ඈත ඉගිලී ගියත් නොපෙනී
ආදරේ තවමත් ඔයාටයි
කඳුළු ගිලිහී ගියත් නෙතගින්
හදවතේ මුල්තැන ඔයාටයි
මතකයෙන් එක පුංචි අහුරක්
ඇති මගේ ලොව සරසවන්න
පැරණි ලිපියක පැදි පෙළක් ඇති
ඔයා එනතුරු මග බලන්න
තරහවට කළ පුංචි වරදක්
මදි මගේ මේ හිත බිඳින්න
මලක් නොව නුඹ මල් ගසකි මට
ඉගිලුණා ඇති ඉතින් එන්න
ලක්ෂාන්
කාටද දෙන්නේ.. හා.. චාමික සිරිමානන් හොදා..
ReplyDeleteහොඳ එහෙනම් අපි දෙමු.
Deleteබොහෝම ස්තුතියි දේශක යා......
ජයවේවා....!
මරු සිංදුව
ReplyDeleteබොහෝම ස්තුතියි ඉයන්.
Deleteජයවේවා....!
සිංදුවකට මරු මේක.
ReplyDeleteබොහෝම ස්තුතියි දිනේෂ්.
Deleteජයවේවා....!
අැත්තට ම ගායනා වෙන ගීතයක්...........
ReplyDeleteබොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර.
Deleteජයවේවා...!