Thursday, January 21, 2016

හදවතේ මුල්තැන ඔයාටයි....


ඈත ඉගිලී ගියත් නොපෙනී
ආදරේ තවමත් ඔයාටයි
කඳුළු ගිලිහී ගියත් නෙතගින්
හදවතේ මුල්තැන ඔයාටයි

මතකයෙන් එක පුංචි අහුරක්
ඇති මගේ ලොව සරසවන්න
පැරණි ලිපියක පැදි පෙළක් ඇති
ඔයා එනතුරු මග බලන්න

තරහවට කළ පුංචි වරදක්
මදි මගේ මේ හිත බිඳින්න
මලක් නොව නුඹ මල් ගසකි මට
ඉගිලුණා ඇති ඉතින් එන්න
ලක්ෂාන්

8 comments:

  1. කාටද දෙන්නේ.. හා.. චාමික සිරිමානන් හොදා..

    ReplyDelete
    Replies
    1. හොඳ එහෙනම් අපි දෙමු.
      බොහෝම ස්තුතියි දේශක යා......
      ජයවේවා....!

      Delete
  2. Replies
    1. බොහෝම ස්තුතියි ඉයන්.
      ජයවේවා....!

      Delete
  3. සිංදුවකට මරු මේක.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දිනේෂ්.
      ජයවේවා....!

      Delete
  4. අැත්තට ම ගායනා වෙන ගීතයක්...........

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts