Thursday, November 19, 2015

හැමදාමට හිතේ ඇඳුණෙ ඔය රුව සොඳුර….




කවි ලියන්න මං කවි‍යෙක් නෙමයි
රුව අඳින්න සිත්තරෙකුත් නෙමෙයි
මං දන්නේ මෙපමණයි
මං නුඹට ගොඩක් ආදරෙයි

අපි වෙනුවෙන් පෙම් කවියක් ලියන්න කීවට
හරි ලස්සන පෙම් උපමා හොයන්නෙ කොහොමද
කවියෙන් කීවත් එහෙම නොකීවත්
කියන්නෙ මේ හිතේ තියෙන ආදරෙ නොවෙද…?

ඔය රූපය සිතුවමකට නගන්න කීවට
ඔය ලස්සන ඔය ලෙසටම අඳින්නෙ කොහොමද
සිතුවම් කෙරුවත් එහෙම නොකෙරුවත්
හැමදාමට හිතේ ඇඳුණෙ ඔය රුව සොඳුර

ලක්ෂාන්

6 comments:

  1. Replies
    1. බොහෝම ස්තුතියි අවංක ආර්යන්.
      ජයවේවා....!

      Delete
  2. පළවෙනියටම කියල තියෙන දෙයින් මුළු කවියම කියවනව... ඒක තමයි මැක්සම කොටස මට නං...
    ජයවේවා
    කවිය පට්ටයි සහෝ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මහේෂ් රත්නායක.
      ජයවේවා...!

      Delete
  3. Replies
    1. ඇයි ඒ මිත්‍ර වර්ණ.
      බෝහෝම ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts