වැසි වැටී පොළවට
තෙත බරිත වන්නා මෙන්
මට ඔබේ ආදරය අද
කඳුළු වර්ෂාවක් වුණි
අනෝරා වැහි වැටෙන මේ යාමේ....
නෙතු පියන් කඳුලින් බරිත වී
හිත පතුළින් සුසුම් හෙලමින්
මගේ නෙත අහක බැලූ
ඔබේ ඔය නිල්වන් නෙතු
අනෝරා වැහි වැටෙන මේ යාමේ....
සිහිවෙන හැම මොහොතේ
ගුලි සුසුමන් හෙළන්නට
මාසිත වද දෙන්නේ ඇයිදැයි
අදටත් මම නොදනිමී
අනෝරා වැහි වැටෙන මේ යාමේ....
ලක්ෂාන්
ලස්සනයි අසෙනි මල්ලි කවිය...
ReplyDeleteජයවේවා!
බොහෝම ස්තුතියි වර්ණ.
Deleteජයවේවා...!
ආදරය ගොඩක් වෙලාවට කඳුළක්.
ReplyDeleteඑක ඇත්ත දිනේෂ්. මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට ගොඩක් ස්තුතියි.
Deleteජයවේවා..!
ඕකනම් තනිකරම දුක් ගොඩක්... ඒත් ඉතින් ඕක දැන දැනම ඕකෙන් මිදෙන්න බෑ...
ReplyDeleteඋණු හින්දා බොන්න බෑ. කිරි හින්දා අහක දාන්න බෑ වගේ දෙයක් නේ යශ්යන්ත...
Deleteබොහෝ ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට.
ජයවේවා...!
දැනෙනවා මලේ දැනෙනවා ආදරය බෝම වේදනාසහගතයි..
ReplyDeleteඑකනම් සැබෑ දේශක යා....... එහින් දුක්විදිනෝ බොහෝමය....
Deleteබොහෝම ස්තුතියි.
ජයවේවා...!
සුපිරියි කවිය
ReplyDeleteබොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී.
Deleteජයවේවා....!
කෙටියි ලස්සනයි
ReplyDeleteබොහෝ්ම ස්තුතියි මනෝ.
Deleteජයවේවා....!
ලස්සනයි
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteජයවේවා....!