Thursday, December 31, 2015

සුබ නව වසරක් වේවා!


නව වසර එළඹෙන්න තව පැය කිහිපයයි තිබෙන්නේ. අලුත් අවුරුද්දක් කියන්නේ කැලැන්ඩරේ දින 360 ක් ගෙවලා එනම් මිනිත්තු, තත්පර, විනාඩි, සති, පැය, මාස අවසාන වී නැවත එවැනිම දින 360 ක් නව වර්ෂයක් සමග එළඹීමයි. ඇත්තටම අලුත් අවුරුද්දේ අපි හැමෝම ප්‍රාර්ථනා රාශියක් එක්ක අලුත් අවුරුද්ද පිළිගැනීම අප ලාංකිකයන් වශයෙන් අපද අලුත් විය යුතුයි. පහුගිය බැරි වුණු සියලුම කාර්යයන් මේ අවුරුද්දෙ සාර්ථකව ඉටුකර ගැනිමට, තම අදහස් උදහස්, යහපත් සිතුවිලි, ආකල්ප යහපත්ව නිවැරදිව ධාර්මිකව අවබෝධයෙන් යුතුව කිරීමද අනිවාර්ය විය යුතුය. තමන්ට අත හැරුණු තමන්ගෙන් ඈත්වුණු දේවල් වුවද අතහැර දමා අලුතින්ම තම ජීවිතය අලුත් කර ගැනීම නුඹ විසින් අනිවාර්යෙන්ම කළ යුතුයි.
අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු, ව්‍යාපාර, මේ හැමදේම සාර්ථකව නිවැරදිව කිරීමට මුල්ම සැලසුම පවා අද ඔබ නිර්මාණය කොට අවසාන විය යුතුයි. මේ අවුරුද්දේම වෙන්වීම, ආදරය පරාජය විරහව, ලාභ අලාභ, නින්දා අපහාස, වැරදුණු තැන්, අපි කරපු වැරදි පවා නිවැරදි කර ගැනීමට හොඳම අවස්ථාවක් කර ගන්න අපි හැමෝටම පුළුවන්.
බැඳීම් අලුත් කර ගන්න, අලුත් බැඳීම් ඇති කර ගන්න, තියෙන බැඳීම් ආරක්ෂා කරගන්න. හැම දෙයක්ම සාර්ථක වෙන සුබම සුබ නව වසරක් අපේ අසෙනි යාළුවෝ හැමදෙනාටටම!

අසෙනි වැසි වැටේවි
දිවි ගමනට
ආදරය අරන්
හිරි පොද වැසි වැටේවි
හිත පුරවන
ප්‍රාර්ථනා අරන්
මල් තුහින සැලේවි
නව වසරට
ආසිරි අරන්

සුබ නව වසරක් වේවා........!



Thursday, December 17, 2015

ආදරේ නම් නුඹත් මට ඇවිත් යනවද ආයෙමත්....



අලුත් කවියක් ලියන්නට
අලුත් අකුරක් කියනවද
ආදරේ නම් නුඹත් මට
ඇවිත් යනවද ආයෙමත්...

ලමැද ඉපදෙන අලුත් හැඟුමට
අලුත් අරුතක් අරන්
සෝ සුසුම් බිඳිනා
ගාලු මුවදොර සුළඟ සේ
ඇවිත් යනවද ආයෙමත්...

හිතේ පීදෙන අලුත් කුසුමට
අලුත් සුවඳක් අරන්
සුපෙම් පිනි සලනා
විහර මහ දෙවි උයනතට
ඇවිත් යනවද ආයෙමත්...
ලක්ෂාන්

Monday, December 14, 2015

රන් භාජනය නොවිදිද විදිනා ගුල්ලා


දංගෙඩියෙන් වෙන්වූ ලක් ඉතිහාසයේ අවාසනාවන්ත රහස් ප්‍රේමය දස්කොන් ප්‍රමිලා 
ප්‍රේමයේ ළාමක බව හා ලෞකික බව ඇදහූ සමාජයක ඇතැම්හු එය අළාමක හා ලෝකෝත්තර බව විශ්වාස කළහ. විවාහය යනු ආත්මාර්ථකාමීත්වයේද, දේශපාලන බල ව්‍යාප්තියේද අවියෝජනීය සාධකයක් ලෙස සැලකූ යුගයක ඔවුහු එය පාරාර්ථකාමීත්වයේද, ප්‍රේමයේද අග්‍රඵලය යැයි ඔහු ඔප්පු කළහ. ඔවුනොවුන් වෙනුවෙන් ඉපද එකිනෙකා වෙනුවෙන් ජීවත්ව වෙන් වෙන්ව අවසන් ගමන් ගිය උත්තරීතර ආදරයක අවසානය කදුළු අතර වියැකී ගිය දස්කොන් ප්‍රමිලා ආදරය සැබවින්ම අතිශය සුන්දර වූවකි. 
දෙවැනි රාජසිංහ රජ සමයේ ඇති වූ යුද්ධයකදී එහි අවසානයේ රජ විජයග්‍රහණය සමරන අවස්ථාවේ ඇසුණු පුංචි ළමයෙකුගේ හැඬුම් ස්වරයක් සමග රජුගේ අවධානය ඊට යොමුවිය. ඔහු සිටියේ කෝන් ගසක් මුලය. එහිදී ඔහුට ‘%ගස් කොන්^ යනුවෙන් නම් ලැබුණු අතර, පසුව එය දස්කොන් බවට පත් විය. මෙයද ජනප්‍රවාදයකි. ඔහු හා බැඳි ජනප්‍රවාද රාශියක් ඇත. මෙය ඉන් එකකි.

Monday, December 7, 2015

නගේ මලේ අපි අවදි වෙමු....




මැටි ගෙපැලේ සිට රජ මැදුරට යන
පාර තනන්නට අවදි වෙමු
මුළු ලොව නිදි ගත් මේ හිමිදිරියේ
නගේ මලේ අපි අවදි වෙමු

අප්පච්චිට හැමදා වී කුරහන්
දෙවියෝ දේවිද කවුරුද දන්නේ
එහෙව් දවසකදි සුසුම් හෙලන්නට
ඉඩනොතබා අද අවදි වෙයන්නේ

රසහොදි මන්තර හැමදා අම්මට
මතක තියේවිද කවුරුද දන්නේ
එහෙව් දවසකදි කඳුළු සලන්නට
ඉඩනොතබා අද අවදි වෙයන්නේ
 ලක්ෂාන්

Saturday, December 5, 2015

කඳුළුවලට වටිනාකමක් අවැසිද?



විවිධ හේතු නිසා ඔබේ සිත ගොඩක් රිදුම් දෙන අවස්ථා අතීතය මෙන්ම වර්තමානයේද තියෙන්න පුළුවන්. එය ඔබට දරා ගැනීමට නොහැකි තරම් සිත් පතුල තුළ තැන්පත්ව ඇති අවස්ථාද තිබෙනවා. එම අතීතය ආවර්ජනය කිරීමේදී ඔබට නොදැනීම ඔබගේ නෙත් අගින් කඳුළු කැට වැහැරෙනු බව නම් නොඅනුමානයි.
නමුත් තමන්ගේ කියලා හිතෙන කෙනෙක් ගාව ඇඬුවත් පිට කෙනෙක් ඉස්සරහ කවදාවත් ඔබේ සිතේ ඇති දුක කියා අඬන්න එපා. අපේ කඳුළුවලට හැමෝම වටිනාකමක් දෙන්නේ නෑ. එයින් සිදුවෙන්නේ ඔහුගේ වචනවලින් අපේ දුක තවත් වැඩි වෙන එක විතරයි. ඒනිසා කඳුළුවලට වටිනාකමක් දෙන්න පුළුවන් කෙනෙක් ළඟ විතරක් අඬන්න. නැත්තම් හිතේ දුක සුළඟට කියන්න... ඒ කියන්නේ ඔබේ දුක ඔබටම කියලා තුනී කර ගන්න.....

වැටුණු වැහි බිඳු

Popular Posts