Thursday, October 29, 2015

අම්මා ආදරය සහ ජීවිතය Mother Love & Life




දහසක් බුදුන්ටත් උපත දුන් උතුම් මව යනු කාන්තාවක තම ජීවිතයේ එක් අවස්ථාවකදී ලබන උත්තරීතරම පදවියයි. අම්මා යන වදනට මම ඔබෙන් අර්ථයක් ඉල්ලමි......

මා කුසෙහි පිළිසිඳ ගත් බව දැනගත් මොහොතේ පටන් අම්මා සිතෙනුත් ගතෙනුත් වෙහෙසුණේ නොබෝ කලකින් ඇගේ ඇකයට පැමිණෙන මා වෙනුවෙනි. මගේ සුවතාව, ප්‍රසන්නතාව වෙනුවෙනි. කුස තුළ සිටින දුව හෝ පුතා වෙනුවෙන් මවකගේ හද තුළ උපදින මෛත්‍රී සිතුවිලි ධාරාව දෙවැනි වන්නේ බුදු කෙනෙකුගේ මෛත්‍රියට පමණි. අම්මා අප වෙත කරුණාව, ආදරය, සෙනෙහස, ආරාක්ෂාව ලබාදෙන්නේ අපි මෙලොව එළිය දකින්නටත් පෙර සිටමය.

Monday, October 26, 2015

බැඳීම් කියන්නෙත් මහ පුදුම දෙයක් බන්....





බලන් යද්දී මිනිහෙකුට ඇතුවත් බැරි නැතිවත් බැරි පුදුමාකාර දෙයක් තමයි බැඳීම් කියන්නෙ. කොහොම කොයි විදියට බැඳීම් ඇති කරගන්නෙ නැතුව ඉන්න උත්සාහ කරත් හැම මොහොතකම හැම තත්පරයකම ඇති වෙන්නෙ මොකක් හරි බැඳීමක්....
වෙලාවකට මට හිතනවා බන් ඇයි මේ වැඩක නැති බැඳීම් ගොඩක් ඔළුවේ තියන් නිකන් මිනිස්සු දුක් විඳින්නේ කියලා....
බැඳීම් වලින් මිඳුණු ලස්සන ජීවිත ගෙවන මිනිස්සුත් නැතිව නොවේ. ඔවුන් දිහා බැලුවාම වෙලාවකට පුදුමත් හිතෙනවා බන්. සමහරු බැඳීම් ඇති කරගන්න උත්සාහ කරනවා. තවත් කට්ටියක් තියෙන බැඳීම් නැති කරගෙන ඒවායෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා.

Thursday, October 22, 2015

ගොඩක් ආදරේ කළාද මට සඳ සාවී....




පෙම් හදවත හොරා ගත්ත සුරංගනාවි
හීන එක්ක රණ්ඩු කරන සුරූපිකාවී
ඔබ ඇත්තම කියනවාද
ගොඩක් ආදරේ කළාද
මට සඳ සාවී

සුපෙම් ගීත සිය ගාණක්
එක හුස්මට ලියා එවන්නම්
ගීපද මට ඇහෙන්න
නුඹ ගයනව නම්

සුපෙම් හීන ඇති තරමක්
එක රැයකින් ගෙන එන්නම්
හැම හීනෙම මගේ ළඟින්
ඔබ ඉන්නව නම්
 ලක්ෂාන්

Tuesday, October 20, 2015

බලන් යද්දී අපිත් පට්ටම ආතල් එකක් බන්....

අපේ සමාජෙ ඉන්න සමහර මිනිස්සු දිහා බලනකොට පුදුමත් හිතෙනවා බන්. සමහර වෙලාවට අපි ජීවත් වෙන්නෙ මේ වගේ සමාජෙකද කියලා අපිටම ලැජ්ජ හිතෙනවා. කුඩයක් ගෙනියන්නැති මිනිස්සු අන්තිමට වැස්සට දොස් කියනවා වගේ තමයි ගොඩක් මිනිස්සු තමන්ගේ වැරදි වහාගන්න අනිතු වුන්ට දොස් කියන්නේ. සමහරු අතේ කීයක් හරි තියෙනව නම් තමන් කවුද කියලත් අමතක කරලයි වැඩකරන්නේ. අතේ සල්ලි නැති වුණාම තමයි ආයෙ මතක් වෙන්නෙ තමන් කවුද කියලා.
තවත් මිනිස්සු නොලැබෙන දේ පස්සෙ හඹා යනවා. ඒවා ඉෂ්ට කරගන්න බැරිවුණාම ජීවිතේ කඩන් වැටුණා, ආයෙ ගොඩ ඒමක් නෑ, වටේ හිටපු උන් නිසා තමයි මෙහෙම වුණේ කියලා පටු විදියට හිතනවා. පොර ටෝක් දීගෙන සමාජය තුළ මං පොරක් කියලා පෙන්නන්න හදන එවුනුත් ඔය අතරෙ ඉන්නවා. පොරවල් වෙන්න ගිහින් අම්බානට ගුටි කන අවස්ථාත් තියෙනවා. මිනිහෙක් ඉහළට යද්දි ඇස්වලට කටු ඇනෙන තව කෙනෙකුගේ දියුණුව බලන්න ඉන්න බැරි තරම් පට්ට ඊරිසියාකාරයොත් ඔය අතරෙ නැතුව නොවෙයි. සමහරු කුප්ප වැඩ කරන වුන්ටත් සමාජෙ මාර පිළිගැනීමක්නෙ බන් තියෙන්නෙ.

Sunday, October 18, 2015

නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි…




දරය කරන ප්‍රේමවන්තියන්, ආදරයෙන් පැරදුණු අදාරවන්තයන්, තමන්ගේ කරන් ආදරය කරලා තමන්ටත් හොරෙන් තව කෙනෙකුටත් තුරුළුවෙලා ඒ ආදරයෙන් රැවටිලා විඳවන, පොරොන්දම වේලාවල් නැමැති දෙමවුපියන් ඉදිරියේ තම ආදරය අවසන් කිරීමට සිදුවුවත්, තම ආදරය ප්‍රකාශ කිරීමට නොහැකිව විඳවන නැත්නම් තමන් ආදරෙයි ඒත් වෙනකෙකුගේ වූ ආදරයත් මේ හැම එකක්ම ආදරය නැමැති මූල්‍ය තුළ වූ සාධක. නැතහොත් අන්තර්ගතයන්ය.
මේ අතරින් විරහව යනු තමන් ආදරය කරපු කෙනා තමන්ව දාලා ගියාම දැනෙන වේදනාව විරහව ලෙස සරලව හැඳින්විය හැකිය. එහිදී විවිධ හේතු මේ සඳහා බලපෑ හැකියි.
“මං ළඟ ඉඳලා, මුළු දවසම මට කතා කරලා, මගේ මුළු හිතම ආදරෙන් පුරවලා, මේ මගේ හුස්ම ටිකත් ඔයා අරගෙන මගේ මුළු ජීවිතේම ඔයා වෙලා, මගේ පපුවට තුරුළු කරන්, මේ අත්වලට ඔයාව හිරකරන් මේ තරම් ආදරෙන් ඔයාව සිප ගත්තේ, මේ තරම් මං ආදරෙන් ඔයාට කතා කළේ, හැම තැනම මං ඔයාව එක්කගෙන ගියේ, ඔයා ඉල්ලන, ඉල්ලපු හැම දෙයක්ම ඔයාට අරන් දුන්නේ, ඔයාගේ දුක, සැප මම ඔයා එක්ක බෙදාගත්තේ, මගේ අතින් අනලා මම ඔයාට බත් කැව්වේ. මගේ මුළු ලෝකෙම කරන් මං ඔයාට ආදරේ කළේ, අපි ගියපු පාරවල් අද අලුත් වෙලා ඔයා මායි ඉඳපු ඒ ගස්වල මල් පිපිලා ඒත් ඔයා අද මාව දාලා හුඟක් දුරකට ගිහින් දන්නවාද මම ඔයාට මේ විදිහට ආදරේ කළේ ඔයාව නැතිවෙයි කියලා දැනගෙන නම් නෙමෙයි මං හිතුවේ නෑ මේ තරම් ආදරේ දිපු මගේ හිත මේ තරමට රිඳවලා ඔයා යයි කියලා.

Friday, October 16, 2015

ආදරේ දැයි සිතා ගන්නට බෑ....




කුමුදු යුවළක් සඳ දියේ
කිමිද මතුවෙයි
යළිත් කිමිදෙයි
කුමුදු යුවළක් සඳ දියේ
හාදු පෙති මත තියන්නේ නෑ
බැදුණු අත්වැල ලිහන්නෙත් නෑ
ආදරේ දැයි සිතා ගන්නට බෑ
ආදරේ....
නෑ කියන්නත් බෑ
කැකුළු තරු ඉඟි කරන්නෙත් නෑ
සඳවතිය තතු කියන්නෙත් නෑ
ආදරේ දැයි සිතා ගන්නට බෑ
ආදරේ....
නෑ කියන්නත් බෑ
ලක්ෂාන්

Wednesday, October 14, 2015

ජීවිතය ගැහැණිය හා වීදිසරණ ලිය Life, Women & Prostitute

ජී

විතය යනු කුමක්ද? එයට ඔබට අර්ථකථනයක් දිය හැකිද? පුද්ගලයා සමාජය තුළ ජීවත් වීමේදී එකිනෙකාට වෙනස් අයුරින් තම ජීවිතය පවත්වා ගනී. කාන්තාව සේම පිරිමියාද එසේය. තම ජීවිතවල අරමුණු, පරමාර්ථ, අභිමාර්ථ, අවශ්‍යතා, වුවමනා, මේ සියල්ල එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්ය.
අද සමාජය තුළ පවත්නා දරිද්‍රතාව, පන්ති විෂමතාව, මුදල මත යැපෙන සමාජයක ජීවත්වන පිරිසක් හැටියට තම අවශ්‍යතා වුවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන මුදල මත තම ශරීරය කාලයට, මුදල පිරිමින්ට විකුණා ජීවත්වන පිරිසක් ලෙස ගණිකාව සරලව හැඳින්විය හැකිය. ගණිකා වෘත්තියේ ආරම්භය බෞද්ධ ඉතිහාසයටත් එහා ගිය දෙවකි. එදා මෙන්ම ස්ත්‍රිය තම ශරීර රූපස්වභාව ආභරණයක් කරගනිමින් මෙම කාර්යේ නිරත විය. ළදැරිය, තරුණිය, කාන්තාව, ගැහැනිය, මව,  යන මෙම හැම අනුවර්තන නාමයකින්ම අමතනුයේ එකම කොට්ඨාසයකි. නම් ගැහැනියටය, ස්ත්‍රියටය. එම ස්ත්‍රිය යන මූල්‍ය තුළ ජීවත්වන එක් කුලකයක් ලෙස ගණිකාව හැඳින්විය හැකිය. ඇයද ස්ත්‍රියකි. නමුත් මෙහිදී ඇයගේ ක්‍රියාකාලාපය රැකියාව මත ඇයව සමාජය හඳුන්වනුයේ ගණිකාව නමිනි.

වැටුණු වැහි බිඳු

Popular Posts