Thursday, December 17, 2015

ආදරේ නම් නුඹත් මට ඇවිත් යනවද ආයෙමත්....



අලුත් කවියක් ලියන්නට
අලුත් අකුරක් කියනවද
ආදරේ නම් නුඹත් මට
ඇවිත් යනවද ආයෙමත්...

ලමැද ඉපදෙන අලුත් හැඟුමට
අලුත් අරුතක් අරන්
සෝ සුසුම් බිඳිනා
ගාලු මුවදොර සුළඟ සේ
ඇවිත් යනවද ආයෙමත්...

හිතේ පීදෙන අලුත් කුසුමට
අලුත් සුවඳක් අරන්
සුපෙම් පිනි සලනා
විහර මහ දෙවි උයනතට
ඇවිත් යනවද ආයෙමත්...
ලක්ෂාන්

14 comments:

  1. ආදරේ නම් නුඹත් මට
    ඇවිත් යනවද ආයෙමත්...
    පැරණි මතකයක් දිගේ ආපසු ගියෙමි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ද වරා මලී ඒ මතකය ඒ තරම්ම සුන්දර ඇති.බොහෝම ස්තුතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආයෙත් ඇවිත් යන්න.
      ජයවේවා...!

      Delete
  2. ගාලු මුවදොර සුළඟ සේ
    ඇවිත් යනවද ආයෙමත්...

    නිමක් නැති ගමනක් යන්නයි එන්නයි...

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම වෙන්න පුළුවන්.....
      බොහෝම ස්තුතියි සබරේ ඇනෝ.....
      ජයවේවා...!

      Delete
  3. ඇවිත් යන්නත් පුළුවන්
    නොයා ඉන්නත් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඇවිත් යන්න පුළුවන්, නොයා ඉන්නත් පුළුවන්. එහෙත් ඔයා මේ පැත්තට ඇවිත් ගියා නේ.
      බොහෝම ස්තුතියි.
      ජයවේවා....!

      Delete
  4. ...//ඇවිත් යනවද ආයෙමත්//...

    නො ආවොත්...?

    ReplyDelete
    Replies
    1. එනතුරු බලා ඉන්නවා.......
      බොහෝ ස්තුතියි මනෝ මේ පැත්තට ගොඩ වුණාට.
      ජයවේවා....!

      Delete
  5. ලස්සනයි පද ටික......

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර.
      ජයවේවා.....!

      Delete
  6. ඔන්න ආවා..ලස්සනයි කිව්වා..මෙන්න ගියා.
    සුබ නත්තලක් කිව්වා...

    ReplyDelete
  7. මේ පැත්තට ආවට බොහෝම ස්තුතියි මහේෂ් සමන්ත.
    සුබ නත්තලක් වේවා....
    ජයවේවා....!

    ReplyDelete
  8. ආදරේ නම් නුඹත් මට
    ඇවිත් යනවද ආයෙමත්...

    ලස්සනයි මල්ලි දැන් නම් කවි හරි හැඩයි ඈ...
    අපිත් ආදරෙයි උඹට
    ඒ හින්දා ඇවිත් යන්නම්කො ආයෙමත්..
    දිගටම මේ වගේ ලියහන්කෝ
    ජයවේ ලක්ෂාන්!

    ReplyDelete
  9. බොහෝම ස්තුතියි වර්ණ.
    ජයවේවා...!

    ReplyDelete

වැටුණු වැහි බිඳු

Popular Posts