දහසක් දුක්දොම්නස් අතරේ
නොසැලුණු සෙනෙහස
මහ සයුරටත් වැඩියි
පෙම්බර පියාණෙනී....
සැප සම්පත් කොපමණ ලැබුණත්
ඔබ තුරුලේ ලැබු මුදු පහසක්
අද මට නොලැබේ
පෙම්බර පියාණෙනී....
යායුතු නිසි මග පෙන්නලා
අප වෙනුවෙන් හෙලු දහදිය බිදුවත්
මිල කළ නොහැකිය
පෙම්බර පියාණෙනී....
දරු පෙම හිත පතුලේ සඟවා
අද ඔබ අපගෙන් වෙන්ව ගියත්
මතුවත් පතනෙමි
පෙම්බර පියාණෙනී....
ලක්ෂාන්
අර්ථවත් පැදි පෙළක් ලක්ෂාන් මේ විදියට දිගටම ලියන්න
ReplyDeleteජයවේවා!
බොහෝම ස්තුතියි වර්ණ.
Deleteජයවේවා...!
කුමාරතුංග මුනිදාස පඬිතුමාගේ 'පිය සමර' කවි පෙළ මතක් වුණා. මේ නිර්මාණය එලෙසම අර්ථවත්. පිය සෙනෙහස පුතෙකුට ඇත්තටම දැනෙන්නේ, පියාගේ වියෝවෙන් පසුවද කියලත් හිතෙනවා.
ReplyDeleteබොහෝම ස්තුතියි විචාරක.
Deleteජයවේවා....!
ලස්සනයි කවි පෙල. අම්මා කෙනෙක්ගේ ආදරේ වගේම ජීවිතේට වටිනවා තාත්තා කෙනෙක්ගේ නිහඬ ආදරේත්.
ReplyDeleteඒක ඇත්ත දිනේෂ්.
Deleteබොහෝම ස්තුතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට.
ජයවේවා....!
තාත්ත කෙනෙක් කියන්නෙ කන්දක් උඩ තියෙන පහන් කණුවක්..
ReplyDeleteයන්න පාර පෙන්නව යන හැටිත් කියල දෙනව
අපිට යන්න ඇරල පස්සෙං ඉන්නව අපිට නොපෙනෙන්න
හ්ම්... අපූරු අදහසක් ජයවේවා
බොහෝම ස්තුතියි මහේෂ්.
Deleteජයවේවා...!
අපි වගේ අප්පච්චිලා ගැන ලස්සන කිවි පෙලකින් ලියලා තියෙන්නේ...
ReplyDeleteඑහෙම ද මනෝ...
Deleteබොහෝම ස්තුතියි.
ජයවේවා.....!
තාත්තලා කියන්නේ කදුලු වෙනුවට දාඩිය හලමින් අාදරේ හංගන් ඉන්න ජාතියක්.....
ReplyDeleteඒක හැබෑ තාත්තලා කියන්නේ ඒ වගේ කට්ටියක් තමයි.
Deleteබොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර.
ජයවේවා....!