අලුත් කවියක් ලියන්නට
අලුත් අකුරක් කියනවද
ආදරේ නම් නුඹත් මට
ඇවිත් යනවද ආයෙමත්...
ලමැද ඉපදෙන අලුත් හැඟුමට
අලුත් අරුතක් අරන්
සෝ සුසුම් බිඳිනා
ගාලු මුවදොර සුළඟ සේ
ඇවිත් යනවද ආයෙමත්...
හිතේ පීදෙන අලුත් කුසුමට
අලුත් සුවඳක් අරන්
සුපෙම් පිනි සලනා
විහර මහ දෙවි උයනතට
ඇවිත් යනවද ආයෙමත්...
ලක්ෂාන්
ආදරේ නම් නුඹත් මට
ReplyDeleteඇවිත් යනවද ආයෙමත්...
පැරණි මතකයක් දිගේ ආපසු ගියෙමි.
ඇත්ත ද වරා මලී ඒ මතකය ඒ තරම්ම සුන්දර ඇති.බොහෝම ස්තුතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආයෙත් ඇවිත් යන්න.
Deleteජයවේවා...!
ගාලු මුවදොර සුළඟ සේ
ReplyDeleteඇවිත් යනවද ආයෙමත්...
නිමක් නැති ගමනක් යන්නයි එන්නයි...
සමහර විට එහෙම වෙන්න පුළුවන්.....
Deleteබොහෝම ස්තුතියි සබරේ ඇනෝ.....
ජයවේවා...!
ඇවිත් යන්නත් පුළුවන්
ReplyDeleteනොයා ඉන්නත් පුළුවන්..
ඒක ඇත්ත ඇවිත් යන්න පුළුවන්, නොයා ඉන්නත් පුළුවන්. එහෙත් ඔයා මේ පැත්තට ඇවිත් ගියා නේ.
Deleteබොහෝම ස්තුතියි.
ජයවේවා....!
...//ඇවිත් යනවද ආයෙමත්//...
ReplyDeleteනො ආවොත්...?
එනතුරු බලා ඉන්නවා.......
Deleteබොහෝ ස්තුතියි මනෝ මේ පැත්තට ගොඩ වුණාට.
ජයවේවා....!
ලස්සනයි පද ටික......
ReplyDeleteබොහෝම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර.
Deleteජයවේවා.....!
ඔන්න ආවා..ලස්සනයි කිව්වා..මෙන්න ගියා.
ReplyDeleteසුබ නත්තලක් කිව්වා...
මේ පැත්තට ආවට බොහෝම ස්තුතියි මහේෂ් සමන්ත.
ReplyDeleteසුබ නත්තලක් වේවා....
ජයවේවා....!
ආදරේ නම් නුඹත් මට
ReplyDeleteඇවිත් යනවද ආයෙමත්...
ලස්සනයි මල්ලි දැන් නම් කවි හරි හැඩයි ඈ...
අපිත් ආදරෙයි උඹට
ඒ හින්දා ඇවිත් යන්නම්කො ආයෙමත්..
දිගටම මේ වගේ ලියහන්කෝ
ජයවේ ලක්ෂාන්!
බොහෝම ස්තුතියි වර්ණ.
ReplyDeleteජයවේවා...!