Saturday, December 5, 2015

කඳුළුවලට වටිනාකමක් අවැසිද?



විවිධ හේතු නිසා ඔබේ සිත ගොඩක් රිදුම් දෙන අවස්ථා අතීතය මෙන්ම වර්තමානයේද තියෙන්න පුළුවන්. එය ඔබට දරා ගැනීමට නොහැකි තරම් සිත් පතුල තුළ තැන්පත්ව ඇති අවස්ථාද තිබෙනවා. එම අතීතය ආවර්ජනය කිරීමේදී ඔබට නොදැනීම ඔබගේ නෙත් අගින් කඳුළු කැට වැහැරෙනු බව නම් නොඅනුමානයි.
නමුත් තමන්ගේ කියලා හිතෙන කෙනෙක් ගාව ඇඬුවත් පිට කෙනෙක් ඉස්සරහ කවදාවත් ඔබේ සිතේ ඇති දුක කියා අඬන්න එපා. අපේ කඳුළුවලට හැමෝම වටිනාකමක් දෙන්නේ නෑ. එයින් සිදුවෙන්නේ ඔහුගේ වචනවලින් අපේ දුක තවත් වැඩි වෙන එක විතරයි. ඒනිසා කඳුළුවලට වටිනාකමක් දෙන්න පුළුවන් කෙනෙක් ළඟ විතරක් අඬන්න. නැත්තම් හිතේ දුක සුළඟට කියන්න... ඒ කියන්නේ ඔබේ දුක ඔබටම කියලා තුනී කර ගන්න.....

6 comments:

  1. හිරකරගෙන ඉන්නවට වඩා අඩලා ඉවරයක් කරන එක හොද නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රූපේ අඬලා තමන්ගේ දුක අඩු කරගන්න එක හොඳයි. එහෙත් තමන්ගේ කඳුළු වලට වටිනාකම නොදැනෙන කෙනෙක් ළඟ කවදාවත් අඬන්න එපා ඔහු කරන්නේ ඒ කදුළු වලින් ප්‍රයෝජනයක් ගැනීමයි.

      බොහෝම ස්තුතියි රූපේ.
      ජයවේවා...!

      Delete
  2. පුළුවන් තරම් අඬලා ඉවර කරාම ලේසියි..

    ReplyDelete
    Replies
    1. එහෙත් පුළුවන් තරම් අඬලා ඒ දුක අඩු කරගන්න පුළුවන් හොඳයි දිනේ්ෂ.
      බොහෝම ස්තුතියි දිනේෂ්.
      ජයවේවා...!

      Delete
  3. කෙටි වුණාට අර්ථවත්
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි වර්ණ.
      ජයවේවා...!

      Delete

වැටුණු වැහි බිඳු

Popular Posts