නව
වසර එළඹෙන්න තව පැය කිහිපයයි තිබෙන්නේ. අලුත් අවුරුද්දක් කියන්නේ කැලැන්ඩරේ දින
360 ක් ගෙවලා එනම් මිනිත්තු, තත්පර, විනාඩි, සති, පැය, මාස අවසාන වී නැවත එවැනිම
දින 360 ක් නව වර්ෂයක් සමග එළඹීමයි. ඇත්තටම අලුත් අවුරුද්දේ අපි හැමෝම ප්‍රාර්ථනා
රාශියක් එක්ක අලුත් අවුරුද්ද පිළිගැනීම අප ලාංකිකයන් වශයෙන් අපද අලුත් විය යුතුයි.
පහුගිය බැරි වුණු සියලුම කාර්යයන් මේ අවුරුද්දෙ සාර්ථකව ඉටුකර ගැනිමට, තම අදහස් උදහස්, යහපත් සිතුවිලි, ආකල්ප යහපත්ව නිවැරදිව
ධාර්මිකව අවබෝධයෙන් යුතුව කිරීමද අනිවාර්ය විය යුතුය. තමන්ට අත හැරුණු තමන්ගෙන් ඈත්වුණු
දේවල් වුවද අතහැර දමා අලුතින්ම තම ජීවිතය අලුත් කර ගැනීම නුඹ විසින් අනිවාර්යෙන්ම
කළ යුතුයි.
අධ්‍යාපන
කටයුතු, රැකියා කටයුතු, ව්‍යාපාර, මේ හැමදේම සාර්ථකව නිවැරදිව කිරීමට
මුල්ම සැලසුම පවා අද ඔබ නිර්මාණය කොට අවසාන විය යුතුයි. මේ අවුරුද්දේම වෙන්වීම, ආදරය පරාජය විරහව, ලාභ අලාභ, නින්දා අපහාස, වැරදුණු තැන්, අපි කරපු වැරදි පවා නිවැරදි කර ගැනීමට හොඳම අවස්ථාවක් කර ගන්න අපි
හැමෝටම පුළුවන්.
බැඳීම්
අලුත් කර ගන්න, අලුත් බැඳීම් ඇති
කර ගන්න, තියෙන බැඳීම් ආරක්ෂා කරගන්න. හැම දෙයක්ම සාර්ථක
වෙන සුබම සුබ නව වසරක් අපේ අසෙනි යාළුවෝ හැමදෙනාටටම!
අසෙනි
වැසි වැටේවි
දිවි
ගමනට
ආදරය
අරන්
හිරි
පොද වැසි වැටේවි
හිත
පුරවන
ප්‍රාර්ථනා
අරන්
මල් තුහින
සැලේවි
නව වසරට
ආසිරි අරන්
සුබ නව
වසරක් වේවා........!