාර, මිනීමැරුම්,
මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ යනාදී අපරාධ රැසක් අසන්නට
ලැබේ. එහිදී මෙම අපරාධ ස්ත්‍රී පුරුෂ භේදයකින්, වයස් සීමාවකින්
තොරව සිදුකරනු ලබයි.
එදිනෙදා
පුද්ගලයා තුළ ජීවත්වීමේදී අරගලයට මුහුණදීමට නොහැකිව ඔවුහු මංකොල්ලකෑම්, මුදලට මිනිසුන් මැරීම පවා සිදුකරති. මෙයට ප්‍රධානතම හේතුව ලෙස රට තුළ
ආර්ථිකයෙහි ඇති දුර්වලතාව ප්‍රමුඛ වේ. එහිදී සෑම පුද්ගලයෙකුටම රැකියාවක් අද වනවිට
අප රට තුළ නිර්මාණය වී නැත. සමාජය තුළ පුද්ගලයා වැරදිකාරයෙකු ලෙස බිහි වීමට හේතු රාශියක් බලපායි. විටෙක දරුවා පවුල තුළ ලබන වටපිටාව, එහිදී පියාගේ හැසිරීම, ඔවුන්ගේ රැකියාව යන බොහොමයකි.
එමෙන්ම තමන් ජීවත් වන සමාජ වටපිටාව තුළ
වැරදිකාරයෙකු ලෙස බිහිවීමට ප්‍රධාන හේතු ලෙස පෙන්වා දිය හැකිය.
එමෙන්ම
මව විදේශගත වීම, පියාගේ අධික
මත්ලෝලී බවද මේ සඳහා බෙහෙවින් බලපානු ලැබේ. යහපත් පරිසරයක්
නිවස තුළ පිහිටියද යාළු මිත්‍රයන් මත මත්ද්‍රව්‍ය භාවිතය, සොරකම් කිරීම්, විවිධ කෝලහෝලවලට පැටලීම් ආදිය වුවද මගින් පුද්ගලයා
සමාජයට වරදිකාරයෙකු ලෙස බිහිවීමට බලපාන අනිකුත් කාරණා ලෙසද පෙන්වා දිය හැකිය.
එමෙන්ම
පරිපූර්ණවත් අධ්‍යාපනයක් නොලැබීම මගින් ශිෂයෙකු වශයෙන් හික්මවීමක් නොමැති වීම
යහපත් ගතිසිරිත් අධ්‍යාපනය තුළින් ඔවුන්ට අහිමිවි යාම මෙහිදී තවත් එක් පැත්තකි.
වත්මන් සමාජය තුළ O/L, / A/L යන සහතික මත තම රැකියාව සඳහා මූලික
කඩයිම වන මෙවා ජය ගැනීමට නොහැකි වූ විට දෑතේ කර්මාන්ත වෙත යොමුවේ. විටෙක රැකියාවල්
දහසකුත් කොට ඉන් එකකින්වත් පලක් නොවූ තැන තම ජීවිතය පවා කළකිරීමට පත්ව ඔවුන්ගේ ජීවිත
වල්මත්භාවයට පත්වේ.
මෙහිදී
මෙය ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස පවුල තුළ ඇති දරිද්‍රතාව පෙන්වා දිය හැකිය. දරිද්‍රතාව
හේතුවෙන් ඔවුන් පළමුව කරනුයේ අධ්‍යාපනය නැතහොත් පාසලට තිත තැබීමය. මෙහිදි මුදල්
යහමින් ඇති තැන ඔවුහු අධ්‍යාපනය ලබති. නමුත් සමහර උන් අන්තයට පිරිහෙයි. එහිදී මුදල මත මොවුන් විවිධ වැරදි ක්‍රියාවන්
සඳහා පෙළඹේ. මත්ද්‍රව්‍ය භාවිතය, රාත්‍රී සංදර්ශන සහිත වූ විවිධ හොටෙල්ස්වලට යාම, යනාදී විවිධ දේවල්වලට යොමුවේ. මෙහිදී පුද්ගලයෙකු සමාජය තුළ වැරදිකාරයෙකු
ලෙස බිහිවනුයේ මුදල් නොමැතිකමද? ඇතිකමද කියා වෙන්කර ගත
නොහැකිය.
විටෙක
පුද්ගලයා තුළ බිහිවන ක්‍රෝධය,
වෛරය මිනීමැරීමට පවා දුර යනු ඇත. කාමුක සිතුවිලි, තරහව, ඊර්ෂ්‍යායාව යනාදී පුද්ගලයාගේ අන්තර්ක්‍රියා
කලාපයන් රාශියක් මේ සඳහා බලපෑ හැකිය. මා නම් සිතනුයේ තම
අභ්‍යන්තරික සිතුවිලි ඝට්ටනය වුවද පුද්ගලයෙකු වැරදිකාරයෙකු වීමට බලපානු බවය. තමා
විසින් සිදුකරනු ලබන දේවල් පිළිබඳව නිරතුරුව අවබෝධයෙන් කටයුතු කරයි නම් මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ඇති බවය.
තම
සිහිය මත තමා මනුෂ්‍යයෙකු මෙන්ම අමනුෂයෙකු වුවද තමා තුළින් බිවනුයේ තම අන්තර්ගත
සිතුවිලිවල ඇති අන්තරය මතය. එහිදී රටෙහි පාලකයන්ගේ වුවද වගකීමකි. තරුණ පරපුර සඳහා
අවශ්‍ය වුවමනා ඉටුකර රට තුළ නිවැරදි ආර්ථිකයක්, අධ්‍යාපනයක්, රැකියා නිර්මාණය කරමින්, රට තුළ වෘත්තීය පුහුණු සඳහා පුද්ගලයා යොමුකරලීම නිවැරදිව කරයි නම්,
සමාජය තුළ නොමගට යන තරුණ පරපුර බේරාගැනීමේ හැකියාව ඇත.
විටෙක
සොරකම් කරනුයේ ජීවත් වීමටය,
තම කුටුම්භය ආරක්ෂා කිරීමටය. මුදලට මිනිසාම තව පුද්ගලයෙකුගේ ජිවීතය
මිලකට උදුරා ගනුයේද විටෙක මුදල් හම්බ කිරීමටය විටෙක තම ක්‍රෝධය තරහව පිරිමසා ගැනීමටය.
එය කෙසේ වුවද වරදකි. සමාජය තුළ වැරදිකාරයෙකු වීමට අන් අයගේ මෙන්ම තමාගේම ක්‍රියාකාරකම්
බලපාන බව මෙමගින් පැහැදිලිය.
පවුල්
පසුබිම, සමාජ වටපිටාව, යාළු මිත්‍රයන්, ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්, දරිද්‍රතාව, තමාට සමාජයේ සිදුවන අසාධාරණය, කොන්වීම, දෙමාපියන්ගේ ක්‍රියාකලාපය, තම
අන්තර්ගත සිතුවිලි, මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වීම, අඩු
වයස් විවාහ, විවහා වී සිටියදි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම විසින්
පවත්වාගෙන යන අනියම් සබඳතා, නරක සමාජයක ආශ්‍රය යන බොහෝමයක්
මත පුද්ගලයා වැරදිකාරයෙකු ලෙස සමාජයට අවතිර්ණ වීමට බලපාන කරුණු ලෙස පෙන්වා දිය
හැකිය.
විටෙක
සමාජය තුළ කුඩුකාරයා, හොරා, බේබද්දා යන චෝදනාවලට පවා පුද්ගලයා ලක්වේ.
එහිදී නීතියට පවා කොටුවේ. පුද්ගලයා තුළ ඇති ආවේගකාරී සිතුවිලි පාලනය කළ යුතුය. මැදහත්භාවයෙන්
යුතුව තම ලෝක පාලක ධර්ම සහිතව තමා හඳුනාගෙන අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුය. කොතරම්
වැරදි සමාජයක වුවද තමා හඳුනාගැනීම කළ යුතුය. එවිට තමන් වුවද සමාජය ඉදිරියේ
වැරදිකාරයෙකු නොවනු ඇත. මුදල මත දිවෙන සමාජයක මැදහත් බවින් යුතුව ජීවත්ව තමා රක්ෂා
කරයි නම් එය සහජ ධර්මතාවකි. තමා පන්සිල් පද ආරක්ෂා කොට ජීවත් වේ නම් එය අන් අයට ආදර්ශමත්
වේ නම් එය තමා තුළින් ගොඩනගා ගත යුතු ධර්මතාවයකි. තමා විසින්ම තමා තුළ වැරදිකාරයෙකුද
නිවැරදිකාරයෙකුද යන්න බිහිවනුයේ තම ශරීරය තුළමය. සිහිය, අවබෝධය
මත කටයුතු කරයි නම් තමා තුළින් කෙදිනකවත් අයහපත් පුද්ගලයෙකු බිහිනොවනු ඇත.
බුදුන් වහන්සේ වුවද දේශනා කර තිබේ.
බුදුන් වහන්සේ වුවද දේශනා කර තිබේ.
“මමද මඩෙහි ඉපද මඩෙහි හැදී වැඩි මඩ
හා අසම්බන්ධව
සිටින්නා සේ”
එහිදී මඩ යනු කෙලෙස් සහිත සමාජයයි. එනම් වැරදි සමාජයේ වුවද අප හරියට ජීවත්ව සිටී නම් කිසිවකුට නොහැකිය අප ලවා මිනීමැරීමට, සොරකම් කිරීමට, මත්ද්‍රව්‍යවලට පුරුදු කිරීමට, මෙන්ම පෙළඹවීමට. ධර්මය මත පුද්ගලයා ගොඩනැගෙනුයේ නම් අන් කවරක් අවශ්‍ය නැත. ධර්මයම ඔහු රකිනු ඇත. එය ඔහුට හිමි ප්‍රසන්නතාවද එයමය.
ලිව්වේ - සෙහානි
හොද ලිපියක්..... ජයවේවා
ReplyDeleteබොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී. ආයෙත් මේ පැත්තට ඇවිත් යන්න එන්න.
Deleteජයවේවා...!
ධර්මයට සේරම භාරදීල හරි යන්නේ නෑ. නීති තද වෙන්න ඕනේ. නීතිය දැඩි කිරීමෙන් විතරයි මේ අපරාධකාරයො පාලනය කරන්න පුළුවන් වෙන්නේ.
ReplyDeleteනිතිය රටට අනිවාර්ය වූ සාධකයකි . නමුත් අද කොයිතරම් නීනි තිබුණද පුද්ගල සදාචාරය පරිහානියට පත්ව ඇත. පුද්ගල සදාචාරය පරිහානියට පත් වනවිට එය සමාජ සදාචාරයද පරිහානියට ලක් වේ. මෙහිදි පුද්ගලයා තුළ තිබිය යුතු යහපත් ගති ගුණාංග ඔවුන් තුළින් බැහැරව යයි. නීති පොත් පිටු ගණන් පිරුණද පුද්ගලයා යහපත් නොවේනම් පුද්ගල ජිවිතය අාදර්ශමත් එමෙන්ම ධර්මානුකුල නොවේනම් නීතියටවත් බැහැ. පුද්ගලයා මිනිසෙකු කිරිමට.පුද්ගලයා තුළින් ලෝක පාලක ධර්ම වන ලැජ්ජාව භිය ඇත් වු විට ඔවුන් කිසිදු වරදක් කිරිමට බිය නොවෙති.
Deleteමා නම් සිතනුයේ පුද්ගල ජිවිතය අවබෝධයෙන් යුතුව සිහිය ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරයි නම් සමාජයේ වුවද අරාපාධ අඩු විය හැකිය. පුද්ගලයා තුළින්මයි තම නිවැරදි පුද්ගලයෙකුද වැරදි පුද්ගලයෙකු ද බිහි වනුයේ තම අන්තර්ගත සිතුවිලි යහපත් අයුරින් පාලනය කිරිමට පුද්ගලයා උත්සහා ගත යුතුය.ධාර්මික බව තම ජිවිතය සුරක්ෂා කරන බවත් එම මාර්ගයේ ගමන් කරනුයේ නම් රට තුළ සිදුවන අපරාධ වලක්වා ගත හැකි බව මගේ විශ්වාසයයි. පුද්ගල ජිවිතය ධර්මානුකූලය ගෙවයි නම් කිසිදු විපතක් කාටවත් සිදු නොවනු ඇත.
බොහෝම ස්තුතියි වනිතා හඩ. ආයෙත් පැත්තට ඇවිත් යන්න.
ජයවේවා...!
එකඟයි.... සෑම අපරාධයකටම සිතුවිල්ලක් මුල් වන බව ඉඳුරාම පැවසිය හැකි බැවින් එම සිතුවිල්ලට කෙරෙන ප්‍රතිකාර එනම් නිදසුන් ලෙස අධ්‍යාපනය, ආධ්‍යාත්මික සංවර්ධනය ආදී වූ නොයෙක් ක්‍රම මගින් අපරාධ මූලය දුර්වල කරන්නේ නම් ස්ත්‍රී දූෂණ මිනීමරුම් ආදී වූ අපරාධයන් නැත්තටම නැතිකිරීම නොව අතිශය මර්දනයකට යා හැකිය......
ReplyDeleteජයවේ අසෙනි තෘ සෙහානි
සදාචාරය, සිතුවිලි, හැඟිම් පාලනය කළ නොහැක. නීතිය වරදට දඬුවම් දීම, පුද්ගල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නකි. රටෙහි සාමය ආරාක්ෂා කිරිමට කටයුතු කරන්නේය.
Deleteනීතිය පිලිබද නිර්වචන
සාමාජීය විද්‍යාවක් වූ නීතිය සම්බන්ධයෙන් පොදුවේ පිළිගත හැකි පොදු නිර්වචනයක් ඉදිරිපත් කිරිම අපහසුය. එක් එක් දාර්ශනිකයන් දේශපාලන නීතිය අර්ථ දක්වා තිබින්නේ විවිධ ආකාර්යෙන්ය. නීතිය යන්න නිර්වචනය කිරීමේදී අපට සිදුවන්නේ එවන් අර්ථකතන කීපයක් සලකා බැලීම පමණි.
“නීතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය වේ.” - ඝ්‍රික මහා දාර්ශණික ඇරිස්ටොටල්
“නීතිය යනු ස්වාධ්පතිගේ ආඥාවයි “ - ජොන් මස්ටින්
“නීතිය යනු ප්‍රජා විමක උපකරණයකි” - කාල් මාක්ස්
1. ව්‍යවස්ථාව
a. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
b. සෙසු ව්‍යවස්ථා
c. අධිකරන තීරණ
d. චාරිත්‍ර
e. නීතිවේදීන්ගේ මත
f. සාධාරණත්වය පිලිබද සංකල්ප
g. ආගම
මේ දේවල් නීති මුලාශ්‍ර වේ. නමුත් මේ කිසිවකට මිනිස් සිත පාලනය කළ නොහැක. සිත තමාගේමය.එහි අන්තර් ගත සිතුවිලිද තමාගේමය.කිසිදු වෙනත් බාහිර සාධකයකට පුද්ගලයා පාලනය කළ නොහැක.
පුද්ගලයා තම සිත දමනය කරයි නම් ඇත්තටම මේ සිදුවන සියලුම අපරාධ, දුෂණ, මිනිමැරුම් පවා සම්පුර්ණයෙන්ම නැති කළ හැකිය. පළමුව යහපත් විය යුත්තේ තමුන් තමා අාදර්ශමත් වනවිට තම පවුලද ඉන් පසු වට පිටාවද සමාජයද රටටද ඉන් පසු යහපත් වනු ඇත.
බොහෝම ස්තුතියි වර්ණ.
ජයවේවා...!