Monday, November 16, 2015

එකම මිනිසා බෙදා වෙන්කරන කුලය (මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටන් ඇසුරෙන් කෙරෙන කෙටි විමසුමක්)


ස්වර්ණ පුස්තක සම්මානය සඳහා 2012 වර්ෂයේ නිර්දේෂ වූ විශිෂ්ටතම නවකතාව ලෙස ගොඩගේ  සාහිත්‍ය සම්මාන හා විද්‍යෝදය සම්මානයෙන් පිදුම් ලැබූ කෘතියක් ලෙස මහින්ද ප්‍රසාද් මස්ඉඹුල  විසින් රචනා කරනු ලැබූ සෙංකොට්ටන් ඒ අපූරු සුවදෙ කතාන්දරය අද වනවිට ඉතාමත් ජනප්‍රිය වී ඇත.
මටද එම පොත කියවීමට භාග්‍ය ලැබුණි. එය කියවා අවසානයේ මා එහි එක් පැත්තක් වන රඳා පැලැන්තිය තම රැකියාව හේතුකොට ගෙන සමාජය තුළ හිංසනයට ලක්වන අයුරු පිළිබඳව මෙසේ විස්තර කිරිමට අදහස් විය.
සෙංකොට්ටන් ඒ අපූරු සුවදෙ කතාන්දරය එනම් සමාජයේ එක් සාමාජික කොට්ඨාසයක් පිළිබඳව ඔවුන්ගේ ජීවන වටපිටාව, කුටුම්බය, රැකියා, සිතුම්පැතුම්, අදහස් උදහස්, ස්ත්‍රිය කැටිකර ගනිමින් ග්‍රාමීය පරිසරයක් වටා සම්ප්‍රදායිකව ගොඩනැගුණු වටපිටාවක පුද්ගලයාගේ උගත්කම නූගත්කම පවා පිළිබිඹු කරමින් මෙය රචනා වි ඇත.
එහිදී එක් සමාජයක් තම රැකියාව කුලය මත අන් උසස් යැයි කුලයන් ඉදිරියේ තම ස්වාධීනත්වය, ශක්තිය, අයිතිවාසිකම් යන මේ සියල්ල දුර්වලතාවයන් බවට පත්වෙමින් අන් අයගේ උපහාසයට, නැතහොත් සාමාජික උසස් යැයි සලකන කුලවත් සමාජය ඉදිරියේ අපේක්ෂාභංගත්වයට පත්ව සමාජයේ ප්‍රතික්ෂේපිත කොට්ඨාසයක් බවට පත්වන රඳා පැලැන්තිය එනම් ඔවුන්ගේ කාර්යන් ලෙස සලකනුයේ අන් අයගේ කුණු කිළි සේදීමයි. මෙය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව ගලා යයි. මෙහි ප්‍රධාන කතා නායකයා වනුයේ වීරප්පුලි හේනේ හාමිය. ඔහු වටා සෙසු චරිත වන මල්මා රීදි, පොඩ්ඩිනා, හීං රිදී ආදි තවත් චරිතාංග රාශියක එකතුවක් ඇසුරෙන් මෙම කතාව ගොඩ නැගී ඇත. හේන හාමි වටා ගොඩ නැගෙන මෙය තම රැකියාව වන අන් අයගේ කිළිකුණු සේදීමය. දිනක්,

 18 පිටුව උපුටා ගැනීමකි. (මහින්ද ප්‍රසාද්  මස්ඉඹුල  විසින් රචිත සෙංකොට්ටන් නවකතාව).
තමා පිරුවට පොට්ටනිය හා කැවිලි  පොට්ටනිය කර තබා ආ අතතර මල්මා රිදී කිලිටි රෙදි පොට්ටනිය හා තවත් අඩුම කුඩුම හිස තබා ගෙන ආවාය................................ පොට්ටනිය කඩ පිල මත තබා මඳක් වෙහෙස නිවා ගැනීමට පටන් ගත්තා පමණි සිල්ලර කඩයේ නපුරු ගැහැනිය බල්ලන්ට මෙන් ඔවුනට බනින්නට විය. එක එකීලාගේ කිලි සහිත ජරාව තම කඩ පිලේ තැබීම පිළිබඳව කණු හරුප කියා බැණවැදුණු ඇය මල්මා රිදිගේ රෙදි පොට්ටනියට පයින් ගැසු කල එය පෙරළී පාරට ගියේය................................................
මොවුන් මහන්සියට කඩ පිල අසල වාඩි විය. එහිදී කඩයේ සිටි ගැහැනිය ඔවුනට බැන වැදුණි. ඇයටද අමතකය ඇයද මනුස්සයෙකු වග. කෙදිනකවත් පුද්ගලයාගේ රැකියාව තරාතිරම මත පුද්ගලයා කෙසේ නම් මිනුම් දණ්ඩනය කළ හැකිද? නැත. ඔහුගේ ක්‍රියාකලාපය මතය පුද්ගලයාගේ උස් පහත් බව තීරණය කළ හැක්කේ අන් කිසිවක් නොව. මා නම් සිතනුයේ අන් අයගේ කිළි සේදුවද ඔවුනට වඩා කඩයේ සිටි ගැහැනිය අන්ත පහත් එකියක වගය.
ඕනම මිනිසෙකුට සමාජය තුළ ජීවත් වීමේ අයිතිය ඇත. ඔහු යහපත් තම රැකියාව කරයි නම් එය සාධාරණය. එසේ නම් එම ගැහැනියට කොයින්ද අයිතිය ඔවුනට එසේ චෝදනා කිරීමට. ඉන් පෙන්වනුයේ අන් කවරෙකු නොව බල්ලාගේ ගතිය ඇත්තේ තමා ළඟ බවය. මින් නොවැටහේද පුද්ගලයා උස් පහත් වනුයේ කුලය මත නොව තම ක්‍රියාව මත බව.
 මෙය කතාවකි. නමුත් අද සමාජය තුළ මෙවැනි කොට්ඨාසයක් අදටත් ජීවත් වනු ඇත. ඔවුන්ද මිනිසුන්ය. උප්පැන්නයට නැතහොත් කඩදාසියකට සීමා වූ කුලයක් නිසා කෙසේද තම ජීවිතවලට තවකෙකුගේ බලපෑම්, අන් අය ප්‍රකාශ හමුවේ තම මානකසික ක්‍රියාවලිය, තම චිත්තාවේග, තමාවම අසරණ කර ගනුයේ. සමාජය යනු ඕනම දෙයක් ප්‍රකාශ කරයි. නමුත් ඒවා නොසැලී තම ජීවිතය ජය ගත යුතුය. නමුත් සමාජය වුවද එසේ ඔවුන් ප්‍රතික්ෂේප කරයි නම් එය මහත් වරදකි. කුලයක් මත කෙසේද? උන් පහත් වනුයේ උන්ද අප මෙන් මේ මහා පොළව අයිතිය ඇති. අපි හුස්ම ගන්නාවා සේම අයිතිය ඇති එකම ලෙයක් හිමි වූ වන්ය. එසේ නම් කෙසේද? ඔවුන් පහත් වනුයේ.
මෙසේ කතාව අපූර්වත්වයෙන් ගලා යනු ඇත. ඒ අතරතුර අපට විවිධ චරිතාංග  මුණගැසෙනු ඇත. ගුණ රාලහාමි යන චරිතය උතුම් මනුෂ්‍යත්වය හඳුනන චරිතයකි. අවශ්‍ය මට මේ කතාව හරහා අද වුවද පුද්ගලයා තුළ ඇති පුහු මාන්‍යාධික, නම්බුව, තම කුලයන් පිළිබඳව අති මවාගත පුහු මාන්‍යයක් මිසක එය පුද්ගලයා මැනීමක් නොකළ යුතුය යන්න පෙන්වා දීමටය. අද සමාජය තුළ පුද්ගලයා එසෙ ඔවුන්ව ගරහයි නම් දැන ගත යුතු එසේ චෝදනා කරන්න ඊටත් වඩා අන්ත පහත් පිරිහුණු ගති ඇති පුද්ගලයෙකු වන බවය.
හේනේ හාමිට හා තම දියණිය වන පොඩ්ඩිනාගේ දරුවා වන හේනේ බාබාට පිනක් දහමක් පවා කර ගැනීමට ඉඩනොදෙයි. එසේ කරනුයේ කෙසේද? බුදුන් වහන්සේගේ ධර්මය තුළද පින් කිරීමට කුලයක් අවැසි නොවිය. සුනීත, සෝපාකට පවා ධර්මයේ දොරටුව විවෘත විය. ඇත්තටම පුද්ගලයා මේ අයුරින් සමාජය තුළ වර්ගීකරණයකට ලක්වූයේ මන්ද?
රදවා යනුවන් ප්‍රකාශ කළද තම දුවණිය වැඩිවියට පත්වූ අවස්ථාවේ තම දියණිය නෑ වීමට දෙනුයේද ඇයටය. ඔබද ඒ අවස්ථාවේ එවැන්නියකගෙන් තම නෑ වීමේ කටයුතුද සිදුකරන්නට ඇත. එය සම්ප්‍රදාය විය හැකිය. ඒත් නුඹ එයට ඉඩ දෙනවා නම් කොතනද කුලයක් අම්මාද එවැනි අයුරින් තම දරුවාවා නාවනවා නම්. ඇයද එසේ නාවයි නම්. එතන කුල ක්‍රමයක් තිබෙද ඇය එසේ පහත් නම් කුමටද මාගේ දරුවා නෑවීමට ඇයට ඉඩදෙනුයේ. මේ දෙවල් සමාජය තුළ මිනිසා හදාගත් දෙවල්ය.

 112 පිටුව උපුටා ගැනීමකි. (මහින්ද ප්‍රසාද් මස්ඉඹුල  විසින් රචිත සෙංකොට්ටන් නවකතාව).
අපේ ළමයා උන්නැහෙලාගේ දරුවන් සමඟ එකට ඉන්නවාට මාත් කැමති නෑ මයේ ඇඟත් හිරි වැටුණා ඒ වෙලාවේ. මුන්නැහේලා කැමති නම් පැදුරු කෑල්ලක් එළා දිලා අපේ ළමයාට අයිනකින්  ඉන්න දෙන්න.........................................................................................
වීරප්පුලි හේනයා සමඟ පොඩ්ඩිනාගේ පුතු පාසලට යයි. ඔහු යනුයේ ඉගෙනීමටය. එහෙත් උසස් යැයි කුලවත් යන පුද්ගලයාගේ අවිචාරශීලී, ආවේගශීලී ප්‍රතිප්‍රහාර හමුවේ. තමන්ට අසරණ වන්නට විය. ඉගෙනීමට බබා හේනයට තහංචි වැටෙයි. අධ්‍යාපනය මිනිසාගේ මානව අයිතිවාසිකමකි. කුලයක් මත පදනම් කර ගනිමින් කෙසේ නම් තම අයිතිවාසිකම් උදුරාගනුයේ කෙසේද?. මෙහි එක පැත්තක් පමණකි තව මෙම කෘතියෙහි අන්තර්ගතය මෙන්ම විශාල පරාසයක් ඇත. ස්ත්‍රියගේ  අනවබෝධය මත තම ජීවිතය පවා මරණය මෙන්ම විනාශයටද පත් කර ගන්නා වුන් වටා රසවත් අයුරින් මෙය ගොඩ නැගී ඇත. කුලය පදනම්ව තමාම මේ තරමට අසරණ කර ගෙන තමා දෙසම සානුකම්පිතව හැඟීම් ඇති කරලමින්. තම කුලය තරාතිරම අමතක කොට තම ජීවිතය ජය ගත් පුද්ගලයෙකුද, උතුම් මනුෂ්‍යත්වය හෙබි බුදුදහමද ප්‍රමුඛ කොට ගනිමින් රචිත අපූර්වතම, නුඹලාද කිව යුතු, ආදර්ශමත් විශිෂ්ට කෘතියක් ලෙස මහින්ද ප්‍රසාද් ඉඹුල  විසින් රචිත සෙංකොට්ටන් නවකතාව පෙන්වා දිය හැකිය.

උඹට කියන්න,අපේ කිරි අම්මා කෙනෙක් හිටියා මාගල්ලේවත්තතේ, වංසා රිදි කියලා. කුණුහරප කියනවා කටේ නොගැවී මගේ ඔන්න ඔය එක පලහිලව්වකදි මගේ ළඟින් ඉඳගෙන මෙන්න මේ මං  උඹේ හිත හදන්නා වගේම මයේ හිත හදන්න හරියටම මහන්සි වුණා. ඒ ගෑනි කියපු කතාවක් මට අද වගේ මතකෙ තියනවා...ඒ කිරි අම්මා කිවුවා ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතුම ජාතියක්ය. අත නිකන් තියාගෙන ඉන්ට පුරුද්දක් ඔවුනට නැත. අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියෙන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් නොහොබිනාකංවලට දෙන්ඩ එපා කියලා
(මහින්ද ප්‍රසාද්  මස්ඉඹුල  විසින් රචිත සෙංකොට්ටන් නවකතාවෙන් උපුටා ගැනීමකි)
 ලිව්වේ - සෙහානි
                                                                                                           

6 comments:

  1. සෙංකොට්ටන්හි ඉදිරිපත් කෙරෙන සමාජ විභේදනය මෙරට තුළ පසුගිය වකවානුවක දැඩිව මුල්බැසගෙන තිබූ බව වැඩිහිටියන් අතින් අප කොතෙකුත් අසා ඇත. හකරු, නැකති, පදු, ආචිරි, රදා, කරා, ගොවිගම, බත්ගම ආදී වූ කුල රැසක් මෙරට තුළ පැවත තිබී ඇත. අදද මෙම කුල බෙදීමේ ශේෂයන් සමාජය තුළ දැකගත හැකි වුවද අතීතයේ එය ප්‍රභලව පැවත ඇති බව පැවසේ. මෙහිදී වඩාත් අවධානය යොමුකළ යුත්තේ මෙම කුල මත සමාජය තුළ වරප්‍රසාදයන් අහිමි වීමය. ඒ තුළ ඒ ඒ මිනිසුන් විඳි සිත් පීඩා පිළිබඳවය. මෙවන් සමාජමය කාරණා නිරන්තරවයන් කතා කිරීම අප අසෙනි වැසි තුළින් දකින විශේෂත්වයකි.. දිගටම ලියන්නට ධෛර්යය ලැබේවා...
    ජයවේ අසෙනි...

    ReplyDelete
    Replies
    1. ජාතිය,කුලය මත බෙදිලා ඉන්න රටක මිනිසුන්ට අමතකය අපි සියල්ලන්ම මිනිසුන් වග.ඹයා කියන කුල වර්ගිකරණයක්ම අප රටතුළ ඇත.මිනිසා ඉපදෙන කොටම ගෙන එන ජාතිය, කුලය නම් වුවද මා නම් සිතනුයේ පුද්ගලයා අනෙකාගෙන් වෙන් කර හදුනාගැනිමට යොදන භාහිර දෙවල් බවය.ඉපදෙන කොට මිනිසුන් වශයෙන් ඉපදෙන අපිම මන්ද අන් කුලයන් ගරහනුයේ.වටහා ගත යුතුය තවකෙකු පගායි නම් ඔහු පහත් කුලයක් යැයි අපහාස කරමින් සමාජය තුළ ඔහු කොන් කරයි නම් එසේ කරන්නාමය අන්ත පහත් මිනිසුන්ය වනුයේ .

      බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා...!

      Delete
  2. Replies
    1. බොහෝම ස්තුතියි අවංක ආර්යයන්.
      ජයවේවා...!

      Delete
  3. තාමත් ගම්වල ඒ වගේ කුලමල කියාගන්නවා!! මෙච්චර කොළඹට ළග අපේ පැත්තෙත් තාම තියෙනවා!! ඒත් ඒ වැඩි කාලෙකට නෙවෙයි! තව පරම්පරා දෙකක් යනකොට ඒවා ඉවරයි!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රූපේ. අපි කුලමල වලට බෙදිලා ජීවත් වෙන්න ඕනේ කාලයක් නෙවෙයි මේ. අපි හැමදෙනාම මිනිස්. ඔය කුලමල අමතක කරලා අපි මිනිස්සුන් ලෙස එකිනෙකාට උදවු කරමින් ජීවත් වෙන්න ඕනේ.

      බොහෝ ස්තුතියි රූපේ මේ පැත්තට ඇවිත් ගියාට ආයෙත් එන්න.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts