ළමයින් යනු දෙමවුපියන්ගේ රැකවරණය, ආරක්ෂාව,ආදරය අතැතිව
පවුල හෙවත් කුටුම්භය තුළ අධ්‍යාපනය ලබමින් දෙමාපියන්ගේ ඇස් මායිමේ ජීවත්වන්නන්ය.තම
අවශ්‍යතා වුවමනා තනිව සපුරා ගත නොහැකි ඒ සඳහා දෙමාපියන්ගේ ආධාරකයන් මත තම ජීවිතය
ගොඩනගා ගන්නා කාලය ළමා කාලය ලෙස සරලව හැඳින්විය හැකිය.ළදැරිය, දැරිවිය,තරුණයා තරුණිය ලෙස ලොකු මහත් වනුයේද පුංචිවුන්ය.අප රට තුළ අවුරුදු 18 ට
අඩු දරුවන් ළමයින් ලෙස හඳුන්වයි.
ඔවුන්ගේ මුලික කාර්ය වනුයේ අධ්‍යාපනය හැදෑරීමයි.තම දක්ෂතාවන් හඳුනාගෙන
ඉදිරියට යාම අවශ්‍යතාවය වේ.තම මවගේ ඇකයේ උණුසුම ලබමින්,නොඅඩුව තාත්තාගේ ආදරය ආරක්ෂාව
ලබමින් තම නිවස තුළ තම උත්සහා කරනුයේ තම ජීවිතය ගොඩනගා ගැනීමටය.එසේ ජීවත්වන තරුණයාට වඩා අද තරුණිය නැතහොත් කන්තාවට තම පවුල තුල
මෙන්ම සමාජයද සුරක්ෂිතද යන්න ප්‍රශ්නයකි.විටෙක තම පියාගේම ලිංගික ආශාවන්
සපුරන්නියක් බවට වයස් සීමාවකින් තොරව එනම් මෙලොව එළිය දැක දින ගණනක් වුවද නැතහොත්
මාස ගණනක් සැපිරු දරුවන්ද පාසල් අධ්‍යාපනයේ පසුවන වැඩිවියට පත් වු දියණියන්ද අද වනවිට තම ලෙයින් ජාතක කළ පියාගේම ලිංගික ආශාවන් ඉටුකර ගැනීම සඳහා
තම පියා විසින්ම තම දරුවන් අපයෝජනය කරනු ලබයි.
තම පියාගේම ලිංගික අඩත්තේට්ටම්වලට යටවී තම අනාගතය සඳහා නියමිත එක්
මිණුම් දණ්ඩක් වන පතිවත යන කන්තාවට විවාහය ඉදිරියේ ඇති තම පුරුෂයාට තම පවිත්‍රතාව
වෙනුවට තමන් තම පියාගේම,සහෝදරයෙකුගේම,නැතහොත් පුරුෂයෙකුගේම ගැහැනියක
වීමට සිදුවන අවස්ථා කොපමණක් අද සමාජය තුළ සිදුවනවා
ඇත්ද?
ඉමක් නැති තමන්ගේ ආශාවන් තෘප්ත කර ගනුයේ කිසිත් නොදත්,තම කට පුරා තාත්තායයි කියන උප්පැන්නෙට
පමණක් තාත්තා වු තාත්තලාම තම කායික අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගනුයේ එම
අහිංසකයන්ගෙනි.ඒ තරමට අද මිනිසා තිරිසන් වීද යන්න මහත් ගැටලුවකි.ඔව් ඇත්තටම මිනිසා
තිරිසන් වී ඇත.ඔවුන්ගේ සිත් වල උතුරනුයේ රාගය නම් වු ගිනි ජාලාවයි.ශරීරය පවා
ලිංගික ක්‍රියාවලියකටවත් සූදානම් නැති නැතහොත් තම ශරීරයවත් තව කෙකුගේ අශාවන් තෘප්ත
කර ගැනීමට හැඟීමක්වත් පහල නොවන පුංචි වුන් ශාරීරික වශයෙන් පිරිපුන් පුද්ගලයන්ගේ
ශරීරයට යටව තැලී පොඩිවී යනුයේ තමන්ට වූයේ කුමක්ද?මෙය
කුමක්ද?වත් නොදනිමිනි.
විටෙක මරණය පවා වැළඳ ගැනීමට ඇයට සිදුවේ නැතහොත් ජීවත්ව සිටියත් මරණයට වඩා අන්ත කටුක ජීවිතයක්
ගත කිරිමට සිදුවේ.ඔවුන් මහා පොළවට පස් වනුයේ තමාට සිදු වු අසාධාරණයට සාධාරණය ඉටුවේද
යන ප්‍රශ්නාර්ථය සමාජය ඉදිරියේ තබමිනි.නිහඬ නිසංසල දේහය දකින සමාජය අනුකම්පා
කරයි.මාධ්‍ය ඒ සඳහා පුළුල් ඉඩක් ලබාදේ.නොයෙක් කතා නොයෙක් පත්තර පිටුවල ලොකු
අකුරෙන් වාර්තා පලවේ.
ඒත් නීතිය ද මන්දගාමීය.පෝරකය බලා සිටියද පෝරකයට ගෙන යාමට වැරදිකරු කවුරුද
යන්නද සොයා ගැනීමට තරම්වත් අද වනවිට නීතිය වල් වැදී ඇත.මා හට ඇති ප්‍රශ්නය නම්
පිරිමියා තුළ ඇති අසීමාන්තික වූ හැඟීම් පිනවා ගැනීමට පිපෙන්නට වෙර දරන කෙදිනක හෝ
ලොව ජය ගැනීමට සිටින දරුවන්ගෙන් තම අසික්කිත ආශාවන් සන්තර්පණය කර ගනුයේ මන්ද
යන්නය.තමත් ගැහැනියකගේ එනම් මවකගේ කුසයෙන්ම ඉපද නුඹගේ අම්මාම නුඹවද ඒ කරුණාවෙන්,සෙනෙහසකින් ආදරයකින් හදා වඩා ගෙන
පිරිමි දරුවෙකු ලෙස ලොවට බිහි කරනවා මෙන්ම ඒ අම්මාද තම අම්මා මෙන්ම තම දුව මෙලොවට
බිහිකරනුයේ නුඹගේ මව මෙන්ම ආදරය කරුණාව සෙනෙහස පරිදිය නුඹද එවනි මවකගෙන් එනම් කාන්තාවකගේම
කුසයෙන්ම ඉපද එවැනි කන්තාවක් කෙලෙසා දමනුයේ තමා මෙලොව බිහිකළ අම්මාටද නිගා
දෙමිනි.අද දරුවන් මේ සඳහා අවශ්‍ය නැත. ඒ සඳහා වෙනම ගණිකාවන් ඇත.අවශ්‍ය වනුයේ මුදල්
පමණි.ඇයිද බැරි තම ආශාවන් පාලනය කර ගත නොහැකි පිරිමියාට එවැනි කෙනෙකුගෙන් තමන්ගේ
ලිංගික අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාව තිබීයදීත් පුංචි දරුවන් තම අසික්කිත
කාමුකයන් සපුරා ගැනීමට ආධාරකයන් කර ගනුයේ මන්ද?
අද වත්මන් සමාජය තුළ සමස්ත ස්ත්‍රියට හිමි ස්ථානය කොතනද යන්න ප්‍රශ්නයකි.හැම
මොහොතනම ඇයගේ සුරක්ෂාව අඩමානය.ගැහැනියක වී ඉපදීමද ඉපද ජීවත් වීමද අද වනවිට එක්තරා
අභියෝගයකි.එනකම් තම ආරාක්ෂාව අද වනවිට කාන්තාවට වුවද තමාව ආරක්ෂා කර ගැනීමේ
හැකියාව බොහෝවිට අහිමි වෙමින් යන බව දක්නට ලැබේ.පිරිමියා ශක්තිමත්ය.කාන්තාව
දුර්වලය යනුවෙන් විටෙක ප්‍රකාශ කරනු ඇත.එසේ නොවිය යුතුය.පිරිමියාගේ කාය ශක්තියට
ගැහැනිය යට විය යුතුද නැත ගැහැණිය දුර්වල විය යුතු ද නැත.පිරිමින්ට එසේ සිටීමට ඉඩ
දිය යුතුද නැත.කාන්තාව පිරිමියා ඉදිරියේ අසරණවනවානම් එසේ අසරණ කරනුයේ පිරිමියෙකු
නොව තිරිසනෙකුය.පිරිමියාගේ කාය ශක්තිය පෞරුෂය ඉදිරියේ ගැහැනිය ඔහුගේ කාමුක ආශාවන්ගේ
ගොදුරක් වනුයේ ඔහුගේ හැඟීම් සතෙකුට සමාන වු විටය.කෙදිනකවත් සතෙකුගෙන් බේරීමට නොහැක
සතා වුවද පන්න පන්න දෂ්ට කරනු ඇත.අද වනවිට වත්මන් සමාජයේ පිරිමියාද එසේ වී ඇත.
තම පවුල තුළද ආරාක්ෂාව අහිමි ස්ත්‍රිය අද නීතිය නමැති සාධාරණත්වය ඉටු
විය යුතු ස්ථානයේ පවා ඇයට සාධාරණයක් ආරක්ෂාවක් හිමිද යන්න ප්‍රශ්නයකි.නීතිය
ඉදිරියේ නිතිය සුරකින්නන්ගේද අවශ්‍යතාවන් සැපිරීමට කන්තාවට සිදු වී ඇත.ඇත්තටම එයද
සාධාරණය.නැත. නීතිය ඉදිරියේ පවා නීතිය ඇඳුම ඇඳගත් පුද්ගලයාගේ නීතියට පමණක් පොදු වු
කඩදාසි අණ පනත්වලට පමණක් සීමා වු කාන්තාවන් සුරකිමු යන ස්ථානයේ පවා ඇය අද වනවිට
හිංසනයට ලක් වනු ඇත.
අපචාරය,දූෂණය,ලිංගික අතවර,මරණය
යන මේ සියල්ලම ඉපදෙන විටම කන්තාවට පොදු වු ධර්මතාවයක් බවට පත්ව ඇත.කන්තාවට සමාජය
තුළ ඇයටද පිරිමියාට මෙන්ම ජීවත් වීමේ අයිතිය,නිදහස තහවුරු
කල යුතුය.ඇයටද මේ ලොව ඇයට සමාජය,පවුල තුළ තිබිය යුතු ආරක්ෂාව
ඇති කර යුතුය.එමෙන්ම කන්තාවට හිංසා කරයි නම් එවැනි පුද්ගලයෙකුට නීතිය ඉදිරියේ දිය
යුතු උපරිම දඬුවම දිය යුතුය.පිරිමියාට මෙන්ම සමානුපාතික නිදහසක් කන්තාවටද හිමි විය
යුතුය.ඇය ආරක්ෂා කිරිම සෑම පිරිමියෙකුගේම වගකීමක් විය යුතුය.එසේ වනුයේ නම් අද කාන්තාව
මේ මුළු ලොව තුළම සුරක්ෂාවනු ඇත.
ලිව්වේ - සෙහානි
සමානුපාතික නිදහසද මන්දා අසෙනි.... මට නම් හිතෙන්නේ ඇගේ නිදහස ඇයට තිබිය යුතුය. ඇය ආරක්ෂා කිරීම පිරිමියාට භාර දුන්න නිසා තමා අද දුෂණ වැඩි. ඇයව නිදහස් කළ යුතුයි භාරකාරත්වයෙන් ඇය දුර්වල සතෙක් නෙවී. ඇය ස්වාධීන විය යුතුයි පිරිමියෙක්, ගැහැණියක් ලෙස නොවේ මනුෂ්‍යයෙක් විදිහට
ReplyDeleteමට හිතේනනේ එහෙමයි.
අද පුරුෂයාට මෙන් කන්තාවගේ නිදහස සිමාසහිත වි ඇත. පිරිමියාට ඕනෑම තැනක ඕනෑම වෙලාවක යා හැකිය ඒත් ගැහැනු අපට එසේ කළ නොහැක.
Deleteඇය එසේ කළහොත් සමාජයේ වුවද දෝෂාරෝපණයට ලක් වේ. ඇයව විශ්වාසද නොකරයි. රාත්‍රි අඳුරද කන්තාවට ගෙන එනුයේ කාමුක පිරිමියෙකුගෙ ආශාවන් ස්වප්ත කරන්නියෙකු විමටය....එහෙත් පිරිමියාට රාත්‍රීය මංගල්‍යක් විය හැකිය..දහවල වුවද අද කොතනක මොන ස්ථානයක වුවද ගැහැණිය හිංසනයට ලක් නොවන තැනක් නැත. එතනයි සමානුපාතික විය යුත්තේ පිරිමියාට මෙන් නිදහස්ක, ආරාක්ෂාවක් ,ස්වාධිනත්වයක්, ඇයටද මේ සමාජය තුළ හිමි විය යුතුය. පිරිමියාට කාන්තාව භාරදීම ම ඇයව හිංසනය වනවා නොව තාත්තා යනුද? පුරුෂයෙකි. ඒත් මිත්‍ර වර්ණ හැම තාත්තා කෙනෙක්ම නරක නැත. පුංචි කාලේ සිට අපගේ සුරක්ෂාව ඔහු සතුය. අප උපන්දින සිට අපට මේ ජිවිතයේ පුරුෂයා හා බැදිම අනිවාර්යයි. එය ස්වභාව ධර්මයයි. කන්තාව ඇත්ත වශයෙන්ම දුර්වල නොවිය යුතුය. ඒත් පිරිමියාගේ කාය ශක්තිය ඉදිරියේ ඇය අද වනඑවිට දුර්වලය. ඇය පිරිමියා ඉදිරියේ එසේ දුර්වල නොවිමට උත්සහා කළ යුතුය. තම ජිවිතය තමන්ගෙය එය කාටවත් උදුර ගැනීමටවත් අපවිත්‍ර කිරිමට නොදිය යුතුය. ඇත්තටම අපගේ ආරක්ෂකයා අපම විය යුතුය. කවුරුත් කාවවත් අපගේ ආරක්ෂාව භාර නොදිය යුතුය.ඔහුද කොතනක තම විශ්වාසය බිඳ දමයිද? යන්න ඔබද මමද නොදනිමි.
බොහෝම ස්තුතියි මිත්‍රවර්ණ.
ජයවේවා...!
මිනිසා තුළ ආත්මාර්ථකාමීත්වය අතිඋග්‍ර ලෙසින් වර්ධනය වූ කල්හි මෙවන් දේ සිදුවේ යන්න මගේ හැඟීමය. තම ලිංගයට මිනිත්තු කිහිපයක් දැනෙන සුව හැඟීමක් වෙනුවෙන් තව කෙනෙකුගේ, විශේෂයෙන් කුඩා දැරියකගේ අතිවිශේෂයෙන් තමන්ට දාව උපන් දියණියකගේ මුළු මහත් ජීවිතයම බිල්ලට ගැනීම සැබවින්ම උග්‍ර ආත්මාර්ථකාමීත්වයක් නොවන්නේද අසෙනි?
ReplyDeleteජයවේ අසෙනි!
ඇත්තමයි වර්ණ අයියේ තාවකාලිකව ලැබෙන සතුටකට පුංචි ළමයෙකුගේ වුවත් ජිවිතය තම කායික ගොඳුරක් කර ගැනීමට තරම් පහත් විවිධ මානසික හැගිම් වලින් යුත් පුද්ගලයින් අද ව විට සමාජය තුළ දක්නට ඇත.
Deleteපුද්ගලයාගේ ආතමාර්ථකාමිත්වය විතරක් නෙමේ තම ආත්මිය අසික්කිත ලිංගික අස්වාදය, පාලනයකින් තොර අසික්කිත අශාවන්,එමෙන්ම අන්තර්ජාලය හරහා නරඹන විවිධ අසභය දර්ශන සහිත විඩියෝ පට,තම අන්තර්ගත සිතුවිලිවල පාලනයක් නොමැතිකම,අධික මත් ද්‍රව්‍යවලට ඇති ලොල් බව, තමන් පිරිමියෙක් යන වග අමතකව තිරිසන් ගතිවලින් යුක්ත පුද්ගලයෙකු ලෙස තම සදාචාරය පවා අමතක කොට,ලෝක පාලක ධර්ම වන ලැජ්ජාව භිය නොමැතිකමද මෙයට හේතු විදිහට මම හිතනවා.ලැජ්ජාව භිය දෙකෙන් ඇත් වු විට පුද්ගලයා කිසිදු වැරැද්දක් කිරිමට භිය නොවෙති. තම ලෙයින් ජාතක දුව ගැහැණියක කිරිමට පවා අද තාත්තලාගේ කාමය නමැති ගින්න කොතෙක් දැයි අපට මෙම සමාජය තුළම දක්නට ඇත. ඇත්තටම නිතය මන්දගාමි. නීතය හරියාකාරව වැරදිකරුව හදුනා ගැනීමට පවා කාලය ගතවනවා වැඩිය. නිතිය හරියට සාධාරණය වුවානම් අද සමාජයේ පුද්ගලයා වැරදි කිරිමට භිය වෙති. ඔවුන් දඩුවමට බිය වෙති. එහෙත් අද නිතිය ඇමතිටයි. ඔහුගේ ගෝලයන්ටයි යටත්ය.දේශපාලන හයියද මෙවාට එක පැත්තකින් සම්බන්ධය.පැහැදිලි කරනවාවම් බෝහෝමයක් දේ කිව හැකිය.අනිවාර්යෙන් රට තුළ නිතිය ප්‍රකාශ නිතිය නොකොට සමාජයට පෙනෙන අයුරින් ක්‍රියාත්මක කරනවානම් මෙතරම් දුෂණය රට තුළින් නැති කරිමට පුළුවන.නිතියද අද එම ස්ථානයේ පවා කන්තාව අනාරාක්ෂිතයි.
වර්ණ අයියේ මන් ඔයා කියපු විදිහට ලියන්න අනිවාර්යෙන් උත්සහා කරනවා ගොඩක් ස්තූතියි.හරි වැරැද්ද කියලා දෙනවාට ( සෙහානි)
ජයවේවා...!
එකගයි. ඒත් පිරිමියා යනුවෙන් සමස්ත පිරිමි ඔක්කොම නියෝජනය වෙන විදිහට කියන එකටනම් එකග වෙන්න බෑ. පිරිමියෙක් වුනත් ඒ වගේ දෙයක් කරන්නෙ මනස විකෘති වෙච්ච තිරිසනෙක් විතරයි. අනික් කාරණාව එහෙම වෙච්ච එකාට කාන්තාවම කියලා නෑ. එහෙම උන් අතින් කරදර වෙච්ච පිරිමි ළමයිත් ඉන්නවා.... මාතෘකාවෙ කොමාවක් අඩුයි.
ReplyDeleteලිපිය සුපිරියි..........
ඒක ඇත්ත හැම පිරිමියෙකුම එලෙස නැත. නමුත් අද සමාජයේ මිනිසා විෂමය. වැඩිපුරම මෙම සමාජය තුළ කන්තාව පුරුෂයා අතින් හැම මොහොතකම පවා හිංසනයට ලක්වේ. එසේ හිංසනයට ලක් වනුයේ දරුවන්, තරුණියන්, බිළිදියන්, විවාහක කන්තාවන්, මහලු අය වුවද අද වත් මන් /සමාජය තුළ හිංසනයට ලක් වේ. ඇත්ත කන්තාව මෙන්ම පුරුෂයාද පුරුෂයින් අතිනු අපයෝජනයට ලක් වේ. ඒ පිළිබඳවද අප කතා කළ යුතුය. ඔවුන්ද සමාජය තුළ හිංසනයට ලක් වේ. එහෙත් කන්තාවට සාපෙක්ෂව එය සිමාන්තිකය.
ReplyDeleteබොහෝම ස්තුතියි අංවක ආර්යන්.
ජයවේවා...!