Friday, January 8, 2016

අපි සැම එක්වෙමු අද දවසේ.....


දහසක් පැතුමන් පොඳි බැදගෙන
හෙට ලොව ජය බුහුමන් ලබමින්
නිම්තෙර දිගේ පා තබන්නට
අපි සැම එක්වෙමු අද දවසේ....

ගවුවෙන් ගවුව කිමිඳී කිමිඳී
නුවනින් සපිරී හෙට ලොව දිදුලණ
පරපුරක් තනන්නට
අපි සැම එක්වෙමු අද දවසේ....

සිප්සතරින් ලොව බබළා
අපේ නාමය ලොව පුරා විහිදන්න
පාර කියන්නට
අපි සැම එක්වෙමු අද දවසේ.....
ලක්ෂාන්

8 comments:

  1. අපූරුයි කවිය අසෙනි..
    ලස්සන නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මහේෂ්.
      ජයවේවා...!

      Delete
  2. දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් කොයි තරම් නම් දේවල් කරන්න තියෙනවද.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේෂ් දරුවන් තමයි අපේ අනාගතය.
      බොහෝම ස්තුතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට.
      ජයවේවා...!

      Delete
  3. හරිම ලස්සනයි...............

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී.
      ජයවේවා....!

      Delete
  4. ලස්සනයි අසෙනි වැසි
    මෙවන් සමාජීය ගී වඩ වඩාත් රචනා විය යුතුයි
    ජයවේ!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts