Wednesday, November 4, 2015

බටහිරකරණය සිංහලයා ගිලගනීද?

ශ්‍රී ලංකාව යනු ස්වයංපෝෂිත ආර්ථික රටාවකට  හිමිකම් කියන ස්වභාවධර්මයේ අපූර්වතම මැවීමක් වන, කිය නොහැකි තරම් අසීමාන්තික බෞද්ධකම පිරිපුන්ව පැතිරුණු උතුම් රටක් ලෙස හැඳින්විය හැකිය. විවිධ ජාතීන්ගෙන් යුත් පුද්ගලයන් වාසය කරන මෙරට සිංහලයා යනු ප්‍රධාන ජාතිය වේ. නමුත් අද වනවිට සිංහල ජාතිය බටහිරකරණයට ලක් වී ඇත. බාහිර ඔපයට ගරු කරන අතීත ජාතිය සතුව පැවති අභිමානවත් ස්වයංපෝෂිත බව සමකාලීනව පත්ව ඇති නිහීන පරාධීන බව කිසිදු උත්සාහක් නොමැතිව අනුන්ගෙන් යැපෙන්නට බලා සිටින තමන්ගේ අධ්‍යාපනය මතක කර පරගැති විදේශීය අධ්‍යාපනය රට තුළ ගොඩනඟමින් දේශීය අධ්‍යාපනය, භාෂාව, සාහිත්‍ය අමතක කර දමමින් පරගැති බටහිරවාදයට සිංහලයා ආ වඩමින් සිටින බව සිංහල ජාතිය තුළින් අද වනවිට ප්‍රකට වේ.


සිංහලකම අමතක කරමින් සිංහලයා මුලින් අමතක කර දමනුයේ තම භාෂාවය. ඔහුද ඉන් පසු ඉගෙනීමට මහන්සි වනුයේ තම පරපුරෙන් පැවතගෙන එන තම සිංහලකමට උරුම වූ සිංහල භාෂාව නොව තරගකාරිත්වයට සීමා වු ඉංග්‍රීසි මෙරටට නැතුවම බැරි වී ඇත. අද වන විට පුද්ගල දක්ෂතාව පාවා මැනීමට ආධාරකයක් නැතහොත් මිණුම් දණ්ඩක් වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවයි. ඉංග්‍රීසි දන්නෙහි නම් මහු නුවණැත්තෙකි. විශාරදයෙකි. ඔහුට දෙනු ලබන සහතිකයද උසස්ය.
මෙසේ තම භාෂාව අමතක කරන සිංහලයා පසුව තම චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත්ද අමතක කර දමනුයේ තම ජාතිය පවා අමතක කරමිනි. අද වත්මන් සමාජය තුළ අම්මාට මමාද, තාත්තාට පපාද යන වචනවලින් අමතනු දැකගත හැකිය.
එදා නිවසින් පිටවන විට මවට පියා වැඳ ආශීර්වාද ලබා නිවසින් පිටවන දරුවා අද වනවිට ඒ වෙනුවට බායි යන වචනයෙන් දෙමවුපියන්ට සංග්‍රහ කරයි. දෙමවුපියෝද එය නිවැරදි කිරීමට උත්සහා නොකරති. ඔවුහුද දරුවාට එලෙසම ප්‍රතිචාර දක්වති.
වත්මන් සමාජය තුළ අද වනවිට ඇඳුම් පැලඳුම් පවා බටහිරකරණයට ලක්ව ඇත. විවිධ විලාසිතා ඇත්ත වශයෙන්ම කිවහොත් හැමදෙයක්ම පිටරටින් මෙරටට පැමිණියේය. අපේ රටේ පුද්ගලයා ඒ සඳහා පොළඹවමින් ඒ සඳහා පුද්ගලයාට අවශ්‍යතා වුවමනා සපුරන්නන් බවට පත්ව ඇත්තේ රට තුළ ඇති ස්වාධීන බවද දේශීයත්වයද අහිමි කරමිනි. රටෙහි ඇති අවශ්‍යතාවන් සපුරනුයේ රට තුළින් බිහිවන දේශීයත්වය නොව විදේශීය රටවල හෙවණලි වන් වූ විවිධ දේවල්වලිනි.
ආහාරපාන, පාරිභෝගික අවශ්‍යතා සියල්ල අද වනවිට පිටරටින් ආනයනය කරන භාණ්ඩ වී ඇත. කඩයට, සුපර්මාකට් එකකට, සියල්ලම පිටරටින් මෙරටට ආනයනය කර අප රට විසින් මිලක් නියම කර විදේශීය භාණ්ඩය. සිංහල ජාතිය වශයෙන් ලැජ්ජා විය යුතුය. ඉතිහසයේ පටන් ස්වයංපෝෂිත ආර්ථික රටාවකට හිමිකම් කියු වවාගෙන කන ජාතියක් වූ නමුත් අද වනවිට එය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.
මේ සියල්ලටම හේතුව පිට රටට ආවඩන්නන් මෙන්ම පුද්ගලයා මෙන්ම සාමාජයද බටහිරකරණයට ඇති ආශාව, සිංහලයා දේශීයත්වය අමතක කරමින් විදේශයත්වය අනුකරණය කරමින් බටහිර අනුකාරකවාදී ජාතියක් ලෙස සිංහල ජාතිය අද වනවිට පත්ව ඇත. තම සංස්කෘතිය, නිවහල් බව, බෞද්ධකම, දේශීයත්වය, චාරිත්‍රවාරිත්‍ර සිරිත් විරිත්, සම්ප්‍රදායන්, සාහිත්‍ය, ආර්ථිකය, දේශපාලනය, සමාජය, පුද්ගලයා පවා අද වනවිට බටහිරකරණයේ රූකඩ බවට පත්ව ඇත.
කය වෙහෙසවා වැඩ කළ සිංහලයා අද වනවිට පුටුව පිටම රස්සා කිරීමට පුරුදුව ඇත. තම ශරීරය වුවද ව්‍යායාම ලබා දෙනුයේ පිටරටින් මෙරටට ගෙන ආ යන්ත්‍ර සූත්‍ර මගිනි. එහි අර්ථය මිනිසාද බටහිරකරණයට නැඹුරු වූවන් බවයි. දේශීයත්වය බිඳ දමමින් විදේශීයත්වය අනුකරණය කරමින්, නිවට අනුකාරවාදී, ජාතියක් බවට අද වනවිට සිංහලයා පත්ව ඇත.
සිංහලකම අමතක කරමින්, තම ස්වාධීනත්වය පාවා අමතක කරමින්, නැගී සිටීමට විදේශීයත්වය උපයෝගී කර ගනීමින් පුද්ගලයා මෙන්ම සමාජයද අද වනවිට බටහිරකරණය වී අවසානය.
ජාතියක් වශයෙන් අප සිංහලකම අමතක නොකළ යුතුය, තම ජාතිය ආගම රැකගත යුතුය. නිවටයන් රූකඩයන් නොවිය යුතුය. තම අනන්‍යතාව ස්වාධීනත්වය නැති නොකර ගත යුතුය.

ලිව්වේ - සෙහානි


10 comments:

  1. සිංහල කම...ඒක තිබුනා අවුරුදු දෙදාහකට කලින් මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. අත්ත එදා තිබුණු ඒ සිංහල කම ඒ ජාතික අභිමානය අද නම් සිංහලයා තුළ දක්නටද නැත.අපේ සිංහල ජාතිය එදා තම රට ජාතිය වෙනුවෙන් දිවි පිදු ජාතියක් විය.අද වන විට තම රට ජාතිය වෙනුවන් කතා කිරිමට තියා ඒ වෙනුවෙන් යමක් කිරිමට පවා සිංහලයා භිය ගුල්ලන් මෙන්ම හැසිමක් නැත්තන් බවට පත්ව ඇත.නමුත් අදටත් අපේකම දෙවියන් මෙන් සලකන පුද්ගලයන්ද මේ මිහිපිට නැතුව නොවද?

      බොහෝම ස්තුතියි දේශක යා.
      ජයවේවා...!

      Delete

  2. ඇත්තෙන්ම වවාගෙන ආසියාවේ ධාන්‍යාගාරය වුන ලංකාව, අද දේශපාලුවන් විසින් වවාගෙන කන්නක් බවට පත්වෙලා ඒකයි මේ මූලික හේතුව....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇත්ත අද වන විට එකල පැවති ස්වයංපෝෂිත ආර්ථික රටාව වෙනුවට අප රටද අද වන විට පාරිභෝගික අවශ්‍යතාවන් සපුරා ගැනීමට ආනයනික රටක් බවදට පත් වී ඇත.එයට හේතුව රට තුළ පාලකයින්ගේ ඇති වගකීම වගවිමක් බවට අද ඔවුන් ඒ දෙවල් ඉටු නොකර හෙයිනි.එයින් විනාශ වන දේවල් බොහෝමයක් බව නොවැටහෙන්නේද?

      බොහෝම ස්තුතියි දිනිත්.
      ජයවේවා...!

      Delete
  3. ‍ලංකාවෙ ඔය සංස්කෘතික ගැටුම මහා විනාසයක් වෙලා. කළ යත්තේ මොකද්ද කියලා හොයාගන්න එකත් හරිම අමාරුයි. සමහරුන්ට කෙල්ලෙක් ටිකක් කොටට ඇන්දත් සංකර කම , බොරු සදාචාරවාදීන්ගෙනුයි, පුහු රැඩිකල් මත වාදීන්ගෙනුයි සංස්කෘතිය ගලවා ගත්තොත් ඇත්ත ලංකාව පෙනෙයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මිත්‍ර වර්ණ එත් සංස්කෘතිය නොමැතිව රටක පැවැත්මක් ගොඩ නැගෙන්නේ නැත.නමුත් අප රටේ හර පද්ධතියට තවත් රටක සංස්කෘතියක් සම්බන්ධ කිරිම කළ නොහැක.ඊට හේතුව රට වල විවිධාකාර වු සිරිත් විරිත් පුද්ගලයින් ගෙන් විවිධාකාර වු සමාජයන් ඇත.ඒවා අනුකරණය කිරිමෙන් වනුයේ අප රටෙිහි ස්වාධන බව,චාරිත්‍ර වාර්ත්‍ර,සංස්කෘති,සාරධර්ම සියල්ලකම පරිහානියට පත්වීමයි.කොටට ඇදීම වරදක් නැත නමුත් අප රටෙහි ඇති ලාංකිය සමාජය තුළ ගැමිකම හා නගරික කම මත පදනම මත අප සමාජය ගොඩ නැගී ඇත.තවම ගම් වල එදා සිරිත් විරිත් තවම පවති.නාගරික ලෙස ඇදුම් ඇඟද ගමකට ගිය හොත් අපව උපහාසයට ලක්වනවා නොඅනුමානය.වටහා ගත යුත්තේ බටහිරකරණය සම්පුර්ණයෙන් අප රටේ ජාතින්ට නොගැළපෙන බවය.එය අනුකර්නය කිරිම නොකල යුතුය (සෙහානි)

      බොහෝම ස්තුතියි මිත්‍රවර්ණ.
      ජයවේවා....!

      Delete
  4. සිංහලකම බෞද්ධ සංස්කෘතිය පිළිබඳව නිසි අවබෝධයක් සමාජය තුළ ඇති කළ යුතු කාලය එළඹ තිබේ. හුදු නූතනත්වය තාක්ෂණය හා යුරෝපීය සංස්කෘතික අංග බදාගනිමින් හනමිටි යැයි ගතානුගතික යැයි හෙළ සංස්කෘතිය බැහැර කරන අමනෝඥ තරුණ වැඩිහිටි මෙන්න ළමා සිත්වලට ඒ සාම්ප්‍රදායික යැයි කියන හෙළ බොදු සිරිත් ඇතුළාන්තයේ ඇති හර පද්ධතීන් ගෙනහැර පෑ යුතු කාලය එළැඹ තිබේ. වැඩිහිටියන්ට තරුණයන්ට බැරිනම් හෙළ සිරිතේ වටිනාකම ළමයෙකුට (ළමයින්ට) හෝ දිය යුතුය. නැතිනම් නුදුරු අනාගතයක මාවත් අහුමුළුවල මිනිසුන් සුනඛයන් මෙන් සංසර්ගයේ යෙදෙන කාලයක් උදාවනු නොඅනුමානය....

    ජයවේ ලියැවිල්ලට

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත වර්ණ අයියේ අද සංස්කෘතිය පරිහානියට පත් වෙමින් යනු ඇත.පුද්ගලයා තමන්ව අමතක කර වෙනත් දේවල් අනුකරණය කරන අනුකාරකවාදීන් බවට පත්ව ඇත.පුද්ගලයා එසේ වන විට සමාජයද එසේ හැඩ ගැසෙනු ඇත.එය නැවැත් වීමට නන් දැන් නොහැකිය.එම රැල්ල අප සියල්ලම ගිලගෙන ඇත.කොතනින් වෙනස් කිරිමට ආරාම්භ කිරිමද අද ප්‍රශ්නයකි. (සෙහානි)

      බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා....!

      Delete
  5. ඔබ කියන විදිහේ රටක් තිබ්බ කියල මහාවංශයේ නම් තියෙනවලු, මට දැන් අවුරුදු 50යි, මම පුංචිකාලේ හැදිනේ වැඩුනේ හද්ද වන්නියේ ගමක, සංකරවීමකට කියල වෙලා තිබුන එකම වෙනස මිනිස්සු රෙදි ඇඳපු එක වෙන්නැති, ඒ වෙනකොටත් වයසක අත්තම්මල ගෙදරට උඩබාගේ වහගත්තේ සාරිරෙද්දෙන් විතරයි, හැබැයි ඔය අද දවසේ සංස්කෘතිය පිරිහුන නිසා සිද්දවෙනව කියල නිවුස් අයිටම් විදිහට දාන දේවල් ඒ ගමේ හැමදාම සිද්ධවුනු බොහොම සාමාන්‍ය දේවල්. දැන් අපි සංස්කෘතිය කියලා අදහන දේවලුත් යම් කාලෙක (1950 ගණන් වල මහිලා සමිති ව්‍යෙපාරය හරයා) බටහිර සුද්දෝම කියල දීපුව, අපේ අතීතයෛ් ස්වයංපෝෂතික කාලයේ තිබ්න වගේ දැනුත් රජ්ජුරුවන්ට විතරක් පිටරට දේ බුක්තිවිදින්න ලැබුනාම ඇතිද?

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කතාව ඇත්ත ඉස්සර මිනිස්සු රෙදි අඳින්න කලින් කොළ අතුත් ඇන්දා. ඒ සමාජික මිනිසාට වඩා අද මිනිසා තුළ ඇති සිතුම් පැතුම්, අදහස් උදහස්, හැගිම් යනාදිය බොහෝමයක් එදාට වඩා අද වෙනස්ය. එදා මිනිසා තුළ හැදියාව, සංවරය, තමන්ගේකම, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ එකිනෙකාට ගරු කිරිම පවා තිබුණි.එදා ඔවුන් තම ආගම ජාතිය වෙනුවෙන් දිවි දෙවනිකොට ජිවිත පිදුවන් විය. නමුත් අද එසේ පුද්ගලයින් මේ සාමාජය තුළ නැත. ගැහැණිය එදාට වඩා අද කොපමණ වෙනස්ද? එදා ස්ත්‍රීය එසේ ඇන්දත් තමන් ළග ලැජ්ජාව භිය තම පුරුෂයා පියා සහෝදරයා ඉදිරියේ තම හැදියාව සංවරය ඇත්තියන් විය. අද එසේද? නැත අද වනවිට කන්තාව විලාසිතාවන්ගෙන් නැතහොත් මෙකප් පෙට්ටියෙන් ඔප දැමුවන් බවට පත්ව ඇත. ඔවුන් තමන් කන්තාවක්ද යන්න පවා අමතකව ඇත. ඔවුන් ආකාර්ෂණීය, අන් අයගේ නෙත් පිනවන්නියන් බවට පත්ව ඇත ඇත. සමාජයද එදා මෙන් විෂම වී ඇත ,දුෂණය, අසාධාරණය, නිතිය යන මේ දේවල් පරිහානියට යමින් පවති. එසේ වනුයේද මිනිසාගේම ප්‍රවේගෙකාරි සිතුවිලි අන්තර්ගතය හේතුවෙනි. පිටරට සුද්දියන් මෙන් ඇඳිමට පවා තම වවන පවා බාගෙට සිංහල බාගෙට ඉංග්‍රීසි වි ඇත. එදා ඒ අතිතය මෙසේද අද හා එදා කොපණ වෙනස්කම් ඇත්ද? මහා වංශය නොව ඇයි තම ඇස් ඉදිරිපිටම නැද්ද? එදා සංස්කෘතිය වෙහෙර විහාර, වැව් අමුණු , මෙවාම මදිද මගේ රට සිංහල රජවරුන්ගෙන් දෑතින් ගොඩ නැගුනු සිංහල වීර පරම්පරාවකට උරුමකම් කියනවා කියන්න. අද වනවිට සමාජයට බටහිර දේවල් අවශයයි තාක්ෂණයෙ, මුදල මත ගොඩනැගෙන සමාජයක පුද්ගලයා බටහිර අනුකරකයින් වුවාට කම් නැත නමුත් සංස්කෘතිය, ජාතිය, ආගම, තමන්ගෙකම චාරිත්රප වාරිත්රක, සිරිත් විරිත් අමතක නොකළ යුතුය.

      බොහෝම ස්තුතියි ඇණයා.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts