Sunday, January 3, 2016

මත්ද්‍රව්‍ය යනු රකුසෙක්ද? නැතිනම් විෂමාශාවක්ද?


 
අවබෝධයෙන් අත්හරී නම් රටක් නොව ලොවක් රැකගත හැකිය 
                                                 

අද වනවිට වත්මන් සමාජය තුළ ස්ත්‍රී පුරුෂ වයස් බේදයකින් තොරව පාසල් ශිෂ්‍යාගේ සිට වයස්ගත පුද්ගලයා දක්වා සමාජය තුළ ජීවත්වන්නන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුව ඇත. වත්මන් අද සමාජයට පෙර සිට අතීතයේ රජ දවසේ සිට වුවද විවිධ මත්ද්‍රව්‍ය රට තුළ භාවිත වී ඇත. 1505 දී ලංකාවට පෘතුගීසින්, ඉන්පසුව ලන්දේසින්. ඉංග්‍රීසින් විසින් අප රට ආක්‍රමණය කළ අවස්ථාවන් වලදී පවා රට තුළ මත්වන ද්‍රව්‍ය පැතිරීම සිදු විය.
1930 අවධිය වන විට අබිං යන මත්ද්‍රව්‍ය භාවිත විය. 1929 දි ගංජා සහ විෂ මත්ද්‍රව්‍යවලට අණ පනත් පවා නිර්මාණය වුයේ මේවායේ ඉහළ යාම හේතු වෙනි. 1867 අංක 19 දරණ ආඥා පනත පවා පනවන ලදී. පැහැදිලි නොවේද ඉතිහාසය පවා අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිත කළ බවට. මේ සඳහා බලපෑ ප්‍රධානතම හේතුව වනුයේ 1978 හදුන්වා දෙනු ලැබූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය එමගින් මත්ද්‍රව්‍ය ප්‍රබල සමාජ ප්‍රශ්නයක් බවට පත්විය. ජාත්‍යන්තරයට විවෘත විමත් සමග අන්තර්ජාතික ආනයනික අපනයනික වෙළඳ කටයුතුවල  ආරම්භයත් සමග විවධ නීති විරෝධී ලෙස මෙරටට විවිධ මත්ද්‍රව්‍යන් පැමිණෙන්නට විය. අද වනවිට එය ගුවනින් මෙන්ම මුහුදින්ද රට තුළට විෂ මත් ද්‍රව්‍ය ඇතුළු වෙමින් රට තුළ පැතිර යාම අතිශය වේගවත් වී ඇත.
එමෙන්ම අප රටෙහි පිහිටීමද බොහෝ සේ රට තුළට විෂ නාශක මත්ද්‍රව්‍ය ඇතුළු වීම සිදු විමට බලපානු ඇත. අතිශය විෂ රසායනික මත්ද්‍රව්‍ය නිෂ්පාදිත රටවල් වන ලාඕසය, බුරුමය, තායිලන්තය, ඇෆ්ගනිස්තානය, ඉරානය, පකිස්තානය යන රටවල්වලට මධ්‍යස්ථව පිහිටිමද මත් උවදුර රට තුළ ප්‍රවාහකයෙකු බවට පත්වීමට බොහෝ සේ ඉඩකඩ ඇත. එමෙන්ම අප රටෙහි සුන්දරත්වය නැරඹීමට මෙ රටට පැමිණෙන විදේශිකයන්ගෙන්ද රට තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම සිදුවන බව නම් පිළිගත යුතුමය.

එසේ සිදුවන මත්ද්‍රව්‍ය භාවිතය කුටුම්භයේ සිට සමාජය දක්වාම සිදුවනුයේ අපචාර, දූෂණය, මංකොල්ලකෑම්, හොරකම් කිරීම්, මිසක යහපතක් නම් නොව. පුද්ගලයාගේ සිහිය විකල් කරවන, මානසික ඒකාග්‍රතාව විකෘති කරවන, පුද්ගලයා සතෙකුගේ නිර්මාණයක් බවට පත් කිරීමට තරම් මත් රකුසා අද වනවිට පත්ව ඇත. පුද්ගල පරිහානිය අතිශය වේගයෙන් සිදුකරයි. පුද්ගල සදාචාරය පරිහානියට පත් වනවිට එය සමාජ සදාචාරයද අතිශය පරිහානියක් බවට පත් වේ.
පවුල තුළ දහඩිය මහන්සියෙන් හම්බ කරන මුදල විටෙක පුරුෂයා වියදම් කරනුයේ තම කුටුම්භය රක්ෂා කිරීමට පෝෂණය කිරීමට නොව තම ශරීරය පදම් කර ගැනීමටය. ඔහුට අමතකය තමාට කුටුම්භයක්, භාර්යාවක්, දරුවන් සිටින වග, අමතකය. තම වගකීම ඔහු අතින් වගවීමක් බවට පත්කිරීමට තරම් මත් වතුර පුද්ගල විනාශය සිදුකරනුයේ තමාට පමණක් නොව තමා වටා උන්ගේ ජීවිතද බිල්ලක් කර ගනිමිනි. එමෙන්ම පුද්ගල මානසික ව්‍යාකූල බව අතිශය උද්දීපනය කිරීමට පවා මත් වතුර, එමෙන්ම කුඩු, ගංජා,  කසිප්පු, සිගරට් යන මේවා විසින් අතිශය බලපෑම් කරනු ඇත.
මෙසේ විනාශ වන පවුල තුළ මත්ලෝලී බව නිසා නොවේද ආර්ථික ප්‍රශ්න, දරිද්‍රතාවය, සමගිය, ආදරය, විශ්වාසය යන සියල්ල විනාශ වනුයේ මෙම හේතුවෙනි. පවුල් සංස්ථවම බිඳ දැමීමට තරම් ශක්තියක් ඇත. අද පවුල තුළ මත්ලෝලීත්වය.
ජීවිතයේ සොඳුරුතම කාලය ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගෙන් ගිලිහී යනුයේ කුඩු, ගංජා, අරක්කු, කසිප්පු යන නීතිවිරෝධී මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වීම හේතුවෙනි. අන්තිමට එය ඔවුන්ට නැතුවම ඉන්න බැරි තත්වයක් බවට පත් වේ. තම ශාරීරික ක්‍රියාවලිය පවා සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට පවා සමත් වේ.

තම හැසිරීම් ආකල්ප සිතුවිලි පවා පාලනය කරනු ලබනුයේ බාහිරින් ලබාගන්නා මෙවැනි විවිධ විෂ මත්ද්‍රව්‍ය හේතුවෙනි. ඒ තරමට අතිශය ප්‍රබලතම කාරකයක් බවට කුඩු නැතහොත් හෙරොයින් පත්ව ඇත. තාරුණ්‍ය අද විශාල ලෙස පරිහානිය පත්ව ඇත. ඔවුන් තම ජීවිතයට එය ළංකොට අවසානයේ හැම දෙයක්ම ආත්මය, පෞරුෂය, දෙමවුපියන්, තම සිතුවිලි, හැමදෙයක්ම මත්ද්‍රව්‍ය  ගිලගෙන අවසානය. ඇතැම් පුද්ගලයන්ගේ පාලකයා නැතහොත් ජීවකයා ලෙස අද වනවිට මත්ද්‍රව්‍ය පත්ව ඇත.
නැවැත්මක්, ආරම්භයක්, අවසානයක් නැති මතට නුඹලාද ගොදුරු වනු එයේ කුමකටද කුතුහලය, ආශාවට, මිත්‍රත්වයට,  නොව බුද්ධියට ඉඩදී තම ජීවිත මෙන්ම අනිකුත් ජීවිත මෙයින් ගලවනුයේ නම් එය උත්තරීතර පුණ්‍යකර්මයකි. තමාගේ ජීවිතය කුමකටද අන් සාධක ජීවත් වීමට නම බාහිර බලවේගයන්ගේ පාලනයට නතු කරනුයේ  නම් වැදගත් වනුයේ බුද්ධිය මෙහෙයවා සමාජය තුළ ජීවත් වීමය. හරි වැරැද්ද නිවැරදිව අවබෝධ කර ගැනීමය එවිට කිසිවෙකුට බැරිය. තමාට සිගරට් අරක්කු ගංජා කුඩු ගැසීමට පුරුදු කිරීමටත් ඇබ්බැහි කිරීමටත්.
කොයිතරම් තකා කරත් කොයිතරම් ධර්මය දේශනා කරත් කොයිතරම් දඬුවම් නීතිරීති  ක්‍රියාත්මක වුවත් වැඩක් නැත පුද්ගලයා එහි අනිටු විපාක හඳුනානොගෙන පරිහානිය නොදැක මුලාවෙන් අනවබෝධයෙන් කටයුතු කරන තාක් පුද්ගලයාට කිසිදාක මත්ද්‍රව්‍යෙයහි ඇති විපාක නොපෙනේ.
මා නම් සිතනුයේ පුද්ගලයා විසින්ම අවබෝධයෙන් යුතුව මත්ද්‍රව්‍ය අත්හරී නම් සමාජය පවුල, තාරුණ්‍ය පවා විනාශ නොවී දූෂණය භීෂණය පවා පිටුදැකීමේ හැකියාව පවතින බවයි.
 ලිව්වේ - සෙහානි

12 comments:

  1. වැදගත් ලිපියක්
    හැබැයි අපි නම් අමධ්‍යප
    ජයවේ අසෙනි!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා...!

      Delete
  2. මත්ද්‍රව්‍ය යනු රකුසෙක්ද?
    මොන පිස්සුද...අසෙනියෝ.......

    ReplyDelete
    Replies
    1. ළමා, තාරුණ මිනිස් ජිවිත, කුටුම්භය පවා අද මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම ගිලගෙන විනාශ කරමින් පවතිනවානේ. ඇත්තටම මත්ද්‍රව්‍ය රකුසෙකුටත් වඩා අන්ත පරිහානියක් මෙන්ම මිනිස් ජිවිත බිලි ගන්නා දෙයකි. මත්ද්‍රව්‍ය නිසා නොවේද? රට තුළ ජිවත්වන පුද්ගලයා මනුෂ්‍ය ඝාතන, මං කොල්ල කෑම්, ස්ත්‍රී දුෂණ, කාල කොලකහාල, ගැටුම් නිර්මාණය වනුයේ මත්ද්‍රව්‍ය නිසා නොවේද? රකුසන් සමඟ මිනිසුන්ට වාසය කිරිමට නොහැක. මත්ද්‍රව්‍යද එ් හා සමාන දෙයකි ඉන් මිනිස් ජිවිත පරිහානියට නිෂ්පාදනය කරන්නකි එය පිළිගත යුතුමය. මත්ද්‍රව්‍ය රකුසෙකු පමණක් නොව එය බිල්ලකි, විනාශයකි, අයහපතකි, පරිහානියකි. මේ සියල්ලම රක්ෂවේශයෙන් පැමිණි බලවේග හා සමාන ටික ටික පුද්ගල ජිවිත බලි ගන්නා රකුසෙකි. එම නිසා මත්ද්‍රව්‍ය රකුසෙකුට සම කළාට කිසිම වරදක් නෑ.

      බොහෝ ස්තුතියි සබරේ ඇනෝ.
      ජයවේවා....!

      Delete
    2. මම විහිළුවක් කලේ අසෙනියෝ... රකුසෙක් නෙවී මාරයෙක්....

      Delete
    3. එකට කමක් නෑ සබරේ ඇනෝ....
      ජයවේවා...!

      Delete
  3. මත්‍ ද්‍රව්‍යට වෛර කරන්නෝ මෙන්ම පෙම් කරන්නෝද වෙති.

    බොහොම වටින සටහනක්. කොච්චර මේවා පැහැදිලි කලත් ලිවුවත්, කියෙවුවත් මිනිස්සු හැදෙන්නේ නැති එකයි අවාසනාව.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේෂ්.
      බොහෝම ස්තුතියි මේ පැත්තට ගොඩවුණාට.
      ජයවේවා...!

      Delete
  4. මේ වගේම මත්ද්‍රව්‍ය වලට අමතරව මිනිසුන්ගේ ශරිර සෞඛ්‍යයට හානි කරන තවත් බොහෝමයක් නිශ්පාදන තියෙනව. ඒ සියල්ල අමතක කරල ඇයි මත්ද්‍රව්‍ය පිලිබදව විතරක් ලියන්නේ කියන එක ටිකක් පැහැදිලි මදි.
    උදාහරණයක් විදිහට අවි ආයුධ ගනිමු, ඇයි මිනිස්සු අවි ආයුධ භාවිතා කරන්නේ. අවි ආයුධ භාවිතය අතහැරියොත් කොපමණ ජිවිත සංඛ්‍යාවක් විනාශවිම නවතිනවද?
    තව උග්‍ර විෂ සහිත කෘමිනාශක සහ පොහොර වර්ග, මොටර් රථ වලින් සහ කර්මාන්ත ශාලාවලින් පිටවනවිෂ සහිත වායු වර්ග,මේ වගේ සමාජයට අහිතකර බොහෝ දේවල් මිනිස්සු අත් හරිනවනම් තව කොපමණ ජිවිත ප්‍රමාණයක් විනාශවිම නවතිවිද?
    තව නිසි පරිදි මාර්ග නීතී අනුගමනය කරමින් වාහන ගමනාගමනය කලොත්, නිසි ප්‍රමිතියකින් පාරවල් හැදුවොත් හදිසි අනතුරුවලින් නැතිවෙන ජිවිත කොපමණ සංඛ්‍යාවක් බේරෙයිද?
    නිසි පරිදි කුණු කසල බැහැර කලොත් ............. මේ විදිහට එක එක දේවල් කලොත් කොයිතරමි දේවල් වෙයිද?

    ඇයි මේවා නොවෙන්නේ.......
    මිනිස්සු මොඩ නිසාද? පුරුදු වලට ඇබ්බැහිවෙලා නිසාද? තියෙන විදිහ වෙනස් කරන්න බැරි නිසාද?

    ReplyDelete
    Replies
    1. ඔයා හරි.
      අපි මත්ද්‍රව්‍ය ගැන විතරක් නෙමේ අපි ගන්නා ආහාරවල පවා ද අද වනවිට මිනිස් ශරීරයට අහිත කර දෑ බහුල ඇත. ඇත්තටම මේවා නැවැත්වීම රට තුළ මෙහෙයවන්නන් මුලපිරිය යුතුය. විවිධ විෂයන් යටතේ අපේ රට ගොඩනැගී ඇත. විවිධ අමාත්‍යාංශ යටතේ සියල්ලම සිදු වනු ඇත. නමුත් එවායේ ඇති ක්‍රියාකාරිත්වය මත හුඟක්ම ඒදේවල් නිවැරදිව සිදු වනවානම් ප්‍රශ්ණ නැත. නමුත් කිසිවක් හරියට නොවීම තමා මෙයට හේතුව. ප්‍රධානම මුලය එයයි.
      නමුත් පුද්ගලයා විසින් කරනු ලබන ක්‍රියාවන් මතය ප්‍රතිඵලය නිර්මාණය වනුයේ මත්ද්‍රව්‍ය කොපමණ තිබුණත් තමන් නිවැරදිව එහි අනිටු විපාක හදුනා ගෙන පාවිච්චි නොකරයි නම්, කිසිදු ප්‍රශ්ණයක් නැත. අවි ආයුධ වුවද එසේය. තමන් එ පිළිබඳ අවබෝධයෙන් අනවශ්‍ය බව තේරුම් ගනී නම්, එයද අවශ්‍යය නැත. පරිපාලනය ශක්තිමත් නම් සමාජික පුද්ගලයා ඒ හරහා ගොඩනැගීම කළ හැකිය. පාරවල් වල කුණු මහ නගර සභාවල් වලින් නියමිතව බැහැර කරයි නම්, නියමිත පරිදි පොහොර පුද්ගලයාට ලබාදෙ නම් සෞඛ්යම ගැටලු විසඳයිද? මේ අයුරින් පාලන තන්ත්‍රය නිවැරදි නම් සමාජය ගොඩනැගීම කළ හැකිය.
      එය එක පැත්තකි පුද්ගලයා අවබෝධය සිතමින් බුද්ධිමත්ව වැරැද්දෙහි අනටු විපාක හදුනා ගෙන කටයුතු කරන්නේ නම්, කාටත් කාගෙන්වත් කරදරයක් නැත. සමාජය වුවද යහපත් වනු ඇත. පුද්ගල සදාචාරය යහපත් වන්නේ නම් සමාජයද යහපත් වේ.

      බොහෝම ස්තුතියි ප්‍රදීප් මංගල.
      ජයවේවා...!

      Delete
  5. අසෙනි...............

    ඉතා වැදගත් ලිපියක්..... මේකේ තියෙන ප්‍රධාන ම ගැටලුව තමා පරම්පරාවෙන් පරම්පරාවට මේක ප්‍රවේගශීලීව ව්‍යාප්ත වීම.. දැන් දැන් දුම් පානය කිරීමේ යම් අඩුවක් දැකගත හැකි වුණාට සමස්ථයක් විදිහට ගත්තා ම ජනගහණය වැඩි වීමත් සමග භාවිතා කරන පිරිස ටික ටික වැඩි වෙමින් පවතිනවා... දුම්වැටි සහ මත්පැන් යන්න යම් පාලනයක් සහිත දෙයක් වුණත් ඊට ඒහා ගිය ගංජා (දැන් කේරල ගංජා) කුඩු (මේ නමින් හදුන්වන බොහොමයක් වර්ග අැත) වැනි දේ පුද්ගල ශරීරයට ක්ෂණික හානි රැසක් සිදු කරනවා......

    මේ පිළිබද ව රජයේ අායතනයන් රාශියක් සහ පුද්ගලික අායතනයන් රාශියක් මෙන් ම ජාතික ප්‍රතිපත්ති පවා සකසමින් සැලසුම් හැදුවාට තාමත් මේ රකුසා පාලනය ගැන සාර්ථක ප්‍රවේශයක් රටක් හැටියට අපිට ගත හැකි වෙලා නැහැ.... ලිපිය අගෙයි

    ReplyDelete
    Replies
    1. ඔයා කියන එක ඇත්ත රාජ්‍ය ආයතන නීතිරීති කොපමණ ක්‍රියා කළත් කම් නැත පුද්ගලයා එහි විපාක හදුනා නොගයි නම්, පාලනය කිරීම නීතිය මගින් යම් තාක් සිදු කිරීමට උත්සාහ කළත් පුද්ගල ඇබ්බැහි වීම මත අති විශාල සමාජ ප්‍රශ්නයක් බවට මත්ද්‍රව්‍ය පත්ව ඇත. කොයි තරම් තිබුණත් අපි දැනගත යුතු නොවේද? එහි විපාක, පරිහානිය, විනාශය. එසේ පුද්ලයා මුලා නොවී නිවැරදිව කටයුතු කරයි නම්, මත්ද්‍රව්‍ය අප රට තුළින් වුවද මර්දනය කළ හැකි බව නම් පිළිගත යුතුමය. පුද්ගල ආකල්ප, සිතුවිලි සියල්ල යහපත් වනවා නම් සමාජ ප්රිශ්න රාශියක් විසදෙනු නොඅනුමානය.

      බොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී ගවුර.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts