Tuesday, September 29, 2015

නුඹය බුදුරුව මා අම්මේ.....






නුඹේ සිනහව පහන් සිළුවකි නොනිමෙනා
නුඹේ සෙනෙහස මහා සයුරකි නොසිඳෙනා

වැසි වැටී පිරෙනා
වැව් දියට වැඩියෙන්
නුඹේ හිත තුළ ඉපදෙනා
නිමක් නැති වූ මහ කරුණා
ගුණය මට දැනුණා
අම්මේ....

සාර පින් පිරෙනා
කිරි වෙහෙර නුඹමයි
කොත් කැරැල්ලකි මා
හිතම සනහා අසිරි ගෙනෙනා
නුඹය බුදුරුව මා
අම්මේ.....
සෙහානි

Monday, September 28, 2015

මා නුඹේ නුදුටු පෙම් කුමරා....





දුරින් හිඳ සිතින් පෙම් කරනා
හදවතින් පැතුම් පොදි බඳිනා
දුර අහසෙ සඳවතී
මා නුඹේ නුදුටු පෙම් කුමරා

තරු මලක් පරදා ආදරෙන් දිලිසෙනා
සිහින් ඇස් මුළු ලෝකයයි මාගේ
ආදරෙයි මං හිතවතී
මා නුඹේ නුදුටු පෙම් කුමරා

සඳවතක් හඬවා ආදරෙන් බැබලෙනා
ඔය මුහුණ මුළු ලෝකයයි මාගේ
ආදරෙයි මං හිතවතී
මා නුඹේ නුදුටු පෙම් කුමරා
ලක්ෂාන්

FB ප්‍රේමය




HI…
HI… කියලා
MSG එකක් ආවා
මමත් යැවුවෙමි REPLY එකක්
FB එකේ ඇය සමග
වරු ගණන් CHAT කොට
ඇරඹුවෙමි ප්‍රේමයක්
මුලින් වූ ප්‍රේමය
වෙන් වුණි
අද CHAT ද නැත
FB එකේ ඇය ද නැත
රැවටුනේ මම පමණයි
ලක්ෂාන්





වැටුණු වැහි බිඳු

Popular Posts